𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

| | 0 Comments |

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

2020/21 වසර තුළදී  දී සමාගම විසින් හිමිකරගෙන ඇති ලාභය අයවැයගත ලාභ ඉලක්කයට වඩා අඩුවී ඇත. එහිදී සමාගමේ අපේක්ෂිත දළ ලාභය 180% වූ අතර බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148%  ලෙස වර්ධනය වී ඇත. මෙය ඇත්ත වශයෙන්ම පැල්වත්ත කිරි සමාගම ලැබූ විශාල ජයග්‍රහණයක් වන අතර 2019/20 මුදල් වර්ෂයේදී සමාගම PBT හී අලාභයක් වාර්තා කළේය.

කොවිඩ් තත්ත්වය හමුවේ කරන ලද සීමා කිරීම් මධ්‍යයේ සමාගම සමස්ත ගොවීන්ගේ සංඛ්‍යාව  6500 දක්වා16% කින් ඉහළ නැංවීමට සමත් විය. එසේම 2020/21 දී සමාගම විසින් ගොවීන්ට රුපියල් බිලියන 3.18 ක් ගෙවා ඇති අතර එය 70% ක වර්ධනයකි. එලෙසම  වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන දහය අතුරින් තුනක් හැරුණු විට නිෂ්පාදන හතක් ද 2020/21 වසර තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2020/21 වසර තුළ දී වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන පෙළ ලෙස සම්පුර්ණ යොදය සහිත කිරි පිටි 76% ක වර්ධනයක් පෙන්නුම් කරයි. දෙවන ඉහළම අලෙවිය සහිත නිෂ්පාදනය වන්නේ බටර් වන අතර එය 42% ක වර්ධනයක් පෙන්නුම් කරයි. තෙවන ඉහළම අලෙවිය යෝගට් වන අතර එය 49% ක වර්ධනයක් පෙන්නුම් කරයි. යෝගට් පානය සහ මුදවන ලද කිරි  යන දෙකම 392% සහ 486%  ලෙස අලෙවියෙහි ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරයි. එලෙසම අනෙකුත් නිෂ්පාදන රේඛාවලින් ද පෙන්නුම් කළේ 2020/21 වසර තුළදී වර්ධන වේගය 100% ඉක්මවන බවයි. ගිතෙල්, විශාලතම අලෙවියක් සහිත නිෂ්පාදනය වන අතර හයවන ස්ථානයේ සිටියද, 2020/21 දී සියලුම නිෂ්පාදන අතර ඉහළම වර්ධනයක් පෙන්නුම් කරමින් එය 1070% ක දස ගුණයක වර්ධනයක් වාර්තා කර තිබේ.

2020/ 21 මුල්‍ය වර්ෂය දෙස මෙහෙයුම් දෘෂ්ටි කෝණයකින් බැලූ විට සමාගම සිය මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමෙන් හා  ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) වන SAP හඳුන්වා දීමෙන් ස්වයංක්‍රීයකරණය ශක්තිමත් කල වසරකි.

පැල්වත්ත කිරි සමාගම

කිරි සැකසුම්, සත්ව ආහාර හා කිරි නිෂ්පාදන පිළිබඳ විශේෂඥතාවයක් ඇති පැල්වත්ත කිරි සමාගම වසර 2006 දී ආරම්භ කරන ලද අතර එය විදෙස් රටවලින් කිරි නිෂ්පාදන ආනයනය සඳහා විදේශ විනිමය ගලා යාම සාර්ථකව සුරකින ශ්‍රී ලාංකික සන්නාමයකි. කිරි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මක අමුද්‍රව්‍ය අඛණ්ඩව හා විශ්වාසදායක ලෙස අඛණ්ඩව ගලා ඒම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය වැඩි දියුණු කිරීමට සමාගම අපේක්ෂා කරයි. ISO 22000: 2018 සහතිකලත් සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම සතුව වර්තමාන ශ්‍රී ලංකා කිරි කර්මාන්තයට අවශ්‍ය ඩෙන්මාර්ක තාක්‍ෂණයෙන් සන්නද්ධ නවීනතම කිරි කර්මාන්තශාලා පිහිටුවා ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ஆசியாவின் சிறந்த ரியல் எஸ்டேட் நிறுவனங்களுக்கு விருது வழங்கிய வரலாற்றுச் சிறப்புமிக்க 15 ஆவது PropertyGuru Asia Property Awards Grand Finalஆசியாவின் சிறந்த ரியல் எஸ்டேட் நிறுவனங்களுக்கு விருது வழங்கிய வரலாற்றுச் சிறப்புமிக்க 15 ஆவது PropertyGuru Asia Property Awards Grand Final

தெற்காசியாவின் முன்னணி ஆதன தொழில்நுட்ப நிறுவனமான PropertyGuru, தனது   PropertyGuru Asia Property Awards நிகழ்வினை மெய்நிகர் கொண்டாட்ட மற்றும் விருது  வழங்கும் நிகழ்வாக ஒளிபரப்பியதன் மூலம் வரலாற்றுச் சாதனை படைத்துள்ளது. இது PropertyGuru Asia Property Awards Grand Final

“හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.“හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග