𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්

පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම කිරි නිෂ්පාදන තුළින් පෝෂණය ලබා දීමේ කාර්යයෙන් තවත් ඉදිරි පියවර තබමින් ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව පුහුණුව හා සහය ලබා දීම හරහා ඔවුන්ගේ සහ සමස්ත රටේම ආර්ථිකය සවිබල ගැන්වීමට ක්‍රියා කරයි. ඒඅනුව පැල්වත්ත සමාගම විසින් තිරසාර කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදන සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ගැටළු විසඳීමට මේ වන විට  පියවර ගනිමින් සිටින අතර රසායනික ද්‍රව්‍ය පදනම් කරගත් පොහොර නිසා ඇති වන දරුණු ප්‍රතිවිපාක වන පාංශු හානිවල සිට වකුගඩු රෝග දක්වා වූ ගැටළු මඟහරවා ගැනීමට එමඟින් අපේක්ෂා කෙරේ.

පැල්වත්ත සමාගම තිරසාර සංවර්ධනයක සහ සවිබල ගැන්වීමක නියැලීමේ අපේක්ෂාව ඇතිව නව පැල්වත්ත කාබනික පොහොර (කොම්පෝස්ට්) ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පැල්වත්ත කොම්පෝස්ට් නිෂ්පාදනය කරනු ලබන්නේ ගුණාත්මකභාවය සහතික කරන ලද කාර්මික හා දෙපාර්තමේන්තු ප්‍රමිතීන්ට අනුකූලය. මෙම නව නිෂ්පාදනය තුළින් සමාගම ආහාර නිෂ්පාදනයේදී රසායනික පොහොර භාවිතය හා ඒවායේ බලපෑම අවම කිරීමට උත්සාහ දරන අතරම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ වේගවත්  බවක් ද ඇති වේ. මෙහිදී විවිධ ප්‍රමාණයෙන් ඇසුරුම් කරන ලද කොම්පෝස්ට් ලබා ගැනීමේ හැකියාව ඇති බව පැල්වත්ත සමාගම සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද තිරසාර ආහාර සංවර්ධන වැඩසටහනේ සහය හා උපදේශනය ඇතිව පැල්වත්ත සමාගම විසින් 2018 ඔක්තෝම්බර් මාසයේදී වලුගොල්ල පිහිටි සිය කිරි ගොවිපලෙහි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. වලුගොල්ල ගොවිපල ගව අභිජනනය, ගොවි පුහුණු වැඩසටහන් සඳහා භාවිත කෙරෙන අතර වත්මනෙහි කාබනික කොම්පෝස්ට් නිෂ්පාදනය ද ආරම්භ කර තිබේ.

පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්  කාබනික කොම්පෝස්ට් පොහොර භූමියට ඉතා හිතකර වන අතර පසෙහි සමතුලිත බව, සාරවත් පොහොර ලෙසඅත්‍යවශ්‍ය හියුමස් හෝ අම්ල එකතු කිරීම, පස සඳහා ස්වාභාවික පළිබෝධ නාශකයක් වීම ආදී බොහෝ ආකාරවලින් ක්‍රියාකාරිත්වයක් ලබා දේ.

පැල්වත්ත කිරි නිෂ්පාදන ගොවිපල කළමනාකරු චමිල රාජපක්ෂ මහතා නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “අපි නිර්දේශිත අමුද්‍රව්‍ය භාවිතා කරන අතර නිෂ්පාදන ක්‍රියාවලියේදී සියලු මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික වනවා. නිෂ්පාදනය සඳහා අපි ගව අපද්‍රව්‍ය, කුකුළු අපද්‍රව්‍ය, පාවිච්චි කළ තේ කොළ, ශාක අපද්‍රව්‍ය, කාබනීකෘත දහයියා සහ එප්පාවල රොක් පොස්පේට් (ඊආර්පී) භාවිතා කරනු ලබනවා. ශාක අපද්‍රව්‍ය පමණක් භාවිතා කරන අනෙකුත් කාබනික පොහොරවලට වඩා අපගේ මෙම ක්‍රියාවලිය සුවිශේෂීවනවා. උසස්ම තත්ත්වයේ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීම සහතික කිරීම කෙරෙහි පැල්වත්ත සමාගම දැඩි උනන්දුවක් දක්වන අතරම ඵලදායි හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ අවශ්‍යතාව ද පෙන්වා දෙනවා. ඒ වගේම, එහි ප්‍රමිතීන් යළිත් තහවුරු කරමින් පැල්වත්ත කොම්පෝස්ට් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කාබනික පොහොර සඳහා විශේෂ ඒකකයේ ලියාපදිංචි කර තිබෙනවා.”

