𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පිරිවැය ඉහළ ගියද, පැල්වත්ත කිරි සමාගම සිය කිරි නිෂ්පාදන පෙළේ ගුණාත්මකභාවය ඉහළම අගයක පවත්වාගෙන යයි.

පිරිවැය ඉහළ ගියද, පැල්වත්ත කිරි සමාගම සිය කිරි නිෂ්පාදන පෙළේ ගුණාත්මකභාවය ඉහළම අගයක පවත්වාගෙන යයි.

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි.

පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා  අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය සහතික කරයි.

පැල්වත්ත නිෂ්පාදන පෙළේ ජනප්‍රිය නිෂ්පාදන අතර, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මේදය රහිත කිරිපිටි, බටර් සහ පැල්වත්ත යෝගට්, ගිතෙල් වේ.

පැල්වත්ත සැපයුම් දාමය විසින් ලබාගන්නා ලද කරන ලද කිරි ප්‍රමාණය පුළුල් වන අතර, පැල්වත්ත ඉහළම ගුණාත්මක කිරි ලබාගන්නා බැවින් මුදලට සරිලන වටිනාකම සපයයි. එය සුප්‍රසිද්ධ කර්මාන්ත කියමනක් වන “හොඳ කිරි නිෂ්පාදනයක් හොඳ අමු කිරි වලින්  ආරම්භ වේ” යන්න තහවුරු කරයි.

පැල්වත්ත කිරි කර්මාන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ පැහැදිලි කරයි: “කිරිපිටි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් අමු කිරි ලීටර් 8.4කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එමඟින් පිටි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිස්සාරණය ඉහළ මට්ටමක පවත්වා ගනී. පැල්වත්ත විසින් සියයට සියයක් ඉහළ තත්ත්ව සහතිකයක් සහතික කරන බැවින්, සහ එයට නොඅඩු සමස්ත කිරි නිෂ්පාදන දාමය සහ නිෂ්පාදන ක්‍රියාවලීන් හරහා මෙම තීරණාත්මක ක්‍රියාවලියේදී වියදම් කප්පාදුවක් කළ නොහැකි බව, පැහැදිලි වන අතර, නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට කටයුතු කල හැක. කෙටිමං භාවිතා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පැල්වත්ත සමාගම පරිභෝජනයට නුසුදුසු නිෂ්පාදන බෙදාහැරීමෙන් වළකියි. මේ අනුව සමස්ත ජාතික කිරි නිෂ්පාදන දාමයේ පිරිවැය (නිෂ්පාදනවල) ඉහළ යනවිට, පැල්වත්ත නිෂ්පාදනවල මිලගණන් සංශෝධනවලට  මුහුණ දීමට ද බලකෙරේ. කෙසේ වෙතත්, මෙම සංශෝධන අවම මට්ටමක තබා ගැනීමට අප උත්සාහ දරයි”.

අමු කිරිවල ගොවිපල මිල ඉහළ යාම, නවතම මිල සංශෝධනයට ප්‍රධාන හේතුවකි. නිෂ්පාදන කලාපය අනුව වර්තමාන සාමාන්‍ය මිල ලීටරයකට රු. 90 සිට 105 දක්වා වෙනස් වේ. පෙර වසරට සාපේක්ෂව අමු කිරි ගැනුම් මිල 25% කින් ඉහළ ගොස් ඇත.

එසේම පැල්වත්ත අනෙකුත් වියදම් ලෙස විදුලිබල/බලශක්ති සැපයුම් පිරිවැය 20%කින්, ඇසුරුම්කරණය 40%කින්, සහ ප්‍රවාහනය සහ ශ්‍රමය 35%කින් වැඩිවීම හේතුවෙන් අවසාන විකුණුම් මිලගණන් සකස් කිරීමට බලකෙරන බව  අක්මාල් වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසයි.

පැල්වත්ත නිෂ්පාදනපෙළ සඳහා අමු කිරි සැපයුම් දාමය ව්‍යුත්පන්න වී ඇත්තේ ශ්‍රී ලංකාවේ 12,500 ශක්තිමත් ගොවින් පදනම් කරගනිමිනි. ඔවුන්ගේ ජීවනෝපාය සෘජුවම රඳා පවතින්නේ පැල්වත්ත මතය. මෙම සමාගමට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 50ක ජාලයක,් ඌව, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ වයඹ පළාත් හරහා විසිරී පවතින අතර නැවුම් කිරි ලීටර් මිලියන 4.5ක විශාල මාසික කිරි සංචිතයක් පවතී.  කොවිඩ්  අර්බුදය මධ්‍යයේ සමාගම ගොවීන්ට රුපියල් බිලියන 3.18 ක් ගෙවා ඇත. (2020/21ට සාපේක්ෂව 2019/‘20 සිට එය 70%ක වසරක් පිට වසරක වැඩිවීමකි*. මීට අමතරව, පැල්වත්ත ඔවුන්ගේ ගොවි ප්‍රමිතිගත  ජීවනෝපාය නඟා සිටුවීම සඳහා නොමිලයේ බොහෝ ගොවි සුබසාධන වැඩසටහන් පවත්වාගෙන යන අතර, සෑම වසරකම එකම ගොවි පදනම පැල්වත්ත වෙතට  අඛණ්ඩව නැවත පැමිණීමට සලස්වන භාවිතයකි.

පැල්වත්ත කිරි කර්මාන්තය පිළිබඳ:

2006 දී ආරම්භ කරන ලද පැල්වත්ත කිරි නිෂ්පාදනාගාරය, පිටරටින් කිරි නිෂ්පාදන ආනයනය සඳහා විදේශ විනිමය පිටතට ගලායාම සාර්ථක ලෙස ඉතිරි කරන, කිරි සැකසීම, සත්ව ආහාර සහ කිරි නිෂ්පාදන පිළිබඳ වන ශ්‍රී ලංකාවේ  සන්නාමයකි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය දියුණු කිරීමට අපේක්ෂා කිරීමේ අරමුණින් කිරි කර්මාන්තයට ගුණාත්මක අමුද්‍රව්‍ය විශ්වාසදායක ලෙස ගලාඒම අඛණ්ඩව ස්ථාපිත කිරීමේ දැක්මක් සහිත වෙයි. ෂීධ 22000:2018 සහතික ලත් සමාගමක් වශයෙන්, පැල්වත්ත කිරි කර්මාන්තය දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නවීනතම කිරි නිෂ්පාදන කර්මාන්තශාලා වලින් එකක් වේ. (ඩෙන්මාර්ක තාක්ෂණය ආශ්‍රිතව නිර්මාණය කර ඇත)

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

හච් Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව අවසන් කරයිහච් Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව අවසන්

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක්