𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz කොහොඹ සහ සඳුන් සාරය මුසුකල නව බේබි ෂෙරමි හර්බල් කොලෝන් දැන් වෙළඳ පොළේ

කොහොඹ සහ සඳුන් සාරය මුසුකල නව බේබි ෂෙරමි හර්බල් කොලෝන් දැන් වෙළඳ පොළේ

| | 0 Comments |

දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  බේබි ෂෙරමි, උසස්ම තත්වයේ නිෂ්පාදන වෙළඳ පොළට දායාද කරන සාඩම්බර දේශීය සන්නාමයක්. දරුපැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළ වෙත පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත. 

බේබි ෂෙරමිහි නවතම හඳුන්වා දීම වන කොහොඹ සහ සඳුන් සාරය මුසුකල බේබි ෂෙරමි හර්බල් කොලෝන්, 100% ස්වභාවික කොහොඹ සහ සඳුන් ශාක සාරයන් භාවිත කරමින්, දේශීය හා විදේශීය තත්ත්ව ප්‍රමිතීන්ට අනුගත වෙමින්, IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කරමින් නිපදවා ඇත.

දරුවාගේ මුල් සංවර්ධන අවදිය තුල දෙමව්පියන් විසින් පැටියාගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දරුවාට හොඳම තත්ත්වයේ ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා  ගැනීමට දෙමව්පියන් ක්‍රියා කරයි.  ඈත අතීතයේ සිටම ආදරණීය දෙමව්පියන් විසින් ස්වභාවික ශාක සාර අමුද්‍රව්‍යන් පැටියාගේ සම පිරිසිදු කිරීමට මෙන්ම ආරක්ෂා කිරීමට භාවිත කළා. එලෙසම වර්තමාන දෙමව්පියන්ද පැටියාගේ ආරක්ෂාව පිළිබඳ සලකමින් ස්වභාවික ශාක සාර අමුද්‍රව්‍ය මුසුකරමින් සැකසූ ළඳරු නිෂ්පාදන භාවිත කිරීමට ඉහළ කැමැත්තක් දක්වන බව පෙනී යනවා. 

ප්‍රමුඛ ශ්‍රී ලාංකේය සන්නාමයක් වශයෙන් බේබි ෂෙරමි සිය නිෂ්පාදන හඳුන්වා දීම් සිදු කිරීමේදී, ස්වභාවික ශාක සාර භාවිතය පිළිබඳ ඉහළ අවධානයකින් යුතුව ක්‍රියා කරයි. මව්පියවරුන් ඉහළ කැමැත්තක් දක්වන මෙම ශාක සාර අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන සංවර්ධන මඟෙහි එක් පියවරක් පසු කරමින් ඉහළ තත්ත්ව ප්‍රමිතීන්ට අනුව, දරු පැටවුන් වෙනුවෙන් උසස් තත්ත්වයේ  හර්බල් සබන් වෙළඳ පොළට හඳුන්වා දීමට ද බේබි ෂෙරමි ක්‍රියා කලා.  එහිදී හඳුන්වා දුන් නවතම හර්බල් බේබි සබන් නිෂ්පාදන වන පොකුරු වද සහ සඳුන් සුව ගුණ දෙගුණය සහිත බේබි ෂෙරමි හර්බල් බේබි සබන් බිළිඳාගේ සිනිඳු සම මෘදුව පිරිසිදු කර සමෙහි සිසිලස හා තෙතමනය රැඳවීමටත්, කොහොඹ සහ වෙනිවැල් සාරය සපිරි බේබි ෂෙරමි හර්බල් බේබි සබන් බිළිඳාගේ සිනිඳු සම විෂබීජ වලින් ආරක්ෂා කිරීමටත්, පිච්ච සහ වද කහ සාරය සපිරි බේබි ෂෙරමි හර්බල් බේබි සබන් රන්කැටියාගේ සම විෂබීජවලින් ආරක්ෂා කරමින්, මෘදු සහ තෙතමනය සහිත නිරෝගී සමක් ලබා දීමටත් උපකාරී වේ.  

නවතම කොහොඹ සහ සඳුන් සාරය මුසුකල හර්බල් කොලෝන් දරු පැටියාට මෙන්ම ඔහු හෝ ඇය වටා සිටින ආදරණීයන් ද නැවුම් ශාක සාර සුවඳකින් දවස පුරා ප්‍රබෝධමත් කරයි.  මෙම නවතම හර්බල් බේබි කොලෝන් හඳුන්වා දීම පිළිබඳ සිය අදහස් දක්වමින් බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිණී දනුෂ්කා සිල්වා මහත්මිය මෙලෙස පවසයි. “දශක හයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන් අතර විශ්වාසනීය සන්නාමයක්  වූ බේබි ෂෙරමි, දරු පැටවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන සන්නාමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.  අපගේ විශ්වාසනීය පාරිභෝගිකයින් දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සැකසු නිෂ්පාදන වෙත දැඩි කැමැත්තක් සහ ආදරයක් දක්වන බව අපට පෙනී යනවා. ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා ගැළපෙන නවෝත්පාදන සිදුකිරීමට බේබි ෂෙරමි ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරන අතර, නවතම හර්බල් කොලෝන් එම ප්‍රයත්නයේ තවත් එක් සුවිශේෂී හඳුන්වා දීමක්.  අපට සෑමවිටම වැදගත් වන්නේ දරුපැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව, ඒ වෙනුවෙන් ඉහළ ප්‍රමිතිගත නිෂ්පාදන ඔබ වෙත ඉදිරියේදීත් දායාද කිරීමට අප කැපවී සිටිනවා.” 

බේබි සබන්, ෂැම්පු, බේබි ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි.  තවද, බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට  හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර,   IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.  ශ්‍රී  ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ,  ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය.  බේබි ෂෙරමි පිළිබඳ වැඩි දුර විස්තර සඳහා www.babycheramy.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයිDIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර

Hemas Consumer Brands (HCB) donated to the Sarvodaya Shramadana Movement’s Disaster Management Unit to aid flood victims in the North-East.Hemas Consumer Brands (HCB) donated to the Sarvodaya Shramadana Movement’s Disaster Management Unit to aid flood victims in the North-East.

Hemas Consumer Brands (HCB) partnered with the Disaster Management Unit of the Sarvodaya Shramadana Movement to donate Fems Sanitary Napkins, Baby Cheramy Soap, Kumarika Shampoo & Velvet Soap for families affected