𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

| | 0 Comments |

ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ.

මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව කරදර විය යුතු නැත. නවතම අංගයක් වශයෙන් මුදල් ගෙවීමේ/රීලෝඩ් කිරීමේ අභ්‍යන්තර පහසුකම, යෙදවුමට එක් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම, මෙම නවතම යෙදවුමත් සමග, USSD සක්‍රිය කිරීමේ කේත මතක තබා ගැනීමේ කරදරයෙන්ද පරිශීලකයින් නිදහස් කෙරෙන අතර,‍් එහි පවතින සම්පූර්ණ සේවා ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම මගින් ඕනෑම සේවාවක් කිසිදු බාධාවකින් තොරව සක්‍රිය කිරීමට පරිශීලකයින්ට හැකියාව පවතී.

මෙම යෙදවුම භාවිතා කරන්නන් ඒ සමගින් පිරිනැමෙන් නවතම “My Plan” විශේෂාංගය මගින්ද බල ගැන්වෙන අතර, එමගින් සිය දත්ත සැලසුම් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමටත්, ඇමතුම් හා කෙටි පණිවිඩ, ස්වකීය කැමැත්ත පරිදි එක් කර ගැනීමටත් හැකියාව සලසා තිබේ.  

මෙහි ඇති විශේෂත්වය නම්, යෙදවුම භාවිත කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකිරීමයි. එමෙන්ම, දවසේ ඕනෑම වේලාවක යෙදවුමට පිවිසීම මගින් ඒ මොහොතෙහි පවතින ශේෂය දැන ගත හැකි වේ.

නවීකරණය කරන ලද HUTCH Self Care app යෙදවුමපිළිබඳව අදහස් දක්වමින්, හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ, දත්ත, අමතර සේවා සහ ඩිජිටල්- සහකාර සාමාන්‍යාධිකාරී යාර්තව් මාතියාපරනම් මහතා මෙලෙස අදහස් දක්වයි. “ත්‍රෛ භාෂා යෙදවුමක් වන මෙම HUTCH Self Care සැලසුම් කර තිබෙන්නේ, සියලුම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින් වෙත හච් සේවාවන් පිරි නමමින් සහය සැලසීම සඳහායි. අප මෙම යෙදවුම වැඩි දියුණු කිරීමේදී සැලකිල්ලට ගත් ප්‍රධාන කාරණය නම් එමගින් පාරිභෝගිකයින් වෙත පහසුව සැලසීමයි. HUTCH Self Care නමට සරිලන පරිදිම, මෙමගින් නවතම වැඩි දියුණු කිරීම් සමග හච් සේවාවන් විනිවිදභාවයකින් සහ සරලභාවයකින් යුතුව, මනා පාලනයකින් පරිශීලකයින් හට පිරි නැමෙනවා. මෙම යෙදවුම බාගත කර නවතම ඩිජිටල් අත්දැකීම් විඳ ගන්නා හැටියට සියලුම හච් පාරිභෝගිකයින් වෙත ආරාධනා කිරීමට කැමතියි. ”

Google Play store, Apple App Store හා Huawei App Gallery ඔස්සේ බාගත කළ හැකි HUTCH Self Care යෙදවුම මගින් පාරිභෝගිකයින් හට හච් සේවාවන් වෙතට දැන් සැණෙකින් ප්‍රවේශ වීමට හැකිය.

යෙදවුම ස්ථාපනය කිරීමෙන් පසුව, පරිශීලකයින්ට පහසු පියවර දෙකකින් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. පළමුව ජංගම දුරකථන අංකය (078 හෝ 072) ඇතුළත් කිරීමෙන් සහ දෙවනුව, කෙටි පණිවිඩයක් මගින් ලැබෙන රහස් අංකය ඇතුළත් කිරීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, මෙරට සන්නිවේදන සේවා සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමකි. 2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, 078 හා 072 අංක දරන හච් පාරිභෝගිකයින්  හට සේවාවන් පිරිනමිමින්, හච් ජාලය දීප ව්‍යාප්ත දැවැන්ත 4G ජාලයක් ලෙසින් ව්‍යාප්ත කෙරිණි. ඒ සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම හච් පාරිභෝගිකයින්ගේ ජාල අවශ්‍යතා සපුරාලීම පිණිස ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් වෙත හැකියාව සැලසී තිබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්

Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ  Nova 7SE සහ Nova 7i  සෑම මිලදී

80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට

ශ්‍රී ලංකාවේ රුව වඩන සඳුන් සබන් අතර ප්‍රමුඛතම   සන්නාමය, රාණි සඳුන් දශක 08ක අසමසම  ගුණාත්මක බව සහ සුන්දරත්වය සමරමින් රාණි සඳුන්, දිදුලන ඔබ  රැජිනක් යන තේමාව යටතේ මන බන්දනීය සහ

Unilever Sri Lanka Celebrates a Decade of Empowering Sri Lanka’s Youth Through the 10th Edition of Its Coveted ‘SPARKS’ student Ambassadorship ProgramUnilever Sri Lanka Celebrates a Decade of Empowering Sri Lanka’s Youth Through the 10th Edition of Its Coveted ‘SPARKS’ student Ambassadorship Program

Empowering the younger generation, Unilever Sri Lanka recently inducted its 10th batch of Unilever ‘SPARKS’ student Ambassadors, welcoming 26 passionate undergraduates from 10 different universities into its impactful and sought-after