𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි

සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි

| | 0 Comments |

ප්ලාස්ටික් භාවිතය හමුවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් පරිසර හිතකාමී බැම්බු කොටන් බඩ්ස් (Bamboo Cotton Buds) වෙළඳ පොළට හඳුන්වා දී ඇත. බේබි ෂෙරමි බැම්බු කොටන් බඩ්ස් අනාගත පරපුර වෙත පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ සුවිශේෂී නිෂ්පාදනයක් වන අතර, දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් විසින් පරිසර හිතකාමී බැම්බු කොටන් බඩ්ස් ප්‍රථම වරට හඳුන්වා දුන් අවස්ථාවද මෙය වේ. මෙම නවතම බැම්බු කොටන් බඩ්ස්, ස්වභාවික උණ බට සහ පිරිසිදු කපු භාවිතයෙන්, 100% ස්වභාවිකව දිරාපත් වන ලෙස නිෂ්පාදනය කර ඇත. 

දශක හයක කාලයක් පුරාවට බේබි ෂෙරමි විසින් ආදරණීය දුවාදරුවන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙත ඉහළ සෞඛ්‍ය ආරක්‍ෂිත බවකින් යුත් නිෂ්පාදන රැසක් තිලිණ කර ඇත. මෙම සියලුම නිෂ්පාදන හා බැඳුනු සැපයුම් දාමයේදී පරිසරයට වන අහිතකර බලපෑම අවම කිරීම උදෙසා බේබි ෂෙරමි ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරයි. එම ගමන් මඟෙහි තවත් එක් සුවිශේෂී සංධිස්ථාන පසු කිරීමක් ලෙස, 100% ස්වභාවිකව දිරාපත් වන නවතම කොටන් බඩ්ස් හඳුන්වා දීම පෙන්වා දිය හැකියි.

මේ පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි අලෙවි අධ්‍යක්ෂිකා ෆියෝනා ජූරියන්ස් මුණසිංහ මහත්මිය මෙලෙස පවසයි. “අපගේ අනාගතය වන දරුවන් වෙනුවෙන්  පිරිසිදු මෙන්ම ආරක්‍ෂිත පරිසරයක ජීවත්වීමේ අයිතිය ලබා දෙමින් ඔවුන් වෙනුවෙන් පරිසරය සුරැකීමේ සුවිශේෂී වගකීමක් අපිට තියෙනවා. මිලියන ගණනක් මව්පියවරුන්ගේ ආදරය ලද බේබි ෂෙරමි මෙන්ම, හේමාස් කන්සියුමර්හි අනෙකුත් සෑම සන්නාමයක්ම නිරන්තරයෙන් උත්සාහ  කරන්නේ පරිසරය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය හා සම්බන්ධ සියලුම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට. අනාගත පරපුර වෙත හොඳම තත්වයේ පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ අඛණ්ඩ ප්‍රයත්නයේ  තවත් එක් පියවරක් ඉදිරියට තබමින් බේබි ෂෙරමි බැම්බු කොටන් බඩ්ස් වෙළඳ පොලට හඳුන්වා දීමට හැකිවීම ඉතාමත් සතුටට කරුණක්.”

සෑම විටම සමාජයට ධනාත්මක වෙනසක් ඇති කිරීම කෙරෙහි බේබි ෂෙරමි වැඩි අවධානයක් යොමු කරයි.  විශේෂයෙන්ම ඉවතලන ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ රජයේ අරමුණු වෙත සහය දක්වමින් බේබි ෂෙරමි විසින් 100% ස්වභාවිකව දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කළ හැකි පරිසර හිතකාමී කොටන් බඩ්ස් නිෂ්පාදනය උදෙසා වූ පර්යේෂණ හා සංවර්ධන සම්පත්හි ආයෝජනය කර ඇත. 

දශක හයකට ආසන්න කාලයක් සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනූ සාඩම්බර දේශීය නිෂ්පාදනයක් වන බේබි ෂෙරමි, දරුවන්ගේ මෙන්ම සමස්ත ප්‍රජාවගේ  ආරක්ෂාව සහ සුව පහසුව පිණිස වූ විවිධ නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරයි. බේබි සබන්, ෂැම්පු, බේබි කොලොන්, ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට  හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර,   IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනීකොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය

සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගයසෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව

සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි  2022 ජනවාරි 21 සිට 27 දක්වා  විශේෂ සංවත්සර දීමනා