𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz LPLT20 2021/22 නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි.

LPLT20 2021/22 නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි.

| | 0 Comments |

ලංකා ප්‍රිමියර් ලීග් (LPLT20) 2021/22 තරඟාවලියේ  නිල සනීපාරක්ෂක සහකරු ලෙස  Dettol තෝරාගෙන ඇත.2018දී ආරම්භ කරන ලද වාර්ෂික ලීගය 2020 දීත් පැවැත් වූ අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහිදී ජය හිමිකර ගන්නා ලදී. විෂබීජ නාශක පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන ඩෙටෝල් , ගෝලීය වශයෙන් කීර්තිමත්  සමාගමක් වන Reckitt හි නිෂ්පාදනයකි. සබන්, අත් සේදීමේ දියර , විෂබීජ නාශක දියර , මතුපිට පිරිසිදු කාරක  සහ අනෙකුත් පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු පුළුල් නිෂ්පාදන පෙළක්  Dettol වෙළද සන්නාමය සතුව  පවතී.

මෙම හවුල්කාරිත්වය මගින් රට පුරා සිටින සියලුම ක්‍රීඩා ලෝලීන්ගේ  ආරක්ෂාව  සහ සෞඛ්‍ය සම්පන්න බව සහතික කරයි. ඩෙටෝල් යනු පාරිභෝගික විශ්වාසය ඉතා ඉහලින් දිනා ගත්  වෙළෙද සන්නාමයක් වන අතර  එය සත්කාර කිරීමට  සහ ආරක්ෂාව සැපයීමට නිරතුරුවම කැප වී සිටින  සන්නාමයක් ලෙසද  හදුනා ගත හැකිය. LPL  දෙවන කාණ්ඩයෙහි  සාර්ථක බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමේ අවශ්‍යතාවය මෙම හවුල්කාරිත්වය මගින්  අවධාරණය කරයි.

සීමාසහිත Reckitt Benckiser Lanka  සමාගමේ අලෙවි ප්‍රධානී ශාමින්ද පෙරේරා මහතා මේ පිළිබඳව තම අදහස් මෙසේ පැවසීය  . “LPLT20 තරඟාවලියේ නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol  තේරී පත්වීම අපට සැබවින්ම වැදගත් අවස්ථාවක්. අංක එකේ විෂබීජ නාශක සන්නාමය ලෙස ඉදිරි ක්‍රීඩා ඉසව් සඳහා ද අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”

LPL හි සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ ප්‍රේක්ෂකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ රසවින්දනයයි. සියලුම ක්‍රීඩා ලෝලීන්ගේ  මෙන්ම ක්‍රීඩකයින්ගේ ද   සෞඛ්‍යාරක්ෂාව  තහවුරු කිරීමට Dettol නිරතුරු කැප වී සිටියි..

ක්‍රිකට් ක්‍රීඩාව  ඈත අතීතයේ පටන්ම  ශ්‍රී ලංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව බවට පත් වී ඇති අතර වර්තමාන වසංගත තත්ත්වය හමුවේ   ක්‍රීඩකයන්ගේ, නිලධාරීන්ගේ මෙන්ම  ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඉතා වැදගත් වේ.මේ හේතුව නිසා, තරඟාවලිය සහ ඊට අදාළ සියලුම ක්‍රීඩාංගණ දැඩි සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශයන්ට  අනුකූලව පවත්වනු ලැබේ.

LPL සංවිධායක කමිටුව විසින්  සහභාගී වන සියලු දෙනාගේම ආරක්ෂාව අධීක්ෂණය කිරීම සඳහා විශේෂ  වෛද්‍ය කණ්ඩායමක් එක් කර ඇත. ජනතාවගේ   ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් වඩාත් විශ්වාසදායක සන්නාමය වශයෙන් Dettol  හදුනා ගත හැකි  අතර මෙම කාර්යය සාර්ථකව සිදු කිරීම සඳහා, වෛද්‍ය කණ්ඩායමට හැකි උපරිම සහාය දැක්වීමට  Dettol අපේක්ෂා කරයි.

