𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz දීවා විසින් නවතම “දීවා ෆ්‍රෙෂ් අරලිය” වෙළෙඳපොළට හඳුන්වාදෙයි

දීවා විසින් නවතම “දීවා ෆ්‍රෙෂ් අරලිය” වෙළෙඳපොළට හඳුන්වාදෙයි

| | 0 Comments |

දීවා, සෑම විටම උත්සාහ කරනුයේ සුවිශේෂී සුවඳකින් යුක්ත, දේශීයත්වය අගයන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමටයි. දීවා නවතම ප්‍රභේදය වන, දීවා ෆ්‍රෙෂ් අරලිය ඊට කදිම නිදසුනකි. දීවා ෆ්‍රෙෂ් අරලිය ශ්‍රී ලාංකේය අද්විතීය සුවඳකින් යුක්ත වන අතර ඇඳුම් පැළඳුම් සඳහා උසස් නැවුම් බවක් සහ පිරිසිදු බවක් ලබා දීම සඳහා නිෂ්පාදනය කර ඇත. සියලුම දීවා ෆ්‍රෙෂ් නිෂ්පාදන නවීන තාක්‍ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති අතර දිගුකාලීන සුවඳකින් යුක්ත වේ.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුමක් ලෙස  2003 වසරේදී හඳුන්වාදෙන ලදී. පාරිභෝගිකයින් රෙදි සේදීමට දක්වන්නාවූ මැලිකම මැනවින් හඳුනාගත් සැබැවින්ම ශ්‍රී ලාංකේය සන්නාමයක් වන දීවා, අද වන විට සියලු පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැළපෙන රෙදි සෝදන විසඳුම් ලබාදීමට අඛණ්ඩව කැපවෙන අතර දීවා ෆ්‍රෙෂ් අරලිය වෙළෙඳපොළට හඳුන්වාදීම එම කැපවීමේ ප්‍රතිඵලයකි.

දීවා ෆ්‍රෙෂ් හි, ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය තුළ අන්තර්ගත පර්ෆියුම් මැජික්, දිගුකල් පවත්නා විශිෂ්ට සුවඳක් ලබදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් ඇඳුම් සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමක් සහ දීප්තියක් ලබාදෙයි. දීවා ෆ්‍රෙෂ් පවුලේ අනෙකුත් ප්‍රභේද අතරට රෝස, සේපාලිකා, සමන්පිච්ච, නිල් මානෙල් සහ ලැවෙන්ඩර් ඇතුළත් වන අතර, ඒවා දෙහි සමඟින් මුසුවී ඇඳුම් වලට අසමසම සුවඳක් එක්කරයි.  දීවා ෆ්‍රෙෂ් අරලිය කිලෝග්‍රෑම් එකේ ඇසුරුම්, දීපව්‍යාප්ත අලෙවිසැල් වලින් සහ හේමාස් E-store වෙතින් අන්තර්ජාලය හරහා දැන් මිලදී ගත හැක.

  • අවසානයි    –

ඡායාරූප විස්තරය

දීවා ෆ්‍රෙෂ් අරලිය සහ දෙහි

Hemas Consumer පිළිබඳ

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Expanding Horizons; Unilever’s uStore.lk enters into a partnership with Celeste Daily, and Uber Eats to improve consumer convenience Expanding Horizons; Unilever’s uStore.lk enters into a partnership with Celeste Daily, and Uber Eats to improve consumer convenience 

Unilever Sri Lanka’s official e-commerce platform, uStore.lk recently entered into a partnership with Uber Eats and Celeste Daily in an effort to make grocery shopping more convenient, intuitive and reliable

ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයිඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම