𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා

oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා

| | 0 Comments |

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH  සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා තම නිවෙස්වල සිටම ඉතා ආරක්ෂිතව නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකිය.

oDoc-HUTCH සුව සරණ සේවාව මඟින් පාරිභෝගිකයින්ට තම නිවසේ සිටම දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු හමුවීමට කාලයක් වෙන්කරවා ගත හැකි අතර වෛද්‍ය උපදෙස්‌ වලට අමතරව සහතික කළ ඩිජිටල් බෙහෙත් වට්ටෝරුවක්ද මේ හරහා ලබාගත හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා සඳහන් කළේ මෙවැන්නකි.” විශේෂයෙන් සෞඛ්‍ය සේවා අංශයට වැඩි සහයෝගයක් අවශ්‍ය වන මෙවැනි තත්වයක් තුළ මෙම ටෙලිමෙඩිසින් සේවාවේ වටිනාකම ඉතා ඉහළයි. පවතින තත්වය හමුවේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට තම නිවසේම රැඳී සිට ඉතා ආරක්ෂිතව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන්  වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් වට්ටෝරු ලබාගැනීමට ලැබීම ඉතා වටිනා සේවාවක්. ODoc සමඟ එක්ව මෙම කාර්යයේ පෙරමුණ ගැනීමට ලැබීම අපිට ආඩම්බරයක් වගේම මෙම වසංගත කාලය තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් ප්‍රවේශය ලබාදීමට හැකිවීම ගැන අපි සතුටුවෙනවා.”

හච් සහ  oDoc අත්වැල් බැඳ ගනිමින් හච් පාරිභෝගිකයින් වෙනුවෙන්ම හඳුන්වා දුන් මෙම ටෙලිමෙඩිසින් සේවාව, එක් සේවා වාරයක් සඳහා රු. 199/= ක් හා බදු ඇතුළත් ඉතාමත් පහසු හඳුන්වාදීමේ මිලකට ලබාදෙන ලදී. එලෙස හඳුන්වාදුන් මෙම අනඟි සේවාව පවත්නා වසංගත තත්වය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ලබා දීමට හච් සහ  oDoc හවුල්කරිත්වය සමත්වී ඇත.

මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින්, ODoc හි ප්‍රධාන විධායක නිලධාරි හේෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ” මෙවැනි හදිසි අවස්ථාවකදී අපේ රටට උදව් කිරීමට අපි කැපවී සිටිනවා. කෝවිඩ් -19 අර්බුදය හමුවේ රෝහල්වල රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ටෙලිමෙඩිසින් කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී හමාරයි. හච් සමඟ එක්වීමෙන් අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමෙන් සෞඛ්‍ය සේවා සපයන්නන්ට විශාල සහනයක් ලබා දිය හැකි බව අපට විශ්වාසයි. අපගේ හවුල්කරු GPs මෙම තත්වයේ බරපතලකම හඳුනාගෙන පැය 24 පුරාම සේවය කිරීමට සූදානමින් සිටින අතර නිවසේ ආරක්ෂිතව සිටිමින් නොමිලේ ලබාදෙන මෙම සේවාව ලබා ගන්නා ලෙස අපි සැමට ආරාධනා කරනවා.” යනුවෙනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Technomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® HonorsTechnomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® Honors

Technomedics International (Private) Limited, a leading provider of medical and healthcare solutions in Sri Lanka, is proud to announce a significant achievement at the 2024 National Business Excellence Awards (NBEA).   

කාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙතිකාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD) සහJSAC යන