𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි

වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි

| | 0 Comments |

ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී.  මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd. හි සභාපති ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා සහභාගී විය. තවද, Thread Works (Pvt) Ltd හි නිලධාරීන් සහ ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ සහ Melsta Health හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ද  මෙම අවස්ථාව සඳහා එක්විය.  

“ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සන්නාමයක් ලෙස අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ දෙමව්පියන්ට මෙන්ම ළදරුවන්ට  අවශ්‍ය සුවපහසුව රැගත් නිෂ්පාදන තිළිණ කිරීමයි. සියවසකට ආසන්න කාලයක් පුරා කාන්තා හා ළමා සෞඛ්‍ය වෙනුවෙන් ඇපකැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක් වන ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, අපගේ නවතම නිෂ්පාදන අලෙවි ශාඛාව විවෘත කිරීමට සුදුසුම ස්ථානයක් බව අප විශ්වාස කරනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ පැතිරීමත් සමඟ, අපට වැදගත් වනුයේ පාරිභෝගික ආරක්ෂාවයි. මෙම නවතම අලෙවිසැල හරහා අපගේ පාරිභෝගිකයින්ට කිසිඳු ගැටලුවකින් තොරව, ඉතාමත් කඩිනමින් තමන්ට අවශ්‍ය නිෂ්පාදන ආරක්ෂිතව මිලදී ගැනීමේ හැකියාව හිමිවෙනවා” යනුවෙන්  මෙම අවස්ථාව සඳහා සහභාගී වූ Thread Works (Pvt) Ltd, සභාපති ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා පවසා සිටියි. 

මෙම නවතම අලෙවි ශාඛාව Velona Clothing සන්නාමය යටතේ විවෘත කළ තෙවන අලෙවි ශාඛාව වන අතර, අනෙකුත් ශාඛාවන් කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණය තුළ සහ මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇත.  මෙම අලෙවි ශාඛා හරහා වයස අවුරුදු 0-3ත් අතර ළදරුවන්ට අවශ්‍ය බේබි ලිනන්, අලුත උපන් ළදරුවන් සඳහා වූ විවිධ ඇඳුම් වර්ග, නැපීස්, සෙල්ලම් බඩු සහ සුවඳ විලවුන් වර්ග ඇතුළු ළදරු නිෂ්පාදන රැසක් මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. එමෙන්ම Velona Cuddles සන්නාමය යටතේ ඇති සියලුම ඩයපර් නිෂ්පාදනයන්ද මෙහිදී ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇත.

පාරිභෝගික සුවපහසුව අරමුණු කරගනිමින් නුදුරු අනාගතයේදී මෙම අලෙවි ශාඛා ජාලය දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ව්‍යාප්ත කිරීමට Velona Clothing සැළසුම් කරමින් සිටියි. 

ශ්‍රී ලාංකීය ළදරු නිෂ්පාදන කර්මාන්තය තුල “වෙලෝනා” නාමය මහත් ආදරයෙන් වැළඳගත් අද්විතීය වෙළඳ නාමයක් වන අතර වර්තමානයේ ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර ඇත්තේ විශ්වාසනීය හැඟීමකි. දශක හතකට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකිකයින්ගේ ප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම  සන්නාමයක් වන වෙලෝනා, විවිධ වයස් කාණ්ඩවල පිරිස් සඳහා සුවපහසු හා දිගු කල් පවතින ඇඟලුම් නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. www.buyvelona.com වෙබ් අඩවියට පිවිස හෝ නිල ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රැම් පිටුව වෙත ප්‍රවේශ වීමෙන්  මෙම ඕනෑම නිෂ්පාදනයක් පිළිබඳ පුළුල් විස්තර ලබාගත හැකිය. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Singer Fashion Academy இன் பெஷன் டிசைனிங் சான்றிதழ் கற்கைக்கான விண்ணப்பங்கள் கோரல்Singer Fashion Academy இன் பெஷன் டிசைனிங் சான்றிதழ் கற்கைக்கான விண்ணப்பங்கள் கோரல்

60 ஆண்டுகளுக்கும் மேலாக இயங்கி வரும் Singer Fashion Academy, இலங்கையின் பெஷன் துறையில் மிகவும் விரும்பப்படும் தகுதியான தனது பெஷன் டிசைன் சான்றிதழ் கற்கை நெறிக்கு மாணவர்களை இணைத்துக்கொள்ளும் பொருட்டு விண்ணப்பங்களை கோரியுள்ளது. இது ஐக்கிய இராச்சியத்தில் உள்ள Chartered

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.

Swadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodnessSwadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodness

Baby Soap-Cream-Cologne-Powder-Shampoo-Oil-Kids Cologne 𝙉𝙚𝙬 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙞𝙣𝙜𝙧𝙚𝙙𝙞𝙚𝙣𝙩𝙨, 𝙣𝙚𝙬 𝙛𝙧𝙖𝙜𝙧𝙖𝙣𝙘𝙚𝙨 𝙖𝙣𝙙 𝙣𝙚𝙬 𝙥𝙖𝙘𝙠𝙖𝙜𝙞𝙣𝙜 𝙩𝙖𝙠𝙚𝙨 𝙘𝙤𝙪𝙣𝙩𝙧𝙮’𝙨 𝙉𝙤 01 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙗𝙖𝙗𝙮 𝙘𝙖𝙧𝙚 𝙗𝙧𝙖𝙣𝙙 𝙩𝙤 𝙣𝙚𝙬 𝙝𝙚𝙞𝙜𝙝𝙩𝙨 Swadeshi “Khomba Baby Soap” Sri Lanka’s No. 01