කෘෂිකාර්මික කටයුතුවලදී කාබනික කොම්පෝස්ට් භාවිතා කරන ලෙස රජය ලබා දුන් උපදෙස්වලට අනුව පැල්වත්ත කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඒ ප්‍රධාන වශයෙන්ම වියලි කලාපය ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙමින් සිටී අවස්ථාවක් වූ අතර ඒ සඳහා කාලයක් තිස්සේ රසායනික පොහොර බහුලව භාවිතා කිරීම හේතුවන්නට ඇති බවට කරුණු ඉදිරිපත් විය.

රසායනික පොහොර මෙන් නොව කාබනික කොම්පෝස්ට් පස පෝෂණය කරන අතර සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි. එය සාමාන්‍ය යහපැවැත්මට විශාල වටිනාකමක් ගෙන දීම හේතුවෙන්  ශ්‍රී ලංකා රජය කාබනික පොහොර භාවිතය මහා පරිමාණයෙන් ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළේය. ඌව සහ මධ්‍යම පළාත්වලින් කාබනික පොහොර සඳහා වැඩි ඉල්ලුමක් පවතී. මූලික වශයෙන් එළවළු වගාව සහ උද්‍යාන සඳහා පවතින අතර ගෙවතු වගාව, භූමි අලංකරණය සහ නාගරික කෘෂිකර්මාන්තය වැනි අවශ්‍යතා සඳහා ද ප්‍රයෝජනවත් වේ.

පැල්වත්ත කාබනික කොම්පෝස්ට් පොහොර නුදුරේදීම කෘෂිකාර්මික වෙළඳසැල්වලින් සහ දිවයින පුරා පැල තවාන්වලින් ලබා ගත හැකි අතර, එය දැනට බස්නාහිර පළාතේ සියලුම පැල්වත්ත කිරි අලෙවිසැල් වලින් කිලෝග්‍රෑම් 40, කිලෝග්‍රෑම් 20, කිලෝග්‍රෑම් 10 සහ කිලෝග්‍රෑම් 5 ක බැගින් වූ  ඇසුරුම්වලින් පිළිවෙලින් රු. 800 / -, රු. 500 / – රු. 250 / – සහ රු. 150 / – මිල ගණන් යටතේ ලබා ගැනීමේ අවස්ථාව තිබේ. වැඩි විස්තර සඳහා කරුණාකර 0712991603 අමතන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Technomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® HonorsTechnomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® Honors

Technomedics International (Private) Limited, a leading provider of medical and healthcare solutions in Sri Lanka, is proud to announce a significant achievement at the 2024 National Business Excellence Awards (NBEA).   

Pelwatte தயாரிப்புகள் தற்போது இலங்கையின் முன்னணி சுப்பர்மார்க்கெட்டுக்களிலும் கிடைக்கின்றனPelwatte தயாரிப்புகள் தற்போது இலங்கையின் முன்னணி சுப்பர்மார்க்கெட்டுக்களிலும் கிடைக்கின்றன

இலங்கையின் உயர் தர பாலுற்பத்தியாளரான Pelwatte Dairy Industries, தனது தயாரிப்புகள் பலவற்றை தற்போது நாட்டின் முன்னணி சுப்பர்மார்க்கெட்டுகளுக்கு கொண்டு வந்துள்ளது.  பால், யோகர்ட், ஐஸ் கிறீம் உட்பட தனது ஆரோக்கியமான, புதிய தயாரிப்பு வரிசைகளுக்கு நன்கறியப்பட்ட இந் நிறுவனம் தனது