𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි සමාගම දේශීය ඉල්ලුම සැපිරීමට නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි.

පැල්වත්ත කිරි සමාගම දේශීය ඉල්ලුම සැපිරීමට නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි.

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමත් ගොවි ප්‍රජාවට සහය දැක්වීම මෙන්ම රටේ ආර්ථිකයට ආධාර කිරීමත් මෙම සැලසුම හරහා සිදු කෙරෙනු ඇත.

පැල්වත්ත කිරි සමාගම 2006 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ආර්ථිකයට රු බිලියන 50 කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දී ඇත. මේ හරහා කිරි ගොවීන්ට ඔවුන්ගේ පවුල් වලට සහ මුළු මහත් ජාතියටම සහයෝගය දක්වමින් පැල්වත්ත කිරි සමාගම සුවිසල් සමාජ ආර්ථික වටිනාකමක් ළඟා කර දී තිබේ.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ආනයන සීමා පැනවීමත් සමඟ රට තුල උද්ගතව ඇති කිරි ආහාර හා නිෂ්පාදන සොයා ගැනීමේ අසීරුතාව පිළිබඳව සමාගම විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අනුව පැල්වත්ත කිරි සමාගම රටට අවශ්‍ය ප්‍රමාණවත් කිරි නිෂ්පාදනයක් කිරීමේ නව වැඩ පිළිවෙලක නිරතව සිටි. එමගින් දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට සහ දේශීය කිරි ගොවීන්ගේත්, සහායක කර්මාන්තයන්ගේ සහ ජනතාවගේත් සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හැකි වෙතැයි සමාගම විශ්වාසය පල කරයි.

මෙම වැඩ පිළිවෙල යටතේ කිරි වල ගුණාත්මකභාවය සහ ගවයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සහතික කරමින් ගොවීන්ට ගව මඩු තැනීම සඳහා ආධාර ලබා දීමටත් කිරි ගොවීන්ට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබා දීමටත් සමාගම පියවර ගෙන ඇත.  කිරි කර්මාන්තය ආශ්‍රිත ජනතාවට ගොවි බිම් ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ රජයේ දෙපාර්තමේන්තු සම්බන්ධ කරමින් නිරාකරණය කර දීමේ වැඩපිළිවෙලට ද පැල්වත්ත සමාගම සහාය දැක්වීය. එසේම කිරි දෙවීමේ සිට සිසිලනය දක්වා වූ ප්‍රවාහන හා නිෂ්පාදන දාමයේ ආරම්භයේ සිට අවසානය දක්වා නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටද සමාගම සහය දක්වා තිබේ. මේ අතර කර්මාන්තයේ සහායක සේවා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට ද සමාගම පියවර ගෙන ඇත. මේ සියල්ල ඉදිරි මාසවලදී කිරි කර්මාන්තයේ නිෂ්පාදනය හා වර්ධනය වැඩි කිරීම සඳහා උපයෝගී වනු ඇත.

පැල්වත්ත කිරි සමාගමේ  කළමණාකරන අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය, “දේශීය කිරි නිෂ්පාදනයේ පෙරගමන්කරු වශයෙන් කිරි නිෂ්පාදන සොයා පැමිණෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හිස් අතින් ආපසු නොයෑවීමට අවශ්‍ය වැඩ පිළිවෙල කඩිනමින් සකස් කිරීමට අප බලාපොරොත්තුවනවා. නිෂ්පාදනය පුළුල් කිරීම, සැපයුම් වැඩි දියුණු කිරීම සහ පැල්වත්ත කිරිවල පවතින ගුණාත්මකභාවය සැමවිටම ආරක්ෂා කර ගැනීමට ද අප මෙහිදී වඩාත් අවධානය යොමු කෙරෙනවා. ඒ වගේම සමාජ ආර්ථික ප්‍රමිතීන් ඉහළ නැංවීම කෙරෙහි අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයින්ගේ සහ කිරි ගොවීන්ගේ මෙන්ම කිරි කර්මාන්තයට අදාළ සහායක කර්මාන්තකරුවන්ගේත්  ජිවන තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා අපි ආයෝජනයන් සිදු කර තිබෙනවා.”

පැල්වත්ත සමාගම දැඩි ලෙස මාර්ගෝපදේශන අනුගමනය කරමින් කිරි ගොවීන්ගෙන්  කිරි ලබා ගන්නා අතර එහි ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂාව නොවෙනස්ව පැවතීම සඳහා පරීක්ෂණ සිදු කරයි. පැල්වත්ත කිරි කර්මාන්තශාලාව ආශ්‍රිත ප්‍රදේශයේ පවුල් 1000 කට අධික සංඛ්‍යාවකගේ ජීවනෝපාය මාර්ගය මෙය පමණක් වන අතර සියළුම කුඩා පරිමාණ ගොවීන්ට සහ පෞද්ගලික ගොවිපලවල් සඳහා ස්ථිර ගැණුම්කරුවෙකු වශයෙන් කිරි මිලදී ගන්නා බවට සමාගම සහතික වේ. එසේම ඔවුන්ගේ නිෂ්පාදන සැමවිටම තරඟකාරී මිලක් ලබා දීමටද සමාගම නිරතුරුව කටයුතු කරයි.

සමාගම සම්පත් ඵලදායිතාව, ධාරිතා වර්ධනය සඳහා විශාල ලෙස ආයෝඡනය කරන අතර ගව පෝෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් නිතිපතා සිදු කරයි. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින ගොවීන්ට පුහුණු වැඩ සටහන් වලට සහභාගී වීමට හා නැරඹීමට ආරාධනා කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ. ඉහළ පුහුණුව ලත් ගොවිපල වෘත්තිකයින් විසින් ගොවීන්ට ඔවුන්ගේ පුළුල් තණබිම් වල වගා කරන ලද ආහාර භාවිතා කරමින් පෝෂණ සංයෝජන සමඟ විවිධ පෝෂක වල ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව නව දැනුම බෙදා දෙයි.

ශ්‍රී ලාංකික ජාතිය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම පැල්වත්ත සමාගමේ මුලික මෙහෙවර වනවා සේම කිරි ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන්ට සහ පවුල්වලට අසීමිතව ආධාර උපකාර ලබා දෙමින් ඔවුන් සවිබල ගන්වමින් මුළු මහත් ජාතියම දියුණුව කරා මෙහෙයවනු ලබයි.

කිරි නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය දකිමින් පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදනයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන 100% දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගම අඛණ්ඩව ඒ සඳහා ඉදිරියට ගමන් කරමින් ඇත. එය සියලුම පාර්ශ්වකරුවන්ගේ වටිනාකම් ඉහළ නැංවීමට ද හේතුවක් වී තිබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Sri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery IndustrySri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery Industry

The Sri Lanka Gem and Jewellery Association (SLGJA), the apex body for the gem and jewellery industry, officially recognized by the Sri Lankan Government, commends His Excellency President Ranil Wickremesinghe

HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා

මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගිමොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු