𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

සිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන මෙම සම්මාන උළෙලෙහි සිංගර් ශ්‍රී ලංකා සමාගම දෙවැනි වරටත් , Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයකි.

සිංගර් විසින් අඛණ්ඩව දෙවන වරටත් මෙම ගෞරවනීය සම්මානය හිමිකරගන්නේ, පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට නැවත නැවතත් සනාථ කරමිනි. දේශීය හා ගෝලීය සම්මාන උළෙලන්හි ජයග්‍රාහකයන් අතර සිංගර් නාමය නිරන්තරයෙන් රැව්දෙන අතර විවිධ පරාසයන්හි ජයග්‍රහණ රැසක්ද සිංගර් තමන් සතු කරගෙන ඇත.

බ්‍රිතාන්‍යය පාදක කර ගත්, Global Banking and Finance Review සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ආයතනික ලෝකයේ නවෝත්පාදනයන්, කාලෝචිත වෙනස්කම් සහ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීමට අපේක්ෂා කරන සම්මාන උළෙලක් වන අතර මෙම සම්මාන උළෙලෙහි සම්මාන හිමි කර ගැනීම සඳහා ලොව සුපතල සමාගම් අතර, දැඩි තරගකාරිත්වයක් පවතී.

සිංගර් හිමි කරගත් මෙම ගෝලීය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සඳහන් කළේ, මෙවැන්නකි. “ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට සිංගර් සලසන සේවාව විදහා දක්වමින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට ලැබීම අපට සතුටට හා ආඩම්බරයට කරුණක් වගේම, පාරිභෝගික අවශ්‍යතා ඉලක්ක කර ගත් හොඳම සේවාවක් ලබා දීමට ගත් විශිෂ්ට සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ගත වුණු කාලය, සියලු ව්‍යාපාරවලට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් වුණත්, අපගේ මෙහෙයුම් “නව සාමාන්‍යයට” ගැලපෙන පරිදි විධිමත් කරමින්, ව්‍යාපාර වර්ධනය පවත්වාගෙන යාමටත්, අපගේ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම සේවයක් ලබා දීමටත් අපට හැකිවිය.  එබැවින් ලොව හොඳම පාරිභෝගික භාණ්ඩ  සහ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නඟා සිටුවීමට උත්සාහ කරන සැබවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස මෙම සම්මානය ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. තවද මෙම අභියෝගාත්මක කාලයේදී සමාගමේ මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා Fitch ශ්‍රේණිගත කිරීම්හි  (AA) ශ්‍රේණියක් ලබාගෙන තිබීමද විශේෂිත කරුණකි.”

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වනසිංගර් ශ්‍රී ලංකා සමගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන විශිෂ්ටතම සේවාවක්පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම,‍ දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 432 කට අධික සංඛ්‍යාවක් හා ශක්තිමත් අලෙවි ජාලයක් මෙන්ම ඊ- වාණිජ අවකාශයක් ඇති සිංගර්, ජාත්‍යන්තර පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවක ගෘහ උපකරණ 1200 ක් හා විදුලි උපකරණ 600 ක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ. සිය පාරිභෝගිකයින්ට මිලදීගැනීම් කටයුතු වඩාත් නම්‍යශීලීව සිදුකර ගැනීම සඳහා සිංගර් විසින් පොලී රහිත යෝජනා ක්‍රම, විශේෂ වට්ටම්, වෙළඳාම් වට්ටම්, නොමිලේ දීමනා සහ ක්‍රෙඩිට් කාඩ් දීමනා ලබා දීමද සිදුකරයි. වැඩි විස්තර සඳහා www.singer.lk  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනයදරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි.  දරුවන්ට

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය, EDB සහ Smart Expos සමඟ එක්ව දැවැන්ත ඔන්ලයින් ප්‍රදර්ශනයක් සංවිධානය කරයිශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය, EDB සහ Smart Expos සමඟ එක්ව දැවැන්ත ඔන්ලයින් ප්‍රදර්ශනයක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos & Fairs ප්‍රයිවට් ලිමිටඩ් හා එක්ව, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හවුල්කාරීත්වයද ඇතුව ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඔන්ලයින් ප්‍රදර්ශනයක්