𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

| | 0 Comments |

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක.

මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දී ඇති නිසා වීඩියෝ සහ අන්තර්ගතයන් නැරඹීම  ඉතා පහසුවෙන් සිදු කර ගත හැක. චැට් කිරීම සහ ප්‍රමාණයෙන් විශාලපණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන මැසෙන්ජර් සඳහාද මෙමගින් අසීමිත ප්‍රවේශය ලබා දේ. තවද ශ්‍රී ලංකාව තුළ ඉතා පුළුල් ලෙස භාවිත වන වට්ස්ඇප් සඳහාද අසීමිත ප්‍රවේශයක් ලබා දෙන අතර අමතර data භාවිතයකින් තොරව voice සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට හැකි වීම තුළින් පරිශීලකයින්ට චැට් කිරීමේ වාසිය ද හිමිව ඇත.

“හච් හි මෙම නවතම දීමනා තුළින් ශ්‍රී ලාංකිකයන්ට දැන් ඔවුන්ගේ ජනප්‍රියම mobile apps සහ ඉතා ජනප්‍රිය ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහාද අසීමිත ප්‍රවේශයක් ලබා දීමට හැකිවීම පිලිබඳ අපි සතුටට පත් වෙන අතර එය අපගේ දැක්ම කරා යන ගමනේ අප ලද ජයග්‍රහණයක් සේ සලනවා.”සහකාර සාමාන්‍යාධිකාරී (ඩේටා වී.ඒ.එස් හා ඩිජිටල්) යාර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේය.

දින 30 ක අසීමිත සමාජ මාධ්‍ය සැලැස්ම  රු. 124 / – ක් සහ දින 7 සැලැස්ම රු. 54 / – වැනි පහසු හැකි මිලකට දැන් ලබා ගත හැක. මෙම සැලසුම්  සක්‍රීය කර ගැනීමට * 131 #  ඇමතීම, සැලසුම් වටිනාකම රීලෝඩ් කිරීම සහ  HUTCH self-care app යන ක්‍රම භාවිත කළ හැක.

මෙහි සුවිශේෂත්වය නම් 3G ජාලය සහ නවතම දැවැන්ත හා සමීප 4G ජාලය යන ද්විත්වයම භාවිත කරන දුරකථන පරිශීලකයන්ට මේ වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. සෑමවිටම සියලු ජාලයන් සඳහා ගැලපෙන අයුරින් තම නව නිෂ්පාදනයන් සහ සේවාවන් ලබාදීම හච්හි  විශේෂත්වයයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

விவசாய இரசாயனங்ளை தடை செய்வதற்கான அரசாங்கத்தின் முடிவை வரவேற்கும் Pelwatteவிவசாய இரசாயனங்ளை தடை செய்வதற்கான அரசாங்கத்தின் முடிவை வரவேற்கும் Pelwatte

அதன் அண்மைய சேதனப் பசளை தயாரிப்பு வரிசையின் மூலம் விவசாயிகளுக்கு உதவவும் உறுதிபூண்டுள்ளது இலங்கையின் பிரபல பாலுற்பத்தியாளரான Pelwatte Dairy, நாட்டில் ஆரோக்கியமான எதிர்கால தலைமுறையை உருவாக்கும் பொருட்டு அடுத்த பெரும் போகத்திலிருந்து இரசாயன உரங்களை தடை செய்வதற்கான அரசாங்கத்தின் நடவடிக்கையை

மாதவிடாய் ஏழ்மையை ஒழிக்கும் பயணத்தின் முதல் ஆண்டைக் கொண்டாடுகிறது Fems AYAமாதவிடாய் ஏழ்மையை ஒழிக்கும் பயணத்தின் முதல் ஆண்டைக் கொண்டாடுகிறது Fems AYA

Fems Aya திட்டமானது, Hemas Consumer Brands இனது பெண்களுக்கான சுகாதார பராமரிப்பு வர்த்தகநாமமான Fems இன் தேசிய அளவிலான முன்முயற்சியாகும். மாதவிடாய் சுகாதாரம் மற்றும் குறைந்த விலையிலான உயர்தர ஆரோக்கிய துவாய்களுக்கான சமமான அணுகலை வழங்குவதன் மூலம், மக்களிடையேயும் சமூகங்களிடையேயும்