𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

| | 0 Comments |

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ  ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම  සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ගොවිපල කිරි එකතු කිරීම, ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය සහ කෘෂි කර්මාන්ත ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණු සැසි මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් කොට ඇත.

පැල්වත්ත සමාගම විසින් වෙනස් කොට සැලකීම් නොකරන සේවායෝජක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම පුරුෂයින් හා ස්ත්‍රීන් සඳහා සමාන වැටුප් පිරිනැමීම හා නම්‍යශීලී වැඩ ලැයිස්තුවක් ද සමාගම ඉදිරිපත් කරයි. සමාගම විසින් පෝෂණය කරනු ලබන අධාරක කර්මාන්තවල වැඩෙන ශ්‍රම බලකාය තුළ කිරි සැපයුම්කරුවන්ට සහ කිරි ගොවීන්ට අනගි අවස්ථා හිමි කර දී ඇත.

පැල්වත්ත සමාගමේ මානව සම්පත් කළමනාකාර හර්ෂණ ජීවකුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පුරුෂ මුලික කර්මාන්තයක් වුවත් 2024 අවසන් වන විට අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවල සහ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් 25% කවත්  අවස්ථාවන් ලබා දීමට අවශ්‍ය ක්‍රම වේදයන් සොයා බලන අතර සමාන අවස්ථා හිමිකර දීම සඳහා සේවායෝජයෙකු වශයෙන් අප කැපවී සිටින බව සහතික කරනවා. අපගේ දැක්ම සහ සැලසුම් සාක්ෂාත් කර ගැනීම උදෙසා  අපගේ සංවර්ධන මුල පිරීම්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ අපගේ ප්‍රජා කළමනාකරුවන් සැබවින්ම සහයෝගය ලබා දී තිබෙනවා.”

පැල්වත්ත සමාගම, වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් (WVI) සමඟ එක්ව කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක්ම දියත් කළේය. එහිදී  කාන්තා නායකත්වයෙන් යුත් පවුල් සඳහා ගව පට්ටි  පරිත්‍යාග කළ අතර ගව මඩු හා ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට සහාය විය. WVI හි කිරි සංවර්ධන ව්‍යාපෘතිය මගින් කිරි නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම සිදු කෙරේ. තාක්ෂණික පුහුණුව, ව්‍යාපාර පුහුණුව සහ කිරි හැසිරවීම සහ ගව කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි කිරීම තුළින් කිරි ධාරිතාවය ඉහළ නැංවීම ද ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදක කණ්ඩායම් පිහිටුවා ඇති අතර සිසිලන පහසුකම් සහිත යටිතල පහසුකම් ද සපයා දී තිබේ. ව්‍යාපෘතියේ කොටසක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා නවීන තාක්‍ෂණය භාවිත කරමින් කිරි නිෂ්පාදනයේ ඵලදායිතාව ඉහළ නැංවීම පිළිබඳව දැනුම ලබා දෙනු ඇත.

සැබවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන පැල්වත්ත සමාගම කාන්තාවන්ට සමාන අවස්ථා සහිත සමාජයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක නිරතව සිටී. එහිදී පැල්වත්ත සමාගමේ දෙමාපිය නිවාඩු ලබා ගැනීම සඳහා සේවක සේවිකාවන් දිරි ගැන්වීම, ජ්‍යේෂ්ඨ විධායක ශ්‍රේණියේ කටයුතු කිරීම සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම සහ සහාය දීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සහ ප්‍රගතිය සහතික කිරීම වැනි මුලපිරීම් මෙන්ම රැකියා ස්ථානයේ යහපත් ආචාරධර්ම උපයෝගී කර ගැනීම ඇතුළු මුලිකාංග ක්‍රියාත්මක කිරීම සඳහා පැල්වත්ත කටයුතු කරමින් සිටී. තවද  සමාන වැටුප් අවස්ථා ලබා දී ඇති අතර කාන්තාවන්ට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයන් ලෙස ස්ත්‍රී පුරුෂ වැටුප් හිඩැස් පියවා ගැනීමට සමාගම මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.

