𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි

Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක අත්හදා බැලීම්වලින් අනතුරුව ජූලි මැද භාගයේදී මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂිතය.

රෙදිවලින් සැකසූ අනෙකුත් මුඛ ආවරණ මෙන් නොව, මුළුමනින්ම ස්වභාවික මෙම මුඛ ආවරණය 100% ක්    ජාත්‍යන්තර ප්‍රතිචක්‍රීකරණ ප්‍රමිතියට (GRS) අනුව සහතික කරන ලද කපු වලින් නිමවා තිබෙන අතර, කසින විට හෝ කතා කරන විට මුවින් පිටවන වන කෙළ බිඳිති බැහැරට යාම එමගින් වැළැක්වේ. මෙම ස්වභාවික විෂබීජ නාශක මුඛ ආවරණය දෛනික භාවිතයට සුදුසු බව සනාථ කරමින්, මෑතක සිදු කරන ලද AATCC 100 ප්‍රති-ක්ෂුද්‍ර ජීවී රෙදිපිළි පරීක්ෂණ වලින් අනාවරණය වූයේ, ඒ සඳහා භාවිත කරන ලද තුල්සි සහ කොහොඹ නිස්සාරක බෝවන ශ්වසන රෝගවලට එරෙහිව ඉතාමත් ප්‍රතිඵලදායක බවයි.

මෙම මුඛ ආවරණය සකස් කර ඇති සරල නිමාව හේතුවෙන් එය පැළඳ සිටියදී ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඉතා පහසුය. ආසාත්මිකතාවලින් තොර බාහිර කපු ආවරණයකින් යුත් මෙම මුඛ ආවරණයේ පිටත විෂබීජ නාශක නිස්සාරක සහිත තවත් ලේයර දෙකකින් ආවරණය වී තිබේ. මේ හේතුවෙන් මුඛ ආවරඛණය පැළඳ සිටින විට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට හැකි  අතර, ලේයර තුනක් සහිතව නිපදවා ඇති නිසා, බාහිර පරිසරයට සෘජුව නිරාවරණය වීමේ ඉඩකඩද  සීමා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙන්ම, ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරියද නිර්දේශ කරන්නේ රෙදි යොදා නිමවනු ලබන මුඛ ආවරණ ප්‍රතිඵලදායී වීමට නම්, ස්ථර තුනක් තිබිය යුතු බවටයි.

“මුළු මහත් ලෝකයම කොරෝනා වෛරසය මර්දනය කිරීමට සටන් වැද සිටින පසුබිමක මුහුණු ආවරණ සඳහා ඇති ඉල්ලුම පෙර කිසිදු කලකට වඩා ඉහළ ගොස් ඇත. අප විසින් මෙම අවශ්‍යතාව හඳුනාගෙන විෂබීජ නාශක ගුණාංග සහිත මුඛ ආවරණයක් නිෂ්පාදනය කිරීම සඳහා සැලකිය යුතු කාලයක් හා සම්පත් යොදවා තිබෙනවා. මෙම මුඛ ආවරණය පැය 8-10 ත් අතර කාලයක් පැළඳ සිටීමටත්, 20 වතාවක් දක්වා නැවත නැවත සෝදා භාවිතයට ගැනීමටත් සුදුසුයි. දැනට පවතින සම්පත් සමග දේශීය වෙළෙඳ පොළේත්, ඇමරිකාවේ හා යුරෝපා වෙළෙඳ පොළේත් ඉහළම මුඛ ආවරණ ඉල්ලුමක් සපුරාලීමට Ocean Lanka සමාගම සූදානම්.” Ocean Lanka (Pvt) Ltd හි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සඳහන් කරයි.  

“මුඛ ආවරණ හා රෝහල් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම COVID-19 වසංගතය අතරතුර, වැඩිවන පාරිසරික ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අප සියලු දෙනාම පරිසර හිතකාමී ප්‍රවේශයන් කරා යොමු වීම අවශ්‍යයි. ඒ කාරණය අතින්, Ocean Lanka සමාගම මගින් නිෂ්පාදනය කරන සෝදා නැවත භාවිත කළ හැකි මුඛ ආවරණ, හොඳම පරිසර හිතකාමී විකල්පයක් ලෙසින් හැඳින්විය හැකියි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Unilever- Lever Ayush collaborates with Department of Ayurveda to foster traditional medicine as the Main Sponsor of AyurEx 2023Unilever- Lever Ayush collaborates with Department of Ayurveda to foster traditional medicine as the Main Sponsor of AyurEx 2023

Lever Ayush, a flagship brand of Unilever Sri Lanka, proudly partnered Department of Ayurveda’s AyurEx Colombo 2023 as the Title Sponsor for the International Conference focused on the promotion and