𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

| | 0 Comments |

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේ තිරසාර මහා පරිමාණ නිෂ්පාදන භාවිතයන් සඳහා ජෛව තාක්‍ෂණය සහ විශේෂයෙන් ආහාර නිෂ්පාදන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ආහාර සම්බන්ධ අර්බුද සහ හිඟයන්ට විසඳුම් ලබා දීමය.

Purest Group හි ප්‍රධාන වැඩසටහන වන AEIOU ව්‍යාපෘතිය මේ වන විට රටේ කකුළුවන් වගා ක්ෂේත්‍රය විප්ලවීය වෙනසක් සිදු කරමින් පවතී. මීට පෙර පෙර ග්‍රෑම් 250ක් තරම් වූ කකුළුවෙකුගේ බර හතර ගුණයකින් වර්ධනය කරමින් කිලෝග්‍රෑම් 1 දක්වා උපරිමයකට ගෙන ඒමට පෙරළිකාර ව්‍යාපෘතිය සමත්ව ඇත. ඒ අනුව Purest Group දැන් දිවයින පුරා ගොවිපළ වල මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ හා නවෝත්පාදන වැඩසටහන වන අතර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට  වඩාත් නව්‍ය ව්‍යවසායකයින් වීමට සහ වැදගත් සංවර්ධන අභියෝග තිරසාර ලෙස විසඳීමට අවස්ථාව සහ නායකත්වය ලබා දෙන මීළඟ පරම්පරාවේ කුසලතා වර්ධනය කරනු ලබන වැඩසටහනකි. එය HackaDev වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ කකුළු ගොවි ප්‍රජාව ගොඩනැංවීමේ දැක්මකින් යුතුව තාක්ෂණික සහ මූල්‍යමය වශයෙන් Purest Group වෙත සහාය දක්වයි

HackaDev Enterprise Support Program (HESP) යනු COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ HackaDev ආදී ව්‍යවසායකයින්ගේ ජාලයේ ව්‍යවසායන් යළි ගොඩනැගීම සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් වැඩසටහනකි. 2020/21 දී සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ පළමු කණ්ඩායම සමඟ, එය ව්‍යවසායන් 15ක් සඳහා මාස 06ක පුළුල් වැඩිදුර සංවර්ධන සහාය ලබා දුන්නේය. HESP මැදිහත්වීම්වල මුලික අරමුදල් සහ අනතුරුව සිදු කෙරෙන ආධාරක ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා විශේෂඥ සේවා සපයන්නා ලෙස Curve Up ආයතනය කටයුතු කරයි. එහිදී  Curve Up ආයතනය එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට දායක වෙමින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගමනේදී අවශ්‍ය සහය සහ මගපෙන්වීම ලබා දීමට ඔවුන් සමත්ව ඇත.

කකුළුවන් සඳහා වන ගෝලීය ඉල්ලුම 2010 වසරේ සිට ඉහළ යාමත් සමඟ කාර්මික කකුළු ගොවිතැන පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානයට යොමු විය. ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි කකුළු වගා කර්මාන්තය 5.05% වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.  විශේෂයෙන් ප්‍රෝටීන් සහ තිරසාර ගොවිතැනේ අවශ්‍යතාවය ඉහළම මට්ටමක පවතින බැවින් මෙම කර්මාන්තයේ වර්ධනය පිළිබඳව කාලය වෙන කවරදාටත් වඩා විශාල බලාපොරොත්තුවක් ගෙන දෙයි.

AEIOU ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Purest Group හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම නිර්මාතෘ මුසම්මිල් මොහොමඩ් මුනව්වර් මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “අපගේ මෙම නව ආරම්භයට ඉහළ යන කකුළු ඉල්ලුමත් එම ඉල්ලුම සපුරාලීමට පවතින අඩුපාඩුත් හේතු සාධක වෙමින් අපට දිරිගැන්වීමක් බවට පත් වුනා. AEIOU ව්‍යාපෘතිය යටතේ අපගේ කකුළුවන් වගා කිරීමේ ක්‍රමය වසර ගණනාවක් පුරා අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙනවා. කකුළුවන් ඇති දැඩි කිරීම සඳහා වඩාත් සුදුසු කොන්දේසි සැපයීම සඳහා අප විසින් ගන්නා කඩිනම් සහ පුළුල් සැලකිලිමත් භාවය ඊට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම එහිදී ජලය සහ පිටත උෂ්ණත්වය නිරන්තරව නිරීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම, නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ලබා දීම සහ ඇතිකරන ස්ථානවල වෛරස් සහ  අනෙකුත්  හානිදායක විලෝපිකයන්ගෙන් කකුළුවන් ආරක්ෂා කිරීම ආදී සෑම පියවරකදීම උපරිම සැලකිල්ලක් දක්වන බවට අපි සහතික වනවා. ඒ වගේම දවසේ ඕනෑම වේලාවක කකුළුවන් නඩත්තු කරන, නිරීක්ෂකයින්ට සහ විශ්ලේෂණාත්මක දත්ත අධීක්ෂක වෙත දත්ත ලබා දෙන පද්ධතියක් අපි නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම මෙය ඕනෑම වෙළඳපලකින් ඔබට සොයා ගත හැකි වඩාත්ම කාබනික සහ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන අතර පවතින බව අප සහතික වනවා.

