𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.

Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.

| | 0 Comments |

මහත්වරුන්ට විශේෂිත වූ නිමි ඇදුම් සපයන්නන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන Emerald සිය පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය අංක 1006/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ස්ථානයේදී සිය පාරිභෝගිකයන් සඳහා අභිනවයෙන් විවෘත කරන ලදී. නවීනතම ප්‍රදර්ශනාගාරයක අත්දැකීමක් ලබාදෙන මෙම අලෙවි වෙළඳසල සියලුම ආකාරයේ පිරිමි නිමි ඇදුම් සහ විලාසිතා උපාංගවල අවශ්‍යතාවයන් සපුරාලයි. Emerald සන්නාමයේ නිමි ඇදුම් මෙන්ම Leonardo, RUNN, Focus, සහ Mansak වැනි, ආයතනය සතු අනෙකුත් ප්‍රධානතම සන්නාමයන්ගේ සියලුම නිමි ඇදුම් ද මෙම වෙළඳසල  සතු වේ.

මෙම නවීන Emerald ප්‍රදර්ශනාගාරයේ එකම වහලක් යටින් පුළුල් පරාසයක නිමි ඇදුම් මිලදී ගැනීමේ වරප්‍රසාදය පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ, ගුණාත්මක සාප්පු සවාරියක අත්දැකීම ද ඔවුන්ට සමීප කරමිනි. විලාසිතා තෝරා ගැනීමේ දී සිය පහසුව පරිදි නිවැරදිව, හොඳම තෝරාගැනීම කිරීම සඳහා විවිධාකාරයේ අනර්ඝ තේරීම් රැසක්ම මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන් වෙත සපයයි.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් Emerald International හි කළමනාකාර අධ්‍යක්ෂ ඒ. එෆ්. එම්. ඉක්‍රම් මහතා පැවසුවේ “සෑම Emerald නිෂ්පාදනයක්ම උසස් තත්ත්වයේ විලාසිතාවලින් ආරම්භ වන අතර එමගින් ඒවා හැඳ සිටින මහත්වරුන්ට සිය අනන්‍යතාවය හා තෘප්තිය විදහා දැක්වීමට හැකියාව ලබාදේ. නූතන ශ්‍රී ලාංකික මහත්වරුන්ට  නවතම ගෝලීය විලාසිතා ප්‍රවණතා සමඟ ඉදිරියට යාම අභියෝගයකි. ශ්‍රී ලංකාවේ සිටින සියලුම මහත්වරුන්ට ඔවුන්ගේ ශෛලියට අනුව නිමි ඇදුම් තෝරාගැනීම් කිරීමට සවිබල ගැන්වීම සඳහා අවස්ථාවක් උදාකරදීම Emerald හි අරමුණයි”.

දිවයින පුරා පන්සියයකට අධික වෙළද හවුල්කරුවන් ගෙන් යුත් Emerald අලෙවි ජාලය සිය පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව උදාකර දී තිබේ. Emerald.lk වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන්ට Emerald නිෂ්පාදනයන් තම නිවසටම ගෙන්වා ගැනීමේ අන්තර්ජාල පහසුකම ද ලබාදෙයි. මෑත කාලීනව Emerald ආයතනය ඕස්ටේලියාවේ සිටින පාරිභෝගිකයන් උදෙසා ද අන්තර්ජාලය හරහා Emerald නිමි ඇදුම් මිීළදී ගැනීමේ අවස්ථාව උදාකර ද තිබේ.

ISO සහතිකය හිමි ශ්‍රී ලංකාවේ එකම ඇඟලුම් සන්නාමය වන Emerald, ගෝලීය මට්ටමේ ගුණාත්මක ප්‍රමිතීන් හරහා සිය පාරිභෝගිකයන්ට නිරතුරුවම සමීප වෙයි. නියම මහත්වරුන් සඳහා විශේෂ වන Emerald නිමි ඇදුම් ඔවුන්ගේ පෞරුෂය වඩ වඩාත් නිරූපණය වන ආකාරයෙන්,  විශ්වාසදායී ලෙස පාරිභෝගිකයන් දිනා ගෙන ඇති අතරම, සමකාලීන විලාසිතා ප්‍රවණතා හමුවේ නිමි ඇදුම් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි.කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි.

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන්

Sri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery IndustrySri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery Industry

The Sri Lanka Gem and Jewellery Association (SLGJA), the apex body for the gem and jewellery industry, officially recognized by the Sri Lankan Government, commends His Excellency President Ranil Wickremesinghe