𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ශ්‍රි ලංකාවේ එන්නත් අර්බුදය – බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙතින් ඉල්ලීම් කරති

ශ්‍රි ලංකාවේ එන්නත් අර්බුදය – බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙතින් ඉල්ලීම් කරති

| | 0 Comments |

ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් 600,000 ක් ලබා දෙන ලෙසට ඉල්ලමින්, එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත හදිසි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එන්නත් සම්බන්ධයෙන් ලෝකයේ පවතින අසමානතාවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රෙයෙසස් නැවත නැවතත් අනතුරු අඟවමින් සිටින අතර, ලොව පුරා භාවිත වන සමස්ත එන්නත් ප්‍රමාණයෙන් 75% කට වැඩි ප්‍රතිශතයක් එන්නත් කර ඇත්තේ, රටවල් දහයක් විසින් පමණක් බවද අවධාරණය කරයි. 2021 මැයි 24 වන දින සාමාජික රටවල් 194 කින් සැදුම්ලත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව ආරම්භ කරමින් “ලෝකය ඉතාමත් භයානක අනතුරක පවතින්නේ” යැයි, ටෙඩ්‍රෝස් සඳහන් කළේය. ලෝකයේ බහුතරයක් එන්නත නිපදවා මිලදී ගන්නා කුඩා රටවල් සමූහයක් විසින් ලෝකයේ සෙසු රටවල ඉරණම පාලනය කරන බව ආචාර්ය ටෙඩ්‍රොස් අවධාරණය කළේය. ලෝක ජනගහනයෙන් 80% ක් මුළුමනින්ම එන්නත ලබා නොගන්නා තාක් අප ගෝලීය වශයෙන් දිගු කාලීනව අවදානමට අඛණ්ඩව ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි.

වසංගතය අතරතුර, COVID-19 එන්නත මගින් ලාභ නොලබන බවට කැපවී සිටින එකම සමාගම ඇස්ට්‍රා සෙනෙකා සමාගම පමණි. එක්සත් රාජධානියේ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් හට දුර්ලභ රුධිර කැටි ගැසීමේ අවදානම අවම කිරීම පිණීස, ඇස්ට්‍රා සෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබා දෙන ලෙසට එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) විසින් නිර්දේශ කර තිබේ. ඒ හේතුවෙන්, නොබෝ දිනකින්ම අතිරික්ත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාට කරන ලද අභියාචනය මගින් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනගහනයෙන් මිලියනයක් පමණක් පළමු එන්නත ලෙස කොවිෂීල්ඩ් / ඇස්ට්‍රා සෙනෙකා ලබා සිටින අතර, අවදානමට ලක් වන  සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් සමග බහුතරයක්, එනම්  600,000 ක් පමණ එහි දෙවන මාත්‍රාව නොමැතිව අතරමංව සිටින බවයි.  සාමාන්‍ය ජනතාව අතර මරණ සංඛ්‍යාව සහ රෝගී තත්ත්වය ඛේදජනක ලෙස පැයෙන් පැය වැඩි වෙමින් පවතී. සමස්ත දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් සංඛ්‍යාව 600 ක් පමණ සහ ජාතික රෝහල්වල ප්‍රමාණවත් නොවන දැඩි සත්කාර ඒකකවලින් යුතු ශ්‍රී ලංකා මාතාව, ඇගේ දුර්වල සෞඛ්‍ය සේවාවට දරාගත නොහැකි මට්ටමේ භයානක ඝට්ටනයකට මුහුණ පා සිටියි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා වෙත යොමු කරන ලද මෙම ඉල්ලීම වෛද්‍යවරියක මෙන්ම, ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණියද වන වෛද්‍ය තුෂ් වික්‍රමනයක විසින් යොමු කරන ලද්දක් වූ අතර, ඊට එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවය සහිත දේශපාලනඥයින් හා වෘත්තිකයින් ගණනාවකගේද සහයෝගය පළ වී තිබේ. එමෙන්ම, එක්සත් රාජධානිය තුළ කටයුතු කරන පහත සංවිධාන ද, එනම්,  ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය, මෙත්තා පදනම, දෙමළ වෛද්‍ය ආයතනය, මනිපායි රෝහලේ මිතුරෝ,  එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික නීතිඥ සංගමය, හෙළ සරණ, මෙඩිකල් ඒඩ් ටු ශ්‍රී ලංකා සංවිධානය, එක්සත් රාජධානියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සංගමය, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධාන කවුන්සිලය මෙන්ම, එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, එක්සත් රාජධානියේ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, මහමායා ආදි ශිෂ්‍ය සංගමය, විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, හා කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ගෝලීය සංසදය යන සංවිධාන මෙම ඉල්ලීම වෙනුවෙන් සහය පළ කර තිබේ.

ගෝලීය මානව හිතවාදීන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින්නේ G7 සභාපතිත්වය භාවිතා කරමින් ලෝකයේ සෑම පුරවැසියකු හටම බාධාවකින් තොරව එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා, ලොව එන්නත් නිෂ්පාදන රටවල්වලට සානුකම්පාවෙන් හා ත්‍යාගශීලීභාවයෙන් යුතුව සහයෝගයෙන් කටයුතු කරන හැටියට යෝජනා කරන ලෙසයි. “ශ්‍රී ලාංකීය ප්‍රජාව, බ්‍රිතාන්‍ය තුළ, විශේෂයෙන් ජාතික සෞඛ්‍ය සේවාව (NHS) තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කරමින් එක්සත් රාජධානියේ සමාජ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් සපයයි. ලෝක යුද්ධ දෙකකදී බ්‍රිතාන්‍ය හා සහයෝගයෙන් කටයුතු කළ පොදු රාජ්‍ය  මණ්ඩලයේ මුල් සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ අපගේ  ඥාති  සොයුරන් හට එක්සත් රාජධානිය සහාය වීම ඉතා වැදගත්” යැයි වෛද්‍ය වික්‍රමනායක පැවසුවාය.

ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා මෙම දේශප්‍රේමීහු ජාති ආගම් භේද නොසලකා උද්‍යෝගයෙන් කටයුතු කරති. එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දීම සඳහා අගමැති ජොන්සන් සහ කැබිනට් මණ්ඩලයේ අනෙකුත් ප්‍රධාන සාමාජිකයින් හට ලිවීමට /විමසීමට ඔවුන් තම දේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස බලපෑම් කර තිබේ. වෛද්‍ය වික්‍රමනායක ඇතුළු පිරිස බ්‍රිතාන්‍ය රජය වෙතින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරති.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World RecordOrange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record

Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade.