𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි

IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි

| | 0 Comments |

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී.  ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH හි සේවයේ නිරත සියලුම දෙනාගේ සේවය වැදගත් කොට සැළකිය හැකිය. ඔවුන් දිවා රෑ නොබලා රෝගීන්ගේ ආරක්ෂාව උදෙසා කරන්නා වූ කැපකිරීම් ඉතා ප්‍රශංසනීය වන අතර, ශ්‍රී ලංකාව තුළ ඉතා අඩු කොවිඩ් මරණ ප්‍රතිශතයක් වාර්තා වීමටත්, රෝගීන් අවම ලෙස වාර්තා වීමටත්, ඔවුන්ගේ එම වෙහෙස මහන්සිය හේතු වී ඇත.

අප සියල්ලන්ම නත්තල් හා අලුත් අවුරුදු සමය ඉතා සතුටින් සමරන මොහොතක, සෞඛ්‍ය සේවයේ නිරත අපගේ වීරයින් විසින් රට වෙනුවෙන් වූ සිය යුතුකම් ඉටු කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව IDH පරිශ්‍රයේ රැඳී සිටියා. ඔවුන් තමන්ගේ පෞද්ගලික  ආරක්ෂාව ද කැප කරමින්, නියමිත රාජකාරී වේලාවන් පිළිබඳ නොසළකමින්, පෞද්ගලික කැප කිරීම් රාශියක් සිදු කරමින් අපේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කලා. එම නිසා ඔවුන්ව අගය කිරීම අප සියළු දෙනාගේ යුතුකම සහ වගකීම වනවා. 

මෙහිදී වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙසින් ඩීමෝ විසින් සිය උපහාරය මෙම වීරයන් වෙත පුද කිරීමට අමතක කළේ නැහැ. පසුගිය දිනක අප වීරයින්ගේ අඛණ්ඩ කැපවීම අගය කරමින්,  මාතෘ භූමිය සඳහා වූ ඔවුන්ගේ වීරෝදාර උත්සාහයන් ඇගයීමට, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව IDH පරිශ්‍රයේදී චාම් උත්සවයක්‌ ඩීමෝ විසින් සංවිධානය කළේ මේ හේතුවෙන්.  මෙම අවිනිශ්චිත කාලයේදී ඔවුන්ට දිරියක් වීම සඳහා,  IDH  කාර්ය මණ්ඩල සාමාජිකයින් 530 දෙනෙකුට BLACK + DECKER ගෘහ උපකරණ, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ PPE උපකරණ පිරිනැමීමට මෙහිදී ඩීමෝ කටයුතු කලා. 

මෙහිදී IDH  කාර්ය මණ්ඩලය වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කරමින්, ඩීමෝ  හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීහ. “මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන්  කැපවී ක්‍රියා කරන ඔබගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය සහ ධෛර්යය මෙම මාරාන්තික වෛරසයේ බලපෑම බොහෝ දුරට අවම කිරීමට සමත් වුණා. මෙම  අගය කිරීම් තුළින් ගම්‍ය වන්නේ රටක් වශයෙන් අප සියළු දෙනා ඔබ සමඟ නිරතුරුවම සිටන බවයි. අපව ආරක්ෂා කරන ඔබට ස්තූතියි”.

මෙම අවස්ථාව සඳහා ඩීමෝ නියෝජනය කරමින් වෛද්‍ය ඉංජිනේරු අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා සහ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීණී ඉෂාරා දනන්සූරිය මහත්මිය සහභාගී විය. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Stop Child Cruelty Trust Appeals to HE to End Child Protection Crisis In Pursuit of The True Essence of International Children’s DayStop Child Cruelty Trust Appeals to HE to End Child Protection Crisis In Pursuit of The True Essence of International Children’s Day

Stop Child Cruelty Trust (SCC), an organization committed to ending cruelty to children especially corporal punishment is the sole organization registered with the Office of the United Nations High Commissioner