𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පරිශීලක අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් සිය නවතම වෙබ් අඩවිය දියත් කරයි

පරිශීලක අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් සිය නවතම වෙබ් අඩවිය දියත් කරයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින් ඔවුන්ගේ නවතම වෙබ් අඩවිය වන www.softlogicit.lk  පසුගියදා දියත් කෙරිණි.  පාරිභෝගිකයා වෙත උසස් සේවාවක් සැපයීමේ ප්‍රධාන අරමුණ ඇතුව, සමාගමේ නිෂ්පාදන හා සේවා පිළිබඳ විස්තර හා ඒ සඳහා අවශ්‍ය පාරිභෝගික සහය පිළිබඳ පුළුල් විස්තර ඇතුලත්ව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවට තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමේ ප්‍රමුඛතම සමාගමක් වන සොෆ්ට්ලොජික් IT,  Dell Technologies, Lenovo, Cisco, HP Aruba, VMware, Samsung, Microsoft, Huawei වැනි ලොව ප්‍රසිද්ධ තාක්ෂණික සන්නාම හා අත්වැල් බැඳ ගනිමින් දේශීය පාරිභෝගිකයා වෙතට නවීනතම දෘඩාංග, මෘදුකාංග සහ ව්‍යාපාර විසඳුම් ඉදිරිපත් කරයි. මෙම සියලුම තාක්ෂණික ලොව දැවැන්තයින් විසින් ඉදිරිපත් කර ඇති තාක්ෂණික විසඳුම් පිළිබඳ තොරතුරු නවතම වෙබ් අඩවියේ අන්තර්ගතය.

සොෆ්ට්ලොජික් IT හි නවතම වෙබ් අඩවිය, වඩාත් පහසු පරිශීලක අත්දැකීමක් ලබාදෙන අන්දමින් නිර්මාණය කර ඇති අතර, මේ සඳහා පිවිසෙන පාරිභෝගිකයන් හට සමාගම විසින් වෙළඳ පොළ වෙත ඉදිරිපත් කර ඇති තාක්ෂණික විසඳුම් පිළිබඳ විස්තර සහ සමාගමේ සියලුම අංශයන් පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. 

නවතම වෙබ් අඩවිය දියත් කිරීම පිළිබඳ සිය අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි ප්‍රධාන විධායක නිලධාරී/ සමූහ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා මෙලෙස පවසා සිටියි. “පාරිභෝගික අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින්, නවතම වෙබ් අඩවිය දියත් කිරීමට හැකියාව ලැබීම පිලිබඳ අප සතුටට පත් වනවා. මෙම වෙබ් අඩවිය හරහා අපගේ වටිනා පාරිභෝගිකයින් වෙතට සමාගමේ පුළුල් තාක්ෂණික විසඳුම් පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අපට හැකි වනවා මෙන්ම පාරිභෝගික සේවා සහයන් වැඩි දියුණු කිරීමටත් අප මේ හරහා ක්‍රියාකර තියෙනවා.  අප විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපාර ඉලක්ක කරගත් තාක්ෂණික විසඳුම් ලොව හොඳම තාක්ෂණය භාවිත කරමින්, තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අනුදැනුම ඇතුව නිර්මාණය කළ විශිෂ්ට විසඳුම් වෙනවා.  අප ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිස එම තාක්ෂණික විසඳුම් පිළිබඳ විස්තර ලබා ගනිමින්, ඔබගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් ඉහළ නංවා ගතහැකි ආකාරයන් පිළිබඳ සොයා බලන ලෙස”. 

“ශ්‍රී ලංකාවේ වඩාත්ම විස්වාසදායක තාක්ෂණික සේවා විසඳුම් සම්පාදක ලෙස සොෆ්ට්ලොජික් IT මා හඳුන්වන්න කැමතියි.  අපගේ වටිනා පාරිභෝගිකයින් හට ඉහළම සේවාවක් ලබාදීම වෙනුවෙන් අප සෑම විටම ක්‍රියා කරනවා. ඒ ගමන් මඟෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින්, අපගේ තාක්ෂණික සේවා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන්න නවතම වෙබ් අඩවිය හරහා අපට හැකියාව හිමිවී තියෙනවා. විශේෂයෙන්ම නවතම වෙබ් අඩවිය වෙත ඔන්ලයින් ක්‍රමයට විසඳුම් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙමින් ගෙවීම් ක්‍රම ඇතුළත් කිරීමටත්, නවතම තාක්ෂණික ලොව තොරතුරු ඇතුළත් පුවත් පිටුවක් ඇතුළත් කිරීමටත් අප බලාපොරොත්තු වනවා.”  සොෆ්ට්ලොජික් IT හි අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ සිධන්ත පීරිස් මහතා පවසයි.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු බවට පත් වී ඇත. වසර ගණනාවක් පුරා වෙළඳ පොළ තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීම හේතුවෙන් සොෆ්ට්ලොජික් IT සම්මානයෙන් පිදුම් ලබා ඇති අතරම, ශ්‍රී ලංකාවට ගෝලීය තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සොෆ්ට්ලොජික් IT ක්‍රියා කරයි. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් විවිධ නිෂ්පාදන රැසක් සොෆ්ට්ලොජික් විසින් ඉදිරිපත් කර ඇති අතර, එම සියලුම විසඳුම්, දිවයින පුරා විසිර තිබෙන සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර සහ වෙළඳ නියෝජිතයින් හරහා දිගු කාලීන වගකීම් කාලයක් ද සමගින්ම මිලදී ගැනීමට හැකිවීම විශේෂයකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

UNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in ShanghaiUNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in Shanghai

The United Nations Industrial Development Organization (UNIDO), Huawei, and other partners officially launched the “Global Alliance on Artificial Intelligence for Industry and Manufacturing” (AIM Global) on 6 July 2023, at