𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි

පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත් තරඟයක් පවත්වන ලදී.  දෙසැම්බර් 15 වන දින සිට 2021 දෙසැම්බර් 31 වනදා දක්වා තරඟකරුවන් හට තරගය විවෘතව පැවතිණි. මෙම තරඟය මගින් තරඟකරුවන්  හට පැල්වත්ත කිරි ආශ්‍රිත නිෂ්පාදන උපයෝගී කරගනිමින් තම හැකියාවන් නත්තල තේමා කොටගනිමින් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය.

තරගයට ඉදිරිපත් වීමේ මාධ්‍යය පැල්වත්ත ෆෙස්බුක් පිටුව වූ අතර අතුරුපස වර්ග සහ නත්තල් තේමාකොටගත්  කෑම වර්ග සිය ගණනක් එහි පළවිය. පැල්වත්තේ විවිධ නිෂ්පාදන භාවිතා කරමින් තරඟකරුවන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරිපත්කොට තිබුණි. නත්තල් සලකුනේ සිට නත්තල් කේක්, පුඩින්, කුකීස් සහ කිරි මගින් තරඟකරුවන්  සිය හැකියාවන් එලි දක්වා තිබුණි.  සමහර තරඟකරුවන් ඒවා  ඔවුන්ගේ නිවසේ  නත්තල් සැරසිලි සමඟ  ප්‍රදර්ශනය කොට තිබුණි.

දෙසැම්බර් මාසය විශේෂ වන්නේ නව කැලැන්ඩර වර්ෂය සහ නත්තල් සමය නිසාය. ඒ සමඟම අවට ඇති සියල්ල සැරසිලි, විදුලි පහන්, කැරොල් සහ කෑම වලින් පිරී  යයි. වසරක සහ දෙකක කාලයක් තුල ආහාර  එකිනෙකා සමඟ බෙදා ගැනීමේ අදහස අවදානමක් වූ බැවින්, මෙම මුලපිරීම තුලින් අප සැවොම ආදරය කරන සහ භුක්ති විඳින එම නත්තලේ නියම අර්ථයට  නැවත පණක් ලබා දීමට පැල්වත්ත මේ තරඟය තුලින් උත්සහ කරන ලදී.

පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ  කළමනාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දක්වන ලදී, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම යනු සිය නිෂ්පාදන හරහා ප්‍රජාවන් ඒකරාශී කරනු ලබන සැබවින්ම ශ්‍රී ලාංකීය සමාගමක්. සෑම උත්සවයකදීම අපි බොහෝ පවුල් සමඟ ඔවුන්ගේ කෑම මේසවල ප්‍රීතිය බෙදා ගෙන තිබෙනවා. නත්තල් උත්සවයටත් එය එසේමයි. එසේම  සැබෑ  ශ්‍රී ලාංකීය සන්නාමයක් වීමට ලැබීම ගැන අපි ඉතා ආඩම්බර වෙනවා”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “විශ්වාසය, ගුණාත්මකභාවය සහ සබඳතාවය යන කරුණු තුන සැලකිල්ලට ගනිමින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය ඕනෑම කාර්යයකට එළබෙන අතර ඔවුන් මෙම කරුණු තුන රාජකාරියක් ලෙස සලකන අතර  සියලුම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන් සහ අපගේ දිවයිනේ සෙසු ජාතීන් හා  ඔවුන් විසින් ඉටු කල යුතු සේවාවක් ලෙස සලකනවා”

ඉහත කරුණුවලට අනුකූලව, තරඟකරුවන් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර බැඳීමක් ඇති කිරීම තරඟයේ අරමුණ විය.  බොහෝ තරඟකරුවන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් වට්ටෝරු වලින් සහ පැල්වත්ත සමාගමේ ෆෙස්බුක් පිටුවෙන් ඉදිරිපත් කර ඇති ආහාර වට්ටෝරු වලට අනුව සිය නිර්මාණශිලිත්වය එළිදක්වා තිබුණි. සමහර සහභාගිවන්නන් නත්තල් රස මුසු වූ ගුලාබ් ජමුන් වැනි දකුණු ආසියානු අතුරුපස මෙන් වෙනස්කම් සහිත විවිධ අහාර වර්ග අත්හදා බලා තිබුණි. සියලුම කෑම වර්ග පැල්වත්ත නිෂ්පාදනවලින් සෑදීමට දිරිමත් කර තිබූ  අතර පැල්වත්ත නිෂ්පාදන භාවිතා කළේ නම්, ඔවුන්ගේ ආහාරයේ පින්තූරයක් සමඟ පැල්වත්ත කිරි නිෂ්පාදනයේ පැහැදිලි සහ නිර්මාණාත්මක ආකාරයෙන් ගත්  පින්තුරයක් ද තරගය නිවේදනය කර ඇති පැල්වත්ත ෆේස්බුක් පිටුවට ඇතුලත් කිරීමට ඔවුන්ව  දිරිමත් කරන ලදී. එසේ කිරීමෙන් අනතුරුව තරඟකරුවන් කිහිපදෙනෙක්ම ත්‍යාග සඳහා සුදුසුකම් ලබා තිබූ අතර ඒ අනුව කාවින්දි අමාෂා, වික්‍රම් මෙනන්, ශාලි මධුෂි, ෆර්හා ෆනා, මෙලනි දිසානායක, ෆාතිමා මුර්සියා, අනෝමා සෙනවිරත්න,  සුරංගි සේනාධීර, යුවන්ති කෝරලගේ, සහ උදාරි ජයසේකර ජයග්‍රාහකයින්  බවට පත් විය.

තරඟකරුවන් තමන්ගේම ”නිර්මාණාත්මක කෑම වර්ගයක්” සාදා ගැනීම පමණක්ම අරමුණු කොට නොගත් අතර එය  ඔවුන්ගේ මිතුරන් සමඟ බෙදා ගනිමින් සෑම කෙනෙකුටම සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකමක් බවට පත් කර ගන්න ලදී. ඒ තුලින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ මූලික අරමුණු වන විශ්වාසය, ගුණාත්මකභාවය සහ සබඳතාවය යන කරුණු තුන සපුරා ගැනීමට මෙම වැඩසටහන තුලින් ඔවුන්ට හැකියාව ලැබුණි..

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Umara Music Studio ඉදිරිපත් කල One Mic ප්‍රසංගයෙන් සුපිරි දක්ෂයින් 40ක් කරළියටUmara Music Studio ඉදිරිපත් කල One Mic ප්‍රසංගයෙන් සුපිරි දක්ෂයින් 40ක් කරළියට

ජාත්‍යන්තර සංගීත කේෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරලමින් සිය ශිෂ්‍ය

ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයිඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය

Swadeshi Khomba illuminates five most important historic places of worship, under the theme, “Swadeshi Khomba Aloka Puja Sathkaraya”, during the annual Esala festival.Swadeshi Khomba illuminates five most important historic places of worship, under the theme, “Swadeshi Khomba Aloka Puja Sathkaraya”, during the annual Esala festival.

The Swadeshi Industrial Works PLC the pioneer herbal – personal care products manufacturer once again illuminated the Aluthnuwara Sri Dadimunda Maha Devalaya, Devundara Uthparawarna Sri Vishnu Maha Devalaya, Sabaragamuwa Maha