𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

| | 0 Comments |

රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය COVID-19 හේතුවෙන් කෙටි විරාමයක් ලබා  නැවතත් 2022 ජනවාරි 12 වන දින කොළඹ ගලදාරි හෝටලයේ දී  2021 වසර සඳහා සම්මාන ප්‍රදානය කරමින් පවත්වන ලදී.

මෙහිදී  නිෂ්පාදන අංශයේ ව්‍යවසායකයෙකුට ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන්ගෙන් එකක් වන  Extra Large කාණ්ඩයේ ජාතික කුසලතා සම්මානයක් දිනාගැනීමට පැලවත්ත සමාගමට අවස්ථාව උදා විය. පළාත් 8 කට අධික සංඛ්‍යාවකින් සාර්ථකත්වය ගෙන දෙමින් පළාත් ලෝකඩ සම්මානය ද සමාගම විසින් දිනා ගන්නා ලදී. මේ සියල්ලටම අමතරව ව්‍යාපාරික විශිෂ්ටතා සම්මානයෙන් ද පිදුම් ලැබීමට ඔවුන්ට හැකි විය.

කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා එම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “CNCI Achiever සම්මාන පදනම් වී ඇත්තේ ව්‍යාපාරයක්, කර්මාන්ත  ප්‍රමිතීන් ඉක්මවා යන පරිදි  ආර්ථිකය  එහි පාර්ශවකරුවන් සඳහා කෙතරම් වගකීම් සහගත දායකත්වයක් ලබා දෙන්නේ ද යන්න මතයි. COVID-19 අවිනිශ්චිත කාල වකවානුව  තුල, මෙය ව්‍යාපාරවලට විශාල  අභියෝගයක් වුනා. කෙසේ වෙතත්, මේ සියල්ල හමුවේ වසර 3 ක් අඛණ්ඩව මෙම දැවැන්ත ජයග්‍රහණ ලබා ගැනීම ගැන මම අපගේ ව්‍යාපාරය සහ ඒ වටා සිටි සියලු දෙනා පිළිබඳව ඉතා ආඩම්බර වෙනවා”

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ මෙම සම්මාන යනු කර්මාන්ත ප්‍රමිතීන්හි විශිෂ්ටත්වයට පත්වීම සහ ප්‍රජාවගේ ප්‍රියතම සන්නාමය බවට පත්වීම යන පැල්වත්ත සතු අරමුණු සාක්‍ෂාත් වීම පිළිබඳව කදිම සාක්ෂින් බවයි.

CNCI සම්මාන යනු සංවිධාන විසින් අනුගමනය කළ යුතු දැඩි ප්‍රමිතීන්  සහ දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය, තිරසාර බව, පාරිසරික සංරක්ෂණය සහ තිරසාර කාර්මිකරණය වැනි සමාජ ආර්ථික සාධක සඳහා සංවිධානයක සමස්ත දායකත්වය දෙස අවධානය යොමු කරන නිර්ණායක සමූහයකි. මෙහිදී  රාජ්‍ය  සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම බොහෝ ව්‍යාපාර ඇගයීමට ලක් වූ අතර ඔවුන්ගේ කාර්යය සඳහා ගෞරවයටද පාත්‍ර විය.

මෙම උත්සවයට පැල්වත්ත කිරි සමාගම නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා, පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරු: සුනෙත් ගුණතිලක මහතා සහ මානව සම්පත් කළමනාකරු හර්ෂාන් ජීවකුමාර යන මහත්වරු සහභාගී විය.

CNCI සම්මාන උළෙලේ 3 වන වසර තුලද විශිෂ්ටතා පෙන්වන ලද  සමාගම එහි 4 වන වසර තුලදීද විශිෂ්ටතා පෙන්වමින් රටේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා ලෙස සිය ස්ථාවරය සලසා ගැනීමට අපේක්ෂා කරයි. මේ සියල්ලම,  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නැගී සිටීමට කර්මාන්ත සහ ගොවීන් සඳහා වේදිකාවක් තනා දෙන අතරම කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියට ඉහළම ප්‍රමිතීන්ගෙන් යුත් නිෂ්පාදන ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන අතරතුර සිදු කිරීමට නියමිතය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

DIMO extends longstanding partnership with HNB to enable customer-centric leasing solutions for DIMO CERTIFIED pre-owned vehiclesDIMO extends longstanding partnership with HNB to enable customer-centric leasing solutions for DIMO CERTIFIED pre-owned vehicles

DIMO, one of Sri Lanka’s leading conglomerates, has yet again demonstrated its strong commitment towards providing customer-focused service with its latest announcement of the partnership with Hatton National Bank (HNB)

“SHAKO” தலைக்கவசங்கள் தற்போது இலங்கையில் கிடைக்கின்றன“SHAKO” தலைக்கவசங்கள் தற்போது இலங்கையில் கிடைக்கின்றன

SLS சான்றளிக்கப்பட்ட SHAKO தலைக்கவசங்கள், 100% ஆராய்ச்சிக்குட்படுத்தப்பட்டு உலகளாவிய தரத்தின்படி தயாரிக்கப்படுகின்றன. குறைந்த எடை, வலுவான தன்மை, நீடித்த பாவனையுடனான SHAKO தலைக்கவசமானது, மேம்படுத்தப்பட்ட பாதுகாப்பிற்காக அதிக அடர்த்தி கொண்ட தடிப்பத்திலான EPS படையைக் கொண்டுள்ளது. கீறல் எதிர்ப்பு தொழில்நுட்பம் கொண்ட

පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයිපැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත්