𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

| | 0 Comments |

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 09 කින් පරාජය කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 159කි. පිළිතුරු ඉනිම වෙනුවෙන් සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 150ක් පමණයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් දිනාගත්තේය. ඔක්තෝබර් මස පස් වැනිදා ආරම්භ වුණු තරගාවලියේ පළමු වටය තරග 12කින් සමන්විත විය. එහිදී තරග 6කදී ප්‍රසාද ලකුණු 14ක් ලබා පෙරමුණ ගැනීමට සමත් වූයේ ද ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමයි.

තරගාවලියේ ත්‍යාග හා කුසලාන පිරිනැමීම යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි. යුධ හමුදා ක්‍රිකට්  කමිටුව විසින්  මෙම තරගාවලිය සංවිධාන කරනු ලැබූයේ ජාතික තලයේ දක්ෂතා දැක්විය හැකි දක්ෂ ක්‍රීඩකයින් හඳුනාගැනීමේ අරමුණ පෙරදැරිවය.මෙහිදී සෑම කණ්ඩායමක්ම ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 16 දෙනෙකු ද තරඟයට ඇතුළත් කර තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද මෙම තරගාවලියේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ සදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ඩීමෝ අනුග්‍රාහකත්වය දැක්වුයේ ද එම අරමුණ උදෙසා  ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත සිය සහයෝගය දැක්වීමේ අරමුණෙනි.ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණඩිතගේ මහතා ද අවසන් මහා තරගය නරඹීමට පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පිරිස අතර වේ.

මේජර් දිනේෂ් චන්දිමාල් හට  2020 වර්ෂයේ ශ්‍රී  ලංකා හමුදා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දීමේ වගකීමද පැවරී ඇත.  ඉදිරි කාල සීමාව තුළදී යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම් සඳහා වඩා හොඳ දස්කම් දැක්වීම තුළින් ඉහළ කාර්යසාධනයක් අත්පත් කර ගැනීම උදෙසා මෙම හවුල්කාරිත්වය ඉවහල් වන බව ඩීමෝ විශ්වාසයයි

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

සිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයිසිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ශ්‍රී

ක්ලෝගාඩ්, SLDA සහ Neth FM සමග එක්ව මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කරයි.ක්ලෝගාඩ්, SLDA සහ Neth FM සමග එක්ව මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කරයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්, ළමුන් සහ වැඩිහිටියන් අතර මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දන්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය