𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්

සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්

| | 0 Comments |

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි  2022 ජනවාරි 21 සිට 27 දක්වා  විශේෂ සංවත්සර දීමනා  රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.

1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ   සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ ගෘහභාණ්ඩ එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව,වාහන නැවැත්වීමේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් සහිත වෙළද ජාලයක් ලෙස හදුනා ගත හැකිය.

සිංගර් මෙගා හි අලෙවි අධ්‍යක්‍ෂ වජිර තෙන්නකෝන් මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සිය අදහස් දක්වමින් පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සිල්ලර වෙළෙඳ අලෙවි ජාලයක්   ලෙස වසර 24ක් ලද දියුණුව අප සමරන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඒ වෙනුවෙන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට විශේෂ   දීමනා සහ ක්‍රියාකාරකම් රැසක් අත්විදීමට හැකියාව ලබා දී ඇති අතර ඔවුන් හට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක භාවය තව තවත් වැඩි දියුණු කිරීමට ඇප කැප වී සිටියි.

සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර මනා දැක්මක් සහිතව නවතම පෙනුමකින් පාරිභෝගික ජනතාව වෙත මෙතෙක් අත් නොවිඳි තෘප්තිමත් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දේ. ZTE, TCL, DAHUA සහ DELL වැනි තාක්‍ෂණික සන්නාම රැසක් සමග සිංගර් සමාගම ගිවිසුම් ගැනීම තුලින් පාරිභෝගික ජනතාවට වඩා ඉහළ තෝරාගැනීමක් ලබා දී ඇත.

සිංගර් මෙගා හි ව්‍යාපාර සංවර්ධන කළමණාකාර මංජුල සිල්වා මහතා  අදහස් පළ කරමින් පවසා සිටියේ  “අප  නව මුහුණුවරකින් සහ නව දැක්මකින් අනාගතය සඳහා දැවැන්ත පියවර තබමින් ඉදිරියට ගමන් කරමින් සිටියි.එම නිසා සිංගර් මෙගා හි 24 වැනි සංවත්සරය අපගේ පාරිභෝගිකයන් සමඟ සැමරීම අපට ඉමහත් සතුටක්. සිංගර් නිරතුරුවම වෙහෙසෙන්නේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ ජීවන  තත්වය වඩා ඉහල තලයකට ගෙන ඒම සදහා  අවශ්‍ය පහසුකම් සැපයීමටයි.”

දිවයින පුරා ඇති සෑම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයක්ම ලොව පුරා වඩාත් ඉහළ පිළිගැනීමක් සහිත සන්නාම රැසක් සමග ඉතාමත් ඉහල පාරිභෝගික සේවාවක් ලබා දීමට කටයුතු සලසා දෙයි. සියලුම සන්නාම සහ නිෂ්පාදන පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති කාර්ය මණ්ඩලයකින් සිංගර් මෙගා  ප්‍රදර්ශනාගාර සමන්විත වන අතර  එය පාරිභෝගිකයන්ගේ පහසුව තවත් වැඩි කරයි.

1877 වසරේ ආරම්භ වූ සිංගර් (ශ්‍රී ලංකා) PLC දිවයින පුරා අසමසම පැවැත්මක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ සමාගමක් බවට පරිණාමය වී ඇත. සිංගර් ගෘහස්ථ නිෂ්පාදන, තාක්ෂණික නිෂ්පාදන මෙන්ම කාර්මික සහ මූල්‍ය අංශ හරහා ගෝලීය බහු-සන්නාම නිෂ්පාදන රැසකට  හිමිකම් කියයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ  ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම 

Scybers partners with Netenrich and Google Cloud to deliver next generation Security Operations Center (SOC) services for Banking, Financial Services and High-Tech industriesScybers partners with Netenrich and Google Cloud to deliver next generation Security Operations Center (SOC) services for Banking, Financial Services and High-Tech industries

Scybers, a global cybersecurity consulting and managed services company, today announced a partnership with Netenrich and Google Cloud. The partnership combines the power of Scybers’ global cybersecurity expertise with Netenrich’s