𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz “හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

“හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට මොරවක පදිංචි එම්.එස්. ගර්ටි සමන්මලී සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග පිළිවෙලින් කොළඹ 05 පදිංචි වයි.කේ.පී.පී. සේනානායක සහ කිතුල්හිටියාව පදිංචි බී.එම්.ඒ.එස්. ශ්‍රීපාල් සමත් වූහ. ජයග්‍රහකයින්ට ත්‍යාග ලබාදීම හච් පසුගෙවුම් සමානයාධිකාරී,  ඉඳුනිල් ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.

hSenid Mobile Solutions අනුබද්ධ BeyondM,මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. BeyondMයනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි. දැනුමයි මිලියනයයි යනු මාස 6 කාලපරිච්ඡේදයක් පුරා දිවෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන අතර පාරිභෝගිකයින් හට SMS, web හෝ දැනුමයි මිලියනයයි app ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැක.

මෙම “හච් දැනුමයි මිලියනයයි” වැඩසටහන හුදෙක්,‍ සාම්ප්‍රදායික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පමණක් නොවන අතර ඒ සඳහා සහභාගි වන්නන්ට ඩිජිටල්  මාධ්‍ය ඔස්සේ විනෝදාස්වාදය ලබා ගන්නා අතරතුර ස්වකීය වටිනා කාලය කැපකරමින් සිය දැනුම වර්ධනය කර ගැනීමට මාහැඟි අවස්ථාවක්ද වෙයි. මෙය සහභාගී වන සියලු දෙනාට සමාන දිනුම් අවස්ථා සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන තරඟයකි.

මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පරිශීලකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට SMS කිරීම මඟින් හෝ play store මගින් Danumai Miliyanayai app ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වියහැක. මෙම සේවාව සක්‍රීය කරගැනීමෙන් පසුව පරිශීලකයින්ට දිනකට ප්‍රශ්න 10 ක් ලැබෙන අතර සෑම නිවැරදි පිළිතුරක් සඳහාම ලකුණු හිමිවේ. මාස හයක් අවසානයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන අතර එහිදී ලබාගත් ලකුණු ගණන එක් එක් පරිශීලකයාගේ ජයග්‍රාහී අවස්ථා තීරණය කරයි.

දැනට ක්‍රියාත්මක 27 වන දැනුමයි මිලියනයයි තරඟය 2021 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වන අතර 28 වන තරඟය මැයි 1 වනදා සිට ආරම්භ වේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

FACETS Sri Lanka கண்காட்சி 2024: இரத்தினக்கல் மற்றும் ஆபரணங்களின் 30 வருட சிறப்பைக் கொண்டாடுகிறதுFACETS Sri Lanka கண்காட்சி 2024: இரத்தினக்கல் மற்றும் ஆபரணங்களின் 30 வருட சிறப்பைக் கொண்டாடுகிறது

– இலங்கை இரத்தினக்கல் மற்றும் ஆபரண சங்கத்தினால் ஏற்பாடு தேசிய இரத்தினக்கல் மற்றும் ஆபரண அதிகாரசபை (NGJA) மற்றும் ஏற்றுமதி அபிவிருத்தி சபை (EDB) ஆகியவற்றுடன் இணைந்து, ஆசியாவின் முதன்மையான இரத்தினக்கல் மற்றும் ஆபரண கண்காட்சியான FACETS Sri Lanka நிகழ்வை,

පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයිපැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ ප්‍රීතිය ලබා දෙමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය හරහා සුවිශේෂී සුබපැතුම් ව්‍යාපාරයක් දියත් කළේය.

හච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයිහච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම්