𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.

| | 0 Comments |

පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි. විශේෂයෙන්ම පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වඩාත් පුළුල් කරමින් ෆලුඩා රසැති නව අයිස්ක්‍රීම් රසයක්ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළේය.

මෙරටට කිරි නිෂ්පාදන ආනයන සීමා පැනවීමත් සමඟම පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වූ අතර එය ලාංකිකයින්ගේ පවුලේ අහාර පුරුදු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ අනුව පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට මූලිකත්වය ගත් අතර පාරිභෝගිකයින්ගේ රස නහර පිනා යන නවතම ෆලූඩා රසැති අයිස් ක්‍රීම් ද හඳුන්වා දුන්නේය.

පැල්වත්ත කිරි සමාගමේ  කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය, “පැල්වත්ත කිරි දේශිය සමාගමක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමේ වගකීම පිළිබඳව මේ කාලය තුළ වඩාත් හොඳින් අධ්‍යනය කිරීමට අපට හැකි වුණා. දිවයින පුරා ගොවීන් 10,000 කට අධික සංඛ්‍යාවක් සහ දැවැන්ත බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන පැල්වත්ත විශාලතම දේශීය කිරි නිෂ්පාදකයා බවට පත්වී තිබෙනවා. අපි මෙම කර්මාන්තය තුළින් රට කිරියෙන් ස්වයංපෝෂිත කරමින් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටිනවා”

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් අක්මාල් මහතා මෙසේද පැවසීය.“ අප පසුගිය කාලය පුරා දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්නුම් කරනු ලැබුවේ එය ජාත්‍යන්තර වෙළඳ සීමාවන්ගෙන් රට ආරක්‍ෂිතව තබා ගන්නවා පමණක් නොව දේශීය ජීවනෝපාය මාර්ග සහ ප්‍රජාවන් ද දියුණු කිරීමට ද උපකාරී වන නිසා. ඒ අනුව අපගේ මෙම දායකත්වය පාරිභෝගිකයින්ගේ පෝෂණ අගය ඉහළ නැංවීමට මෙන්ම රටේ දළ දේශීය නිෂ්පාදිතයට ද යහපත් බලපෑමක් ඇති කරනු  ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දේශීය කර්මාන්තයන්ට ද ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටීමට ද  අපි මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.”

මෙම වසංගත තත්ත්වය තුළ දී පවා පැල්වත්ත කිරි වෙළඳ සැල් සියල්ලම විවෘතව පැවති අතර කිරි නිෂ්පාදන සෑම විටම අලෙවිසැල් තුළ තිබේද යන්න තහවුරු කිරීමට  කටයුතු කෙරිණි. සැපයුම්දාමය දිරිමත් කර ඇති අතර ඉල්ලුමට සරිලන සැපයුම තවදුරටත් පවත්වා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. මේ මොහොතේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම හේතුවෙන් කිසිදු පාරිභෝගිකයෙකුට හෝ ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදු නොවීම සඳහා සමාගම විසින් අමතර තොග වෙළඳ පොළට නිකුත් කිරීමට ද කටයුතු කර තිබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

GlobalData and Huawei Release the High-Stability Core Network White Paper Unveiling the First Core Network Reliability StandardGlobalData and Huawei Release the High-Stability Core Network White Paper Unveiling the First Core Network Reliability Standard

During the 2023 5G Core Network Summit, GlobalData, a world-renowned consulting firm, released the High-Stability Core Network White Paper together with AIS, Entel, Sunrise, Türk Telekom, and Huawei. The white