හර්ෂණ මහතා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් “කාන්තාවන් සිය සේවා ස්ථානවල දී කෘෂිකාර්මික කම්කරුවන් සඳහා හිමි වන පුහුණුවේ සිට මෙවලම් සහ මූල්‍ය කටයුතු සඳහා ඇති සීමිත ප්‍රවේශය, අවම නියෝජන අවස්ථා සහ ව්‍යාපාර කළමනාකරණයේ සමාන වැටුපක් නොමැතිකම දක්වා අභියෝගයන්ට මුහුණ දෙනවා. අපගේ ව්‍යාපාරය සඳහා ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්වයෙන් යුතු වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනැගීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, අධ්‍යාපනය සහ සවිබල ගැන්වීම සඳහා සහාය වීම ඉතා වැදගත් වනවා. ඉදිරියටත් කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලදි ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටින අතර පිරිමින්ට සමාන අවස්ථා ඔවුන්ට ඇති බව සහතික කරනු ලබනවා.”

සමාගමේ වසර 11ක් පුරා සේවය කරන චමිලා ශෂිකලා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මම මීට වසර 11 කට පෙර පැල්වත්ත කිරි සමාගමේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු ලෙස රැකියාව ආරම්භි කල අතර සහකාර තත්ත්ව සහතික කළමනාකාරිනියක් ලෙසත් ජ්‍යේෂ්ඨ තත්ත්ව සහතික කලමනාකාරිනියක් ලෙසත් සේවය කරමි. මගේ දෙපාර්තමේන්තුවේ සිටින එකම කාන්තාව මා වූවත් අනෙකුත් සඟයන් සහ සමස්තයක් වශයෙන් එහි පවතින සංස්කෘතික ව්‍යුහය මා හට විශාල සහයක් වී තිබෙනවා. මගේ රැකියාවේ කොටසක් ලෙස, මගේ අභිමතය පරිදි සවස් යාමයේ පවා නිරන්තර ක්ෂේත්‍ර චාරිකා සඳහා මා අනුයුක්ත කර ඇතත් ඒ සෑම විටම මා හට සුරක්ෂිත වාතාවරණයක් සහතික කොට තිබෙනවා. ඒ අනුව මෙම මිත්‍රශීලී වාතාවරණය පිළිබඳව මා බෙහෙවින්ම සතුටුවනවා.”

කාන්තාවන් නඟා සිටුවීම සඳහා පැල්වත්ත කිරි සමාගම සෑම දෙනාටම ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කරයි. සේවා ස්ථානයේ ඕනෑම ආකාරයක වාචික හෝ ශාරීරික හිරිහැරයක් හෝ වෙනස්කම් කිරීමක් තුරන් කිරීම සඳහා  පැහැදිලිව නිර්වචනය කරන ලද, චර්යාත්මක ප්‍රමිතීන් අනුගමනය කරන ලෙස සමාගම සියලු සේවකයින්ගෙන් සමාගම ඉල්ලා සිටී.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

UNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in ShanghaiUNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in Shanghai

The United Nations Industrial Development Organization (UNIDO), Huawei, and other partners officially launched the “Global Alliance on Artificial Intelligence for Industry and Manufacturing” (AIM Global) on 6 July 2023, at

பாற்பண்ணைத் துறைக்காக SAPP இடமிருந்து 463 மில்லியன் திட்ட வசதியை பெற்றுக்கொண்ட Pelwatteபாற்பண்ணைத் துறைக்காக SAPP இடமிருந்து 463 மில்லியன் திட்ட வசதியை பெற்றுக்கொண்ட Pelwatte

முன்னோடி உள்நாட்டு பாலுற்பத்தி நிறுவனமான Pelwatte Dairy நிறுவனம், சிறு அளவிலான விவசாய வியாபார பங்குடமை நிகழ்ச்சித்திட்டத்தின் ஊடாக  (SAPP  – Smallholder Agribusiness Partnerships Programme) 463 மில்லியன் ரூபாவை ஒதுக்கீடு செய்து கொண்டுள்ளது. முதல் கட்டமாக எதிர்வரும் 6

අන්තර්ජාල ළමා හිංසනයට තිත තැබීමට LEADS, Save the Children International iy World Vision Lanka නව වැඩපිළිවෙලක්අන්තර්ජාල ළමා හිංසනයට තිත තැබීමට LEADS, Save the Children International iy World Vision Lanka නව වැඩපිළිවෙලක්

රාජ්‍ය නොවන සංවිධාන ලෙස ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු ජන කණ්ඩායම් වල නොයෙක් ගැටළු සම්බන්ධව කටයුතු කරන LEADS, Save the Children International සංවිධානය සහ World Vision Lanka ආයතනය ශ්‍රී