සීමාසහිත Reckitt Benckiser Lanka  සමාගමේ නිෂ්පාදන සමූහ වෙළද නාම කළමනාකාරිනී චතුරිකා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසීය.”දැනට පැවැත්වෙන LPLT20 තරඟාවලිය සඳහා නිල සනීපාරක්ෂක සහකරු ලෙස අපව තෝරා ගැනීම පිළිබඳව SLC සහ LPLT20 නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.අපි ප්‍රේක්ෂකයින් සඳහා අත් සෝදන මධ්‍යස්ථාන 20කට අධික ප්‍රමාණයක්  සියලුම පිවිසුම් දොරටු අසල  ස්ථාපිත කරලා තියෙනවා ඒ වගේම  විෂබීජ නාශක ඒකක  ක්‍රීඩකයින්ගේ විවේකාගාර මෙන්ම තෝරාගත් මහජන නැරඹුම් ස්ථාන වැනි උපාය මාර්ගික ස්ථානවල භාවිතය සඳහාද  තබා තියෙනවා.මීට අමතරව, Dettol විසින් තරඟාවලිය පුරාම සියලුම විනිසුරුවන්ට පුද්ගලික අත්පිස්නා  සහ පුද්ගලික විෂබීජ නාශක දියර සපයා තියෙනවා.

 දේශීයව සහ ගෝලීය වශයෙන් සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛයා ලෙස නමක් දිනා සිටින Dettol LPLT20 තරඟාවලිය සඳහා නිල සනීපාරක්ෂක සහකරු ලෙස තෝරා ගැනීමම Dettol නිෂ්පාදනයන්හි ගුණාත්මක බව තව තවත්  සනාථ වනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ස්වදේශී කොහොඹ 08වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.ස්වදේශී කොහොඹ 08වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ

பாற்பண்ணையாளர்களுக்கு தொடர்ந்து ஆதரவளிக்கும் Pelwatte Dairy சம்பந்தப்பட்ட அதிகாரிகளின் ஒத்துழைப்பையும் கோருகின்றதுபாற்பண்ணையாளர்களுக்கு தொடர்ந்து ஆதரவளிக்கும் Pelwatte Dairy சம்பந்தப்பட்ட அதிகாரிகளின் ஒத்துழைப்பையும் கோருகின்றது

தேசத்தின் முன்னணி பாலுற்பத்தி நிறுவனமான Pelwatte Dairy Industries, பாற்பண்ணைச் சமூகத்திற்கு நெருக்கடியை ஏற்படுத்தியுள்ளதாகக் கூறப்படும் மஹா ஓய நிலப்பிரச்சினையில் பாற்பண்ணையாளர்களுக்கு தனது ஆதரவை தெரிவித்துள்ளது. இதனோடு தொடர்புடைய அனைத்து பங்குதாரர்களின் ஒத்துழைப்பு மற்றும் அர்ப்பணிப்புடன் ஒரு பேண்தகு மூலோபாயத்தை உருவாக்கவும்,

இலங்கையர்களுக்கு உள்நாட்டு மொழியிலான ஸ்மார்ட்போன் கீபோர்ட்களை அறிமுகப்படுத்த Bobble AI உடன் கைகோர்த்த HUTCHஇலங்கையர்களுக்கு உள்நாட்டு மொழியிலான ஸ்மார்ட்போன் கீபோர்ட்களை அறிமுகப்படுத்த Bobble AI உடன் கைகோர்த்த HUTCH

இலங்கையில் முதற்தடவையாக உலகளவில் மில்லியன் கணக்கான பாவனையாளர்களினால் நம்பப்படும் நவீன ஸ்மார்ட்போன் கீபோர்ட் தீர்வுகளை வழங்கும் உலகின் முதல் உரையாடல் ஊடக தளமான Bobble AI உடன் கைகோர்ப்பதாக HUTCH இன்று அறிவித்தது. இந்த அறிமுகத்தின் மூலம், இலங்கை முழுவதும் உள்ள