𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි

සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි

| | 0 Comments |

සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්  අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්‍ෂ සමස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය. ‘Just Like Mom’ වැඩසටහන රට පුරා සිටින තරුණ තරුණියන්ට, මව්වරුන් විසින් පිළියෙළ කරන ලද තම ප්‍රියතම ආහාර වර්ග තමාට ආවේණික අයුරින් පිළියෙළ කිරීමටත් ඒවා තම ආදරණීය මෑණිවරුන්ට පිළිගැන්වීමටත් අවස්ථාව උදාකරදෙන ලදී. 

මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පැවසීය. “ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ සැපයීමේ ප්‍රමුඛයා වශයෙන් නිෂ්පාදන අලෙවි කිරීම සහ විකිණීමෙන් ඔබ්බට ගොස් අපගේ පාරිභෝගිකයන් සමඟ සමීප සබඳතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අපට දැනුණා. එමනිසා මේ වසරේ පැවැත්වූ මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්, තරුණ තරුණියන්ට ඔවුන්ට ආවේණික ඉවුම් පිහුම් අත්දැකීමක් නිර්මාණය කිරීමටත් තම මව්වරුන්ට තමා විසින්ම පිළියෙළ කරන ලද ආහාර පිළිගැන්වීමටත් අපි අවස්ථාව හිමිකරදුන්නා. අපගේ අරමුණ වූයේ ආහාර පිසීමේදී පවුලේ සාමාජිකයන් අතර සමඟිය සහ සහයෝගය නංවාලීමයි.”

මෙම cook-off චැලේන්ජ් සඳහා සහභාගී වූ තරඟකරුවන්ට,  ඔවුන්ගේ ආහාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වල ඡායාරූපයක්, ආහාරය පිළියෙළ කිරීමේදී ලබාගත් ඡායාරූපයක් සහ තමා පිළියෙළ කල ආහාරයේ ඡායාරූපයක් ලබාගෙන එය සිංගර් ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය පිටු ටැග් කරමින් #justlikemom යන හෑෂ් ටැගය සමඟින් ඔවුන්ගේ Facebook හෝ Instagram සමාජ මාධ්‍ය ජාලවල පළකිරීමටත්, අවසාන වශයෙන් ඔවුන්ගේ Post එකේ ඡායාරූපයක් ඔවුන්ගේ ආහාරයේ විස්තරය, ඔවුන්ගේ නම සහ ඔවුන්ව සම්බන්ධ කරගතහැකි තොරතුරු සමඟ සිංගර් Facebook හෝ Instagram වෙත පිටු වෙත එවීමට සිදුවිය.

Just Like Mom තරඟය සඳහා සහභාගී වූ විවිධ වයස් කාණ්ඩ වල තරුණ තරුණියන් 200කට අධික ප්‍රමාණයක් අතරින් සජීවී අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් පස් දෙනෙකු තෝරා ගන්නා ලදී. තරඟාවලියේ ජයග්‍රාහිකාවට අමතරව අනෙකුත් අවසන් තරඟකරුවන් සිව්දෙනාට රුපියල් 20,000/= ක්  වටිනා සිංගර් වවුචර්පත් මෙහිදී පිරිනමන ලදී.

01: සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශුරතාවය දිනාගත් සචිනි නුවරපක්ෂ මෙනවිය තම ත්‍යාගය ලබා ගැනීම
02. සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් අවසන් මහා තරඟය සඳහා සහභාගී වූ තරඟකාරියන්.

තරඟ විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ට සූපශාස්ත්‍ර විශේෂඥයින් තිදෙනෙකු වන  Anoma’s Kitchen හි නිර්මාතෘ අනෝමා විජේතුංග, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සූපවේදිනියක වන සූපවේදී දුෂාන්ති මදනායක සහ ආහාර පිලිබඳ විචාරකවරියක් සහ ‘Peckish Me’ ආහාර බ්ලොග් අඩවියේ කතුවරියක වන ජයනි සේනානායක, සහභාගී වූහ. ඔවුන් තරඟය විනිශ්චය කළා පමණක් නොව, තමන් සතු අතිවිශාල දැනුම් සහ අත්දැකීම් සම්භාරය සහභාගීවූවන් සමඟ බෙදාහදා ගත්හ. මෙම සමස්ත වැඩසටහන සඳහා සමාජ මාධ්‍යයන්හි ජනප්‍රිය දනු, ලෝචි සහ මාෂි සිරිවර්ධනගේද  නොමසුරු දායකත්වය හිමිවිය.

මෙම වැඩසටහන “Happiness is Home Made” සංකල්පයට අනුව මුළුතැන්ගෙයි සහ ගෘහ උපකරණ කාණ්ඩය සඳහා දියත් කරන ලද අති සාර්ථක වෑයමකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World RecordOrange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record

Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade.

Huawei சேவை திருவிழா: அற்புதமான சலுகைகள், நன்மைகளுடன் ஆரம்பம்Huawei சேவை திருவிழா: அற்புதமான சலுகைகள், நன்மைகளுடன் ஆரம்பம்

இலவச பழுதுபார்த்தல் தள்ளுபடி கூப்பன், 3 மாதங்களுக்கு 50GB Cloud Storage, இன்னும் பல உலகளாவிய ஸ்மார்ட்போன் தரக்குறியீடான Huawei, தனது நீண்டகால வாடிக்கையாளர்களுக்கு நன்றியைத் தெரிவிக்கும் வகையில், சிறந்த சேவை அனுபவத்தை வழங்கும் வகையிலான, பல்வேறு நன்மைகளுடனான Huawei சேவைத்