𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි

පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි

| | 0 Comments |

පැල්වත්ත කිරි සමාගම Keells සුපිරි වෙළඳ සැල් ජාලය සමඟ එක්ව පැල්වත්ත ලුණු සහිත බටර් සඳහා 2021 දෙසැම්බර් 01 සිට 31 දක්වා 15%ක සහනදායී වට්ටමක් ලබා දෙමින් දෙසැම්බර් උත්සව සමය වඩාත් වර්ණවත් කරයි.

පැල්වත්ත කිරි සමාගමේ නව්‍ය වෙළඳ නාලිකා කළමනාකාර චමින්ද පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දෙසැම්බර් උත්සව සමය යනු මුළුතැන්ගෙය සිනහවෙන් හා ප්‍රබෝධයෙන් පුරවාලන මිතුරු සමුහයන් එකට එක්ව විවිධ ආහාර රස විඳිමින් සතුටුවන කාලයක්. එම සතුට වඩාත් උත්කර්ෂවත් කරමින් ඔවුන්ගේ ජනප්‍රියතම පැල්වත්ත බටර් නිෂ්පාදන තව තවත් ඔවුන් වෙත සමීප කරවීමට හැකිවීම ගැන බෙහෙවින්ම සතුටට පත් වනවා.”

පැල්වත්ත බටර් නිෂ්පාදනය කරනු ලබන්නේ කිසිඳු කල් තබා ගන්නා ද්‍රව්‍යක් එකතු නොකර දේශීය නැවුම් කිරිවල ඇති මේදයෙනි. එම නිසා පැල්වත්ත බටර් පෝෂ්‍ය පදාර්ථ වලින් සහ සෞඛ්‍ය සම්පන්න බවින් ඉතා ඉහළය. නැවුම් කිරිවල 84% ක් පමණ මේදය  අඩංගු වන අතර බටර් නිෂ්පාදන ක්‍රියාවලිය මේදය ප්‍රතිශතය වැඩි කිරීමට හේතුවන බැවින් පැල්වත්ත කිරි සමාගම මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා ස්වභාවික ක්‍රියාවලියක් භාවිතා කරනු ලබයි. ඒ අනුව පැල්වත්ත බටර් සම්පූර්ණයෙන්ම ස්වාභාවික ආහාරයක් ලෙස සැලකිය හැකිය.

දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරමින් රටේ දේශීය කිරි ඉල්ලුම සැපයීම පැල්වත්ත කිරි සමාගමේ අරමුණයි. ශ්‍රී ලංකාව කිරියෙන් ස්වයංපෝෂිත කිරීම සමාගමේ ප්‍රධාන ඉලක්කය වන අතර, පැල්වත්ත කිරි සමාගම ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන් සහ ඔවුන්ගේ පවුල්වලට විවිධ අයුරින් උපකාර කරමින් ඔවුන් සවිබල ගන්වමින් ඔවුන්ගේ ජිවිත නගා සිටුවීමට සහාය ලබා දෙයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

HUAWEI CLOUD CONTINUES TO BUILD STRONG ECOSYSTEM FOUNDATIONS FOR PARTNERS TO DRIVE GROWTH AND CARVE NEW OPPORTUNITIES IN INDUSTRY DIGITISATIONHUAWEI CLOUD CONTINUES TO BUILD STRONG ECOSYSTEM FOUNDATIONS FOR PARTNERS TO DRIVE GROWTH AND CARVE NEW OPPORTUNITIES IN INDUSTRY DIGITISATION

Artificial Intelligence (AI), deep partner collaboration, and building a strong ecosystem foundation were championed as next-level growth engines to new opportunities in industry digitisation at the recent Huawei Cloud APAC

Technomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® HonorsTechnomedics Celebrates Excellence: NBEA Gold, Merit Award in Overall Large Category, and Great Place to Work® Honors

Technomedics International (Private) Limited, a leading provider of medical and healthcare solutions in Sri Lanka, is proud to announce a significant achievement at the 2024 National Business Excellence Awards (NBEA).