𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි

පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව පසුගියදා නිවේදනය කළේය.  එම සුවිශේෂී හවුල්කාරිත්වය හේතුවෙන්, ඕෂන් ලංකා  සමාගමේ පරිසර හිතකාමි කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Cotton made in Africa යනු, Aid by Trade Foundation මගින් අප්‍රිකානු කලාපයේ කපු ගොවීන් නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර, CmiA ලේබලය දරන සෑම අලෙවිකරුවකු හා සන්නාමයක්  විසින්ම ඒ සඳහා ගාස්තුවක් ගෙවිය යුතු වේ. ඉන් ලැබෙන ලාභය, අප්‍රිකානු සහරා කලාපයේ කුඩා පරිමාණයේ කපු වගා කරන ගොවීන් පුහුණු කිරීම වෙනුවන් බලපත්‍ර ලබා දීම සඳහා යළි ආයෝජනය කරනු ලැබේ. එමගින් එම කලාපයේ කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට එම සමාගම කටයුතු කරයි.

“2009 වසරේදී අපි වඩාත් පරිසර හිතකාමී කපු මූලාශ්‍ර භාවිත කරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා. අද වන විට, එය හැබෑවක් කරමින් අපි භාවිත කරන කපුවලින් 40% කට වැඩි ප්‍රතිශතයක් එලෙස පරිසර හිතකාමී මූලාශ්‍රවලින් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. CmiA සමග ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය, 2025 වසර වන විට පරිසර හිතකාමී මුලාශ්‍රවලින් ලබා ගන්නා අමුද්‍රව්‍ය 75% ක ප්‍රතිශතයකින් යෙදවීමේ අපගේ ඉලක්කය කරා වඩාත් සාර්ථක ලෙස යොමු කරමින්, අපගේ නිෂ්පාදන ධාරිතාවය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වේවි.” ඕෂන් ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ඔස්ටින් අවු මහතා සඳහන් කරයි.

“ඇඟළුම් ක්ෂේත්‍රය තුළ රෙදිපිළි නිෂ්පාදන වඩාත් උසස් තත්වයෙන් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මෙන්ම, නිෂ්පාදනයේදී සිදු වන පාරිසරික බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් ඕෂන් ලංකා පුද්ගලික සමාගම ස්ථාවර මතයක් දරනවා. මෙම අත්වැල් බැඳ ගැනීම, කාබනික කපු, GOTS සහතික කළ කාබනික කපු කෙඳි හා BCI කපු ඇතුළත් අපගේ රෙදිපිළි නිෂ්පාදන තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉවහල් වේවි. අපගේ දීර්ඝ කාලීන සාර්ථකත්වය හා විශ්වාසය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් වන එකම ක්‍රමය ලෙසින්, අපගේ සියලු පාර්ශවකරුවන් හා එක්ව මෙම ගමන යෑම ඉතාමත් වැදගත්.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

DIMO extends longstanding partnership with HNB to enable customer-centric leasing solutions for DIMO CERTIFIED pre-owned vehiclesDIMO extends longstanding partnership with HNB to enable customer-centric leasing solutions for DIMO CERTIFIED pre-owned vehicles

DIMO, one of Sri Lanka’s leading conglomerates, has yet again demonstrated its strong commitment towards providing customer-focused service with its latest announcement of the partnership with Hatton National Bank (HNB)