AEIOU හි අද්විතීය සහ අනාගත යටිතල පහසුකම් වන තත්ත්ව පාලන පද්ධතිය, පෝෂණ කළමනාකරණ පද්ධති, උපදෙස් සහ උපදේශන සේවා අනුව  එය ප්‍රජාවට, කර්මාන්තයට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකි වඩාත් උසස් තත්වයේ ජලජීවී වගා සහ කෘෂිකර්ම උපදේශක සමාගමක් බව ඔප්පු කර සිටී.

UNDP Sri Lanka හි ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්ව කණ්ඩායමේ, තරුණ හා නවෝත්පාදන සහකාර,  Soyeon Kim මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසිය. “Purest සමූහය අද්විතීය සහ තිරසාර ක්‍රියාවලීන් සමඟින් මහා පරිමාණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් පෙන්නුම් කර ඇති බව පෙනී යනවා. HESP හරහා UNDP සහාය ඔවුන්ට ලබා දීමට හැකි වීම පිළිබඳව ඇත්තෙන්ම සතුට පත් වනවා. කකුළුවන් වගා කිරීම සඳහා පරිසර හිතකාමී ආදර්ශයක් සැපයීමේ දැක්ම සඳහා ඔවුන්ගේ ආශාව සහ කැපවීම දිවයින පුරා සිටින අනෙකුත් තරුණ තරුණියන්ට මහත් ආශ්වාදයක් වනු ඇති බව මා විශ්වාස කරනවා.”

මේ පිළිබඳව Curve Up හි නියෝජිත ව්‍යාපෘති කළමනාකාර නුහා කලීල් මෙසේ  පැවසීය. “PureTech කණ්ඩායම ඇත්ත වශයෙන්ම වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන කණ්ඩායම් අතරට පැමිණ සිටින අතර ගමන පුරාවට ඔවුන්ගේ කැපවීම, සහයෝගීතාවය සහ අධිෂ්ඨානය බෙහෙවින් ප්‍රබෝධමත් බව දැක ගන්න ලැබුණා. මෙම ව්‍යවසායක ගමනට සහය වීමට ලැබී ගැන ඉතාමත් සතුටට පත් වනවා. ‘අදහසකට’ කල හැකි වෙනස මෙමඟින් පෙන්නුම් කෙරනවා. ඒ වගේම නොපසුබට උත්සාහය සහ ආශාව ඇති තාක් නොහැක්කක් නොමැති බව පෙන්වා දී තිබෙනවා.”

Purest Group මිතුරු එකමුතුවක් ලෙසින් මුලින්ම විශ්ව විද්‍යාල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණ සහ ප්‍රදානයන් කිහිපයක් දිනාගත් සාර්ථක ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. එය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් නව්‍ය තරුණ සමාගමක් වන අතර එය ගොවීන්ට සහ ධීවරයින්ට එකසේ කාර්යක්ෂම, ඵලදායී, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරයක් බවට පත්කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. Purest Group අස්වැන්න හෝ ලාභ පමණක්ම ඉපයීමේ ඉලක්කයකින්  තොරව පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රම දියුණු කිරීම සඳහා තිරසාර වර්ධනයක් සහතික කරයි. විශේෂයෙන් එමගින් ස්වයං රැකියා අවස්ථා හිඟ ප්‍රජාවන් තුළ කර්මාන්තයේ හොඳම භාවිතයන් මෙන්ම ව්‍යවසායකත්ව මානසිකත්වය ප්‍රවර්ධනය කෙරෙන අතර පුහුණු වැඩසටහන් හරහා ග්‍රාමීය ප්‍රජාව අතර ව්‍යවසායකත්වය අගය කොට ඔවුන් ඒ සඳහා නැඹුරු කිරීමට සහය වේ.

UNDP, එහි හවුල්කරුවන් සමඟ එක්ව  ස්ථිර සහ තිරසාර ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට කැපවී සිටින අතර, HackaDev ආදි ශිෂ්‍ය ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට වසංගතයෙන් සහ සැලකිය යුතු සමාජ, ආර්ථික බලපෑම්වලින් නැගී සිටීම සඳහා ඉදිරි වසරවලදී සහාය වීමට ද අපේක්ෂා කරයි.

Purest Group සහ එහි නවීන සේවා  පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර xxx අමතන්න

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Swadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodnessSwadeshi “Khomba Baby Care Range” re launched to offer more herbal goodness

Baby Soap-Cream-Cologne-Powder-Shampoo-Oil-Kids Cologne 