𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගමවන සදාහරිත වැවිලි සමාගම කොළඹ  One Galle Face හි ආරම්භ කරන ලද අගාවුඩ් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වන Oud Galleria වෙතින් ලොව අංක එකේ සුවඳ විලවුන් පෙළක් ඉදිරිපත් කරයි. ඒ අනුව ප්‍රංශයේ නිෂ්පාදිත ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් තෙල් වලින් නිෂ්පාදිත ලොව උසස්ම තත්ත්වයේ අධි සුඛෝපභෝගී සුවඳ විලවුන් රාශියක් Oud Galleria වෙතින් පිරිනමා ඇත.

අගාවුඩ් ශාක වලින් නිස්සාරණය කර ලබා ගන්නා අගාවුඩ් තෙල් ”liquid gold” ලෙස ලොව පුරා ප්‍රචලිතව ඇති අතර සදාහරිත Oud Galleria නිෂ්පාදනවල පදනම වන්නේ ද මෙම අගාවුඩ් තෙල්ය. මෙරට අගාවුඩ් ලෝව විශිෂ්ටතම Oud ප්‍රභවයක් ලෙස පිළිගැනෙන අතර සදාහරිත සමාගමේ 20 වසරක විශ්වසනීය විශේෂඥතාව හා තාක්ෂණික ඥානය සමඟ නිස්සාරණය කෙරෙන අගාවුඩ් තෙල් සඳහා සුවිශේෂී වටිනාකමක් හිමිව තිබේ..

සදාහරිත සමාගම් සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙම Oud Galleria පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ගෝලීය අගාවුඩ් කර්මාන්තයේ කුඩාම සන්ධිස්ථානය වන අගාවුඩ් බීජ මගින් පැල ලබාගෙන ඇරඹි සදාහරිත අගාවුඩ් ව්‍යාපාරය දැවැන්ත අගාවුඩ් වන වගාවක් ලෙස සංවර්ධනය කර අපගේම තාක්ෂණය මගින් අගාවුඩ් නිෂ්පාදනය කරමින් අද වන විට Oud නිමි නිෂ්පාදනකරණය දක්වා පැමිණි සුවිසල් ගමන් මග පිළිබඳව අපට ඇත්තේ විශාල සතුටක්. මෙලෙස අතිවිශිෂ්ට Oud අත්දැකීම් පාරිභෝගිකයන්ට ළඟා කර දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටු වනවා.”

Oud Galleria  සුවඳ විලවුන් වඩාත් ආකර්ෂණීය හා ඇදහිය නොහැකි හාත්පසම සුවඳවත් කරන පරිපුර්ණත්වයක් ගෙන එයි. එහිදී Oud සුවඳ හා මුසු වූ MAJESTIC, Frankincense, ROZA , සඳුන් හා Oud සංයෝග වූ CLOUDS,  ඉහළ Patchouli සංයෝගයක් සහිත ORYX, බල්ගේරියානු රෝස සුවඳ සහිත DESERT ROSE, දැවමය ප්‍රබල සුවඳක් ගෙනෙන OUD ROYAL සහ මින්ට්, කුරුඳු ආදී Oud සමඟ සංයෝග වූ සුවඳ වර්ග රාශියකින් යුත් සුවඳ විලවුන් Oud Galleria වෙතින් පාරිභෝගිකයන්ට පිරිනමයි. එලෙසම සදාහරිත විසින් හඳුන්වාදෙන පිරිසිදු Oud තෙල් ද පාරිභෝගිකයින්ට සුවඳින් පරිපුර්ණ වූ සුඛෝපභෝගී ජීවිතයට ආශ්වාදය ගෙන දෙයි.

මෙම අතිවිශිෂ්ට සුවඳ විලවුන් සහ අගාර්වුඩ් නිෂ්පාදන සියල්ලම කොළඹ One Galle Face හි විවෘත කර ඇති  Oud Galleria වෙතින් මිලදී ගත හැකිය. සැබෑ සුවඳ විලවුන් වල ආශ්වාදය ලබා ගැනීමටත් විලාසිතාවන්හි සැබෑම අසමසම වින්දනය සඳහාත් ඔබත් Oud Galleria වෙත පිවිසෙන්න.

Oud Galleria සහ සුවඳ විලවුන් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.oudgalleria.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ළමා ආරක්ෂණයට සැබෑ ලෙසම කැප වන්නැයි ‘ළමා හිංසනයට තිත පදනම’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයිළමා ආරක්ෂණයට සැබෑ ලෙසම කැප වන්නැයි ‘ළමා හිංසනයට තිත පදනම’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ අර්බුදය අවසන් කිරීම සඳහා කැප වන ලෙසට ‘ළමා හිංසනයට තිත පදනම’ (SCC) මගින් ජනාධිපති ගෝඨාභය

Study Group විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට පිවිසෙයිStudy Group විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට පිවිසෙයි

ByAuthor  Apr 8, 2022 ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group උතුරු ඇමරිකාවේ Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ නව හවුල්කාරීත්වයකට පැමිණි වග සතුටින් දැනුම් දෙයි. U.S. News  සහ World Report විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය ඉහල පෙළේ පොදු උසස් අධ්‍යාපන