𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි

කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි

| | 0 Comments |

ජෝන් කීල්ස් සමූහය හා ජෝර්ජ් කීට් පදනම එක්ව පවත්වනු ලැබූ කලා පොළ, 2020 පෙබරවාරි 23 වැනිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.  27 වැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හා සල්පිල වන කලා පොළ 2020, සාම්ප්‍රදායික චිත්‍ර, මූර්ති හා පෝට්රේට් සිතුවම්වල පටන්, නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වා දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක් ප්‍රදර්ශනය කරමින්, දේශීය හා විදේශීය දෘශ්‍ය කලා ශිල්පීන්ගේ කෞශල්‍යය බබලවමින්, කොළඹ ග්‍රීන්පාත් පෙදෙස වර්ණවත් කිරීමට සමත් විය.

මෙවර, කලා පොළ ප්‍රදර්ශනය, රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෘශ්‍ය කලා ශිල්පීන් 361 දෙනකුගෙන් හා පාසල් සිසුන්, වැඩිහිටියන් ඇතුළු දේශීය හා විදේශීය නරඹන්නන් 30,312 කගේ සහභාගිත්වයෙන් යුතුව, එක් දිනක් තුළ ආසන්න වශයෙන් රුපියල් මිලියන 18.7 ක වටිනාකමින් යුත් චිත්‍ර හා මූර්ති අලෙවියක් සහිතව පැවැත්වුණු සාර්ථක ප්‍රදර්ශනයක් විය.

එහි නිල උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ගිලියානා මැනෙලා මහත්මියයි. ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයික් ඇන්තනීස්, භාරකාර අරුන් ඩයස් බණ්ඩාරනායක, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය සභාපති ගිහාන් කුරේ හා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාරී මණ්ඩලය එම අවස්ථාවට සභහාගි වී සිටියහ.

“කලාපොළ පැවැත්වෙන 27 වැනි වතාව වන විට අන් කවරදාටත් වඩා දෘශ්‍ය කලා ශිල්පීන්ගේ සහභාගිත්වයක් අපිට දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ එළි දැක්වීමට අවකාශය සකසා දීමේ අපගේ වෑයමට සහය වෙමින්, අඛණ්ඩව 26 වසරක් අප සමග රැඳී සිටින ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට, ජොර්ජ් කීට් පදනම වෙනුවෙන් මම කෘතඥතාවය පළ කරනවා.” නිල උත්සවයෙහි පිළි ගැනීමේ කතාව පවත්වමින්, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයික් ඇන්තනිස් සඳහන් කළේය.

“කලා පොළ කියන්නෙ, රට පුරාම ඉන්න චිත්‍ර හා මූර්ති ශිල්පීන් එක තැනකට ගෙන එන අපූරු ප්‍රදර්ශනයක්. ඒ වගේම, එය චිත්‍ර හා මූර්ති කලාවේ මෙන්ම, ඊට පෙම් බඳින්නන්ගේද උළෙලක්” යනුවෙන් පැමිණ සිටි පිරිස අමතමින්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ගිලියනා මැනෙලා මහත්මිය සඳහන් කළාය. ඉතාලිය ලෝකය සමග පවත්වා ගන්නා සුහද ගනුදෙනුව පිළිබඳවද ඇය එහිදී සිහිපත් කළාය. “එහි සංස්කෘතික ආධිපත්‍යය‍, චිත්‍ර කලාව, සංගීතය, ආහාර කලාව, ඉතිහාසය ආදිය මගින් පවත්වා ගන්නා ගෝලීය සර්වව්‍යාපී භාවයේ ප්‍රතිමූර්තියක් වීම නිසාම, ඉතාලිය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නවා. රටක සුවිශාල කාර්ය භාරයක් ඉටු කරන කලාවට රටක ආර්ථිකයෙහි උත්ප්‍රේරකයක් වීමටත් හැකියාව පවතිනවා. කලාව එක්තරා ආකාරයකින් නිර්දේශකයක් බවට,‍් පෙළඹුම්කාරකයක් බවට වගේම සිත්ගන්නා දෙයක් බවටත් පත් වෙනවා. ඒ නිසා මේ කටයුත්ත සම්බන්ධයෙන් මගේ ප්‍රශංසාව, චිත්‍ර හා මූර්ති කලා ශිල්පීන්ට පමණක් නොවෙයි, ශිල්පීන් වගේම කලාවට පෙම් බඳින්නන්ද සහභාගි කරවා ගනිමින් මෙවැන්නක් සංවිධානය කළ සංවිධායක මණ්ඩලයටත් හිමි වෙනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.  

“පසුගිය වසර ගණනාව පුරාම කලාපොළ ක්‍රමයෙන් වර්ධනය වෙලා අද වන විට මහා පරිමාණ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් බවට එය පත් වෙලා තියෙනවා. ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වීමට සුදුසු අවකාශයක් නැති මා වැනි ශිල්පීන්ට කලා පොළ කියන්නෙ ඉතාමත් වැදගත් තැනක්. මගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, විකුණා ගැනීමටත් මෙවැනි හොඳ ප්‍රේක්ෂකාගාරයක් මට නිතරම ලැබෙන්නේ නැහැ. ඒ නිසා කලාපොළ මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා” මෙවර දස වැනි වරටත් කලා පොළට සහභාගී වූ ශිල්පී මහේෂ් ඉන්දික පැවසීය.

එහි නිල උත්සවය අලංකාර ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ අතර, රවි බන්ධු විද්‍යාපති බෙර වාදන කණ්ඩායම, සාරංගිත් නර්තන කණ්ඩායම සහ රිවේගා නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ  නර්තන අංගද, කොළඹ සංගීත පාසලක් වන මියුසික් මැටර්ස් සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ ප්‍රසංගයක්ද එහිදී පැවැත්විණි. නිල උත්සවයෙන් අනතුරුව කලා පොළ සංවිධායක මණ්ඩලය ඉතාලි තානාපතිනි මැනෙලා මහත්මියව කලා පොළෙහි චිත්‍ර කුටි වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී චිත්‍ර ශිල්පීන් හා සුහද කතාබහක නිරත වීමටද ඇයට අවස්ථාව ලැබිණි.

ඉකුත් වසරවල මෙන්ම, කෝරා ඒබ්‍රහම් චිත්‍ර පාසලෙහි චිත්‍ර කලා ගුරුවරුන්ගේ මග පෙන්වීම ඇතිව ළමා චිත්‍ර ශිල්පීන් 237 දෙනකු සහභාගි කරවා ගනිමින්, පොඩිත්තන්ට චිත්‍ර ඇඳීමට අවස්ථාවක්ද කලාපොළ සංවිධායක මණ්ඩලය උදාකර දී තිබිණි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ස්වේච්ඡා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 153 කගේ සහයෝගයද කලා පොළ සාර්ථක කර ගැනීමේ කාර්යය සඳහා හිමි විණි.   

කලාපොළ මගින් මෙන්ම, ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ශිල්පීන් හා ගැනුම්කරුවන් වසර පුරාම සම්බන්ධ කරන, www.kalapola.lk හා www.srilankanartgallery.com වැනි වෙබ් අඩවි ඔස්සේද, ජෝන් කීල්ස් පදනම, දෘශ්‍ය කලා ශිල්පීන් සඳහා ප්‍රචාරණය ලබා දෙන අතර, විවිධ ගැනුම්කරුවන් සමග ඔවුන් සම්බන්ධ කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයිPUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ

ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!

ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන්