𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගමවන සදාහරිත වැවිලි සමාගම කොළඹ  One Galle Face හි ආරම්භ කරන ලද අගාවුඩ් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වන Oud Galleria වෙතින් ලොව අංක එකේ සුවඳ විලවුන් පෙළක් ඉදිරිපත් කරයි. ඒ අනුව ප්‍රංශයේ නිෂ්පාදිත ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් තෙල් වලින් නිෂ්පාදිත ලොව උසස්ම තත්ත්වයේ අධි සුඛෝපභෝගී සුවඳ විලවුන් රාශියක් Oud Galleria වෙතින් පිරිනමා ඇත.

අගාවුඩ් ශාක වලින් නිස්සාරණය කර ලබා ගන්නා අගාවුඩ් තෙල් ”liquid gold” ලෙස ලොව පුරා ප්‍රචලිතව ඇති අතර සදාහරිත Oud Galleria නිෂ්පාදනවල පදනම වන්නේ ද මෙම අගාවුඩ් තෙල්ය. මෙරට අගාවුඩ් ලෝව විශිෂ්ටතම Oud ප්‍රභවයක් ලෙස පිළිගැනෙන අතර සදාහරිත සමාගමේ 20 වසරක විශ්වසනීය විශේෂඥතාව හා තාක්ෂණික ඥානය සමඟ නිස්සාරණය කෙරෙන අගාවුඩ් තෙල් සඳහා සුවිශේෂී වටිනාකමක් හිමිව තිබේ..

සදාහරිත සමාගම් සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙම Oud Galleria පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ගෝලීය අගාවුඩ් කර්මාන්තයේ කුඩාම සන්ධිස්ථානය වන අගාවුඩ් බීජ මගින් පැල ලබාගෙන ඇරඹි සදාහරිත අගාවුඩ් ව්‍යාපාරය දැවැන්ත අගාවුඩ් වන වගාවක් ලෙස සංවර්ධනය කර අපගේම තාක්ෂණය මගින් අගාවුඩ් නිෂ්පාදනය කරමින් අද වන විට Oud නිමි නිෂ්පාදනකරණය දක්වා පැමිණි සුවිසල් ගමන් මග පිළිබඳව අපට ඇත්තේ විශාල සතුටක්. මෙලෙස අතිවිශිෂ්ට Oud අත්දැකීම් පාරිභෝගිකයන්ට ළඟා කර දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටු වනවා.”

Oud Galleria  සුවඳ විලවුන් වඩාත් ආකර්ෂණීය හා ඇදහිය නොහැකි හාත්පසම සුවඳවත් කරන පරිපුර්ණත්වයක් ගෙන එයි. එහිදී Oud සුවඳ හා මුසු වූ MAJESTIC, Frankincense, ROZA , සඳුන් හා Oud සංයෝග වූ CLOUDS,  ඉහළ Patchouli සංයෝගයක් සහිත ORYX, බල්ගේරියානු රෝස සුවඳ සහිත DESERT ROSE, දැවමය ප්‍රබල සුවඳක් ගෙනෙන OUD ROYAL සහ මින්ට්, කුරුඳු ආදී Oud සමඟ සංයෝග වූ සුවඳ වර්ග රාශියකින් යුත් සුවඳ විලවුන් Oud Galleria වෙතින් පාරිභෝගිකයන්ට පිරිනමයි. එලෙසම සදාහරිත විසින් හඳුන්වාදෙන පිරිසිදු Oud තෙල් ද පාරිභෝගිකයින්ට සුවඳින් පරිපුර්ණ වූ සුඛෝපභෝගී ජීවිතයට ආශ්වාදය ගෙන දෙයි.

මෙම අතිවිශිෂ්ට සුවඳ විලවුන් සහ අගාර්වුඩ් නිෂ්පාදන සියල්ලම කොළඹ One Galle Face හි විවෘත කර ඇති  Oud Galleria වෙතින් මිලදී ගත හැකිය. සැබෑ සුවඳ විලවුන් වල ආශ්වාදය ලබා ගැනීමටත් විලාසිතාවන්හි සැබෑම අසමසම වින්දනය සඳහාත් ඔබත් Oud Galleria වෙත පිවිසෙන්න.

Oud Galleria සහ සුවඳ විලවුන් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.oudgalleria.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට

සිව්වන වරටත් පැවැත්වුණු PropertyGuru Asia Property සම්මාන උළෙල ජයග්‍රාහී අන්දමින් අවසන් වේසිව්වන වරටත් පැවැත්වුණු PropertyGuru Asia Property සම්මාන උළෙල ජයග්‍රාහී අන්දමින් අවසන් වේ

– ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්මානයට පාත්‍ර වේ – Home Lands Skyline (Pvt) Ltd වෙත Best Developer සහ the Best of Sri Lanka titles ඇතුලු සුවිශේෂී සම්මාන