𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි

හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි

| | 0 Comments |

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, භූගෝලීය අභියෝග ජය ගනිමින් දීපව්‍යාප්ත ආවරණ ජාලයක් වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනීම පසුගියදා සනිටුහන්විය.

වෙනිවැල්ආර ගම්මානයේ සිසුන්ට සහ ජනතාවට අත්‍යාවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාව ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහාය සහ මගපෙන්වීම ඇතිව හච් ආයතනය විසින් වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ පසුගියදා විවෘත කරන ලදී.

වෙනිවැල්ආර යනු හම්බන්තොට දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි දුෂ්කර ගම්මානයකි. එහි දැනට පවුල් 600කට අයත් 2,200ක පමණ පිරිසක් වාසය කරන අතර මාර්ගගත අධ්‍යාපන පහසුකම් අවශ්‍ය සිසුන් 1,100කට අධික පිරිසක් ඒ අතරවෙති. එම සිසුන් බහුතරයක් තම අධ්‍යාපන කටයුතු හදාරනු ලබන්නේ වෙනිවැල්ආර ග්‍රාමයට යාබදව පිහිටි විහාරගල මහා විද්‍යාලයේය. වෙනිවැල්ආර පුරාණ විහාරස්ථානය ගමේ ප්‍රධාන ප්‍රජා මධ්‍යස්ථානය වන අතර, අඛණ්ඩව වසර තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම දහම් පාසල ලෙස සම්මානයටද පාත්‍රවී ඇත. මෙලෙස කාර්යක්ෂම අන්තර්ජාල ආවරණයක් ලැබීම අනාගතයේදී මෙම ග්‍රාමයට තවතවත් ප්‍රතිලාභ අත්කර දීමට හේතු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් හච් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා පැවසුවේ, “මෙවැනි දුෂ්කර කාල සීමාවක වෙනිවැල්ආර ග්‍රාමයෙහි සහ ඒ අවට සිසු සිසුවියන්ට නැතිවම බැරි අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවීම ගැන අපි මුළු හදවතින්ම සතුටු වෙනවා. අධ්‍යාපනය ලබාගැනීමට ඇති එකම විකල්පය මාර්ගගත අධ්‍යාපනය බවට පත්ව ඇති මේ කාලවකවානුවේ මෙවැනි දුෂ්කර ගම්මාන අන්තර්ජාල පහසුකම් වලින් සන්නද්ධ කිරීම සහ සියළුම සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සමාන අවස්ථා ලබා දීම අත්‍යවශ්‍යයි. මෙම ජාතික මෙහෙවරට මුලපිරීම හා අපත් සමඟ එක්ව කටයුතු කිරීම ගැන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට මගේ ස්තුතිය පුදකරනවා,” යනුවෙනි.

හච් ආයතනයෙහි මෙම ප්‍රයත්නය අගයමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඕෂධ සේනානායක මහතා මෙලෙස පවසා සිටියේය. “මෙම ජාතික ඩිජිටල්කරණ වැඩසටහනට හච් ආයතනය දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ අන්තර්ජාල සම්බන්ධතා නිසා ගැටලුවලට මුහුණ පා සිටින දුෂ්කර ග්‍රාමීය වැසියන්. මාර්ගගත අධ්‍යාපනය අපගේ ජීවිතයේ කොටසක්ව පවතින මේ මොහොතේ ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය මඟින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් සවිබල ගැන්වීම මෙන්ම බොහෝ කර්මාන්ත හරහා තාක්‍ෂණික ව්‍යාප්තිය වේගවත් කිරීමටත් සහායක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. දීපව්‍යාප්ත මෙම ව්‍යාපෘතිය මඟින් සැමට එකසේ අන්තර්ජාල සම්බන්ධතාවයන් ලබාගත හැක.”

මෙම වසංගත සමයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙනයාම සහතික කිරීම සඳහා මාර්ගගත අධ්‍යාපනයේ අවශ්‍යතාව ඉස්මතුවී තිබේ. දුෂ්කර ප්‍රදේශවල නිසි අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැතිකම නිසා බොහෝ සිසු සිසුවියන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇත. මෙම තත්වය මගහරවා ගැනීමට රජයේ මග පෙන්වීම සහ සහාය ඇතිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ගත් මෙම කාලෝචිත පියවර මගින් දිවයින පුරා සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගත හැක.

දැනට ක්‍රියාත්මක වන ගමට සන්නිවේදන ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දීමට දරන උත්සාහයේ දී, හච් ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ කරා තම ආවරණයජාලය පුළුල් කිරීමේ කටයුතු අඛණ්ඩව  සිදුකරන අතරම සැමට ස්ථාවර අන්තර්ජාල අත්දැකීමක් ලබා දීමට අවධානය යොමු කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Diva Dathata Diriyak commences registrations for 6th Entrepreneurial Skills Development Programme in North Central ProvinceDiva Dathata Diriyak commences registrations for 6th Entrepreneurial Skills Development Programme in North Central Province

The ‘Diva Dathata Diriyak Entrepreneurial Skills Programme’ is a transformative collaboration between Diva, the flagship laundry care brand of Hemas Consumer Brands and Women in Management (WIM) to support women

Hutch ஒன்லைனில் ரீசார்ஜினை மேற்கொண்டு 50% போனஸை அனுபவித்து மகிழுங்கள்!Hutch ஒன்லைனில் ரீசார்ஜினை மேற்கொண்டு 50% போனஸை அனுபவித்து மகிழுங்கள்!

இலங்கையின் மிகவும் விரும்பப்படும் புரேட்பேண்ட் சேவை வழங்குனரான HUTCH, @ Hutch இல் தமது முதல் ஒன்லைன் ரீசார்ஜினை செயற்படுத்தும் வாடிக்கையாளர்களுக்கு 50% போனஸையும், அதன் பின்னரான ஒவ்வொரு ரீசார்ஜுக்கும் 25% போனஸையும், 2021 ஜூலை மாதம் வரை வழங்கவுள்ளது. 072/078

GlobalData and Huawei Release the High-Stability Core Network White Paper Unveiling the First Core Network Reliability StandardGlobalData and Huawei Release the High-Stability Core Network White Paper Unveiling the First Core Network Reliability Standard

During the 2023 5G Core Network Summit, GlobalData, a world-renowned consulting firm, released the High-Stability Core Network White Paper together with AIS, Entel, Sunrise, Türk Telekom, and Huawei. The white