𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි නිෂ්පාද්න සමාගම 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිය කාර්ය මණ්ඩලය අගය යි

පැල්වත්ත කිරි නිෂ්පාද්න සමාගම 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිය කාර්ය මණ්ඩලය අගය යි

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම 2020/21 වසර සඳහා සිය කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ ‘PDIL සම්මාන උළෙල 2021’ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පැල්වත්ත කිරි සමාගමේ සියලු ම සාමාජික සාමාජිකාවන් සහභාගි වූ මෙම සම්මාන රාත්‍රියේ දී අදාළ වසර තුළ සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 120 දෙනෙකුට මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම සිදුකෙරුණි.

අතිසාර්ථකව පැවැත්වුණු මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ දී ‘ඉහළ කාර්ය සාධන කාණ්ඩය’ වෙනුවෙන් පිරිනැමුණු මූලික සම්මාන තුන ම  2020/21 වසර තුළ දී පැවති COVID 19 අර්බුදය මධ්‍යයේ ආයතනික වර්ධනය වෙනුවෙන් කැප වූ  කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පිරිනැමීම විශේෂිත ය.

පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ මානව සම්පත් කළමනාකාර හර්ෂන් ජීවකුමාර මහතා මෙසේ අදහස් දැක්වුවේ ය.  “අපි නිරන්තරයෙන් ම ආයතනය සතු මානව සම්පතට මුල් තැන ලබා දෙනවා.  මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී COVID 19 අර්බුදය මධ්‍යයේ  අපගේ ආයතනය ඉදිරියට ගෙන යාමට දිරිමත්ව, කැපවීමෙන් ක්‍රියා කළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීමට හැකිවීම සතුටට කරුණක්. දැඩි  වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත්, අපගේ  සාමාජික සාමාජිකාවන්ගේ  කැපවීම නිසා ම 2020/21 වසර තුළ දී සමාගමේ අලෙවි ඉලක්ක ඉතා සාර්ථකව සපුරා ගැනීමට අපට හැකියාව ලැබුණා. එය 2019/ 20 වසර තුළ සමාගම වාර්තා කළ දළ ලාභය සමග සැසඳීමේ දී 180% වර්ධනයක්. ඒ වගේ ම 2020/21 වසර තුළ අප සමාගම වාර්තා කළ බදු පෙර ලාභය (PBT) 148% කින් වර්ධනය කරගැනීමටත්  හැකි වුණා.  COVID බලපෑම නිසා සිදු කෙරුණු විවිධ සීමා කිරීම් මධ්‍යයේ වුවත්, අප සමාගමේ සමස්ත ගොවි පදනම 6500 දක්වා වර්ධනය කර ගැනීමටත් හැකි වුණා. එය පෙර වසරට සාපේක්ෂව 16% ක වර්ධනයක්. එවැනි සාර්ථක වසරක් උදාකර දීම පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලයට  සුබ පැතීමට වගේ ම ස්තුතිය පුද කිරීමටත්, ජයග්‍රහණ ලැබූ සියලු ම කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සුබ පැතීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

හොඳ ම යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු, හොඳ ම කිරි සංවර්ධන නිලධාරී, හොඳ ම අලෙවි නියෝජිත, හොඳ ම තත්ත්ව සහතික විශ්ලේෂක, හොඳ ම කාර්මික, හොඳ ම රියදුරු, හොඳ ම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරී, හොඳ ම අලෙවි මධ්‍යස්ථානය සහ හොඳ ම ප්‍රාදේශීය අලෙවි අධීක්ෂක යන අංශ සඳහා  මෙම සම්මාන උළෙලෙහි දී සම්මාන පිරිනැමිණි.

‘මානව සම්පතට මුල්තැන’ යන තේමා පාඨය මූලික කරගනිමින් ක්‍රියාත්මක වන පැල්වත්ත කිරි නිෂ්පාදනායතනය සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ දියුණුව, යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා  අඛණ්ඩව ක්‍රියා කරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය.   Covid-19 සඳහා  එන්නත්කරණ මෙහෙයුමක් පවා දියත් කළ පැල්වත්ත කිරි නිෂ්පාදනායතනය සියලු ම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, පාරිභෝගිකයින්, කිරි ගොවීන් සහ හවුල්කරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  වසංගත සමය ආරම්භයේ සිට ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම කැපී පෙනුණි. ආයතනය තුළ සතිපතා සිදුකෙරුණු ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙන් ම,  කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අනුගමනය කළ දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසා සිය සාමාජික සාමාජිකාවන්ගේ සුරක්ෂිතභාවය මෙන් ම ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය ද සහතික කිරීමට පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමට හැකියාව ලැබුණි.

පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම විසින් මේ වන විට ජාතික කිරි සැපයුම් දාමයට දායක වන කිරි ගොවීන් සහ අනෙකුත් ආශ්‍රිත පවුල් 10,000 කට අධික සංඛ්‍යාවක් නගා සිටුවීමට ක්‍රියා කර ඇති අතර, වසංගත සමයේ දී ගොවීන් සඳහා සිදුකරනු ලබන ගෙවීම් 70% කින් වර්ධනය කරගැනීමට ද සමත් වී ඇත. මේ හරහා  අභියෝගාත්මක  කාලවල දී එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සතු හැකියාව ඉතා හොඳින් නිරූපණය කරන අතර, එම නිසා ම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව  ක්‍රියාත්මක කිරීම සඳහා ද හැකියාව ලැබී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් නිපැයුම් වර්ගවල  නිෂ්පාදනය දෙගුණ කිරීමටත්, 2020/21 වසර  ජයග්‍රාහී වසරක් බවට පත් කරගැනීමටත්, පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමට හැකි වූ බව පැවසුවහොත් එය නිවැරදි ය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේබිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ

පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස

Huawei showcases the achievements of the “Technology-enabled Open Schools for All” project in cooperation with UNESCOHuawei showcases the achievements of the “Technology-enabled Open Schools for All” project in cooperation with UNESCO

At the UNESCO-Huawei International Forum on Digital Platforms and Competencies for Teachers, Egypt’s Ministry of Education officially launched the National Distance Learning Centre for the Continuous Professional Development of Educators.