𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර්ස් සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ එක්ව වැසි වනාන්තර සුරැකීමේ වැඩසටහනක් දියත් කරයි

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර්ස් සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ එක්ව වැසි වනාන්තර සුරැකීමේ වැඩසටහනක් දියත් කරයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් ආයතනය විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්,  ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ ‘ සමඟ වූ සහයෝගිතාවය ඔස්සේ අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කිරීමේ නිල උත්සවය මෑතක දී හේමාස් කන්සියුමර් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහනේ දිගුකාලින ප්‍රධාන මෙහෙයුම්කරුවන් ලෙස හේමාස් කන්සියුමර්  ආයතනයෙහි ප්‍රමුඛතම පාරිභෝගික සන්නාම ද්විත්වයක් වන බේබි ෂෙරමි සහ කුමාරිකා, අනාගත පරම්පරාවන් උදෙසා වන සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කිරීමට කැප වී ක්‍රියා කරයි.

මෙම  වැඩසටහනේ පළමු අදියර ලෙස බේබි ෂෙරමි සහ කුමාරිකා, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ එක්ව 15,000ක රුක් රෝපණය කිරීමේ  ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 12 වන දින පැළ දහසක් රෝපණය කරමින් බලංගොඩ දි ආරම්භ කරන ලදී.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ආයතනය සහ Atlas Axillia  හි සේවය කරන සාමාජිකයන්ගේ ස්වේච්ජා දායකත්වයෙන් මෙය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, හේමාස් Outreach  පදනමේ ග්‍රීන් ක්ලබ්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමගින් වන සංරක්ෂණ නිලධාරීන්, අලෙවි බලකායේ නිලධාරීන්, ප්‍රාදේශීය වෙළඳ මහතුන් සහ ගම්වාසීන්ගේ මැදිහත්වීම සමඟ කණ්ඩායම් සහයෝගී ප්‍රයන්තයකට එක් වෙමින්  ඔවුන් සියලු දෙනා  රුක් රෝපණය සඳහා දායකත්වය ලබා දෙන ලදි.

අස්මාරා මන්නන් පෙරේරා මහත්මිය “මෙසේ රුක් රෝපණ කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අදියරක් පමණයි. මෙම වැසි වනාන්තර කලාපයේ නැවත වන වගාව තුළින් මෙම ප්‍රදේශයට ආවේණික ශාක දෙකක් වන ඇටඹ සහ බිං කොහොඹ යන ශාක ආරක්ෂා කර ගැනීමට හැකි වීම පිළිබඳ අපි සතුටට පත් වෙනවා.  අපගේ සුන්දර රටේ ජෛව විවිධත්වය, සංරක්ෂණය සහ  ආවේණික ජීවී විශේෂ රැක ගැනීම සඳහා අපි කැප වී සිටින්නෙමු” යනුවෙන්  මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් දක්වා සිටියාය.

ජෛව විවිධත්ව හා ජල පෝෂක සංරක්ෂණ හා වන සංරක්ෂක, නිශාන්ත එදිරිසිංහ මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිය අදහස් දැක්වූයේ “රජවක ප්‍රදේශය සෑම විටම ලැව් ගිනිවල බලපෑමට ලක් වෙනවා, මෙම ව්‍යාපෘතිය නව වෘක්ෂ සහ වනාන්තර වැඩීමට පමණක් නොව පවතින වනාන්තර ප්‍රදේශ රැක ගැනීමට ද උපකාර කරනවා, ප්‍රදේශයට ආවේණික වූ ශාක සහ සතුන් විශේෂ රැක ගැනීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර කරනවා,  මෙවන් ව්‍යාපෘති ඔස්සේ මෙම ප්‍රදේශවලට  විඳීමට සිදු වන දුෂ්කරතා  පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් වීමට තව තවත් නිලධාරීන් දිරිමත් කරනු ඇත. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට   මුලිකත්වය ගැනීම වෙනුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ආයතනයට සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය වෙත මම ඉතාමත් ස්තූතිවන්ත වන අතර, අනාගතයේ දී සහයෝගීව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන් යනු, ශ්‍රී ලංකාවේ වන විමර්ශන, වන සංරක්ෂණ දැනුවත් කිරීමේ ව්‍යාපාර, ප්‍රතිසංස්කරණ කටයුතු සහ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කැප වෙමින් සිටින ස්වේච්ඡා සහ අනුග්‍රාහකයන් පිරිසකි. පාරිසරික සංවිධානයක් වන මොවුන් සිංහරාජ සහ කන්නෙලිය වැසි වනාන්තර ඇතුළු පරිසර පද්ධති කිහිපයක්  සහ එහි  පර්යන්ත වැසි වනාන්තර  ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව නිරත වී ඇත.

බේබි ෂෙරමි සහ කුමාරිකා  ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නෝ සමඟ එක්ව කටයුතු කිරීම, ඉදිරි අනාගතය වෙනුවෙන් වන  සංරක්ෂණය සහ වනාන්තර ප්‍රදේශ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා මහඟු තෝතැන්නක් වනු නොඅනුමානය. එමෙන්ම තවත් බොහෝ ව්‍යාපෘති බිහි වීමට මෙම මුල පිරීම  උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය විසින් දිගු කාලීන ප්‍රයත්නයන් ඔස්සේ මෙහෙයවීමට ද කටයුතු කරයි.

පරම්පරා ගණනාවක් පුරා  ශ්‍රී ලාංකේය විශ්වාසය දිනා ගත් කුමාරිකා සහ බේබි ෂෙරමි යන සන්නාම ද්විත්වයම  සෞඛ්‍ය සම්පන්න ජීවන සංකල්පයේ  පුරෝගාමීන් සහ ප්‍රජාව විසින් මෙහෙයවන මුල පිරීම් වෙනුවෙන් කැප වී ඇත.

Short Version

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පිළිබඳව

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Photo Caption:

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  15,000 රුක් රෝපණය කරන අවස්ථාවේ දී

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Singer Fashion Academy இன் பெஷன் டிசைனிங் சான்றிதழ் கற்கைக்கான விண்ணப்பங்கள் கோரல்Singer Fashion Academy இன் பெஷன் டிசைனிங் சான்றிதழ் கற்கைக்கான விண்ணப்பங்கள் கோரல்

60 ஆண்டுகளுக்கும் மேலாக இயங்கி வரும் Singer Fashion Academy, இலங்கையின் பெஷன் துறையில் மிகவும் விரும்பப்படும் தகுதியான தனது பெஷன் டிசைன் சான்றிதழ் கற்கை நெறிக்கு மாணவர்களை இணைத்துக்கொள்ளும் பொருட்டு விண்ணப்பங்களை கோரியுள்ளது. இது ஐக்கிய இராச்சியத்தில் உள்ள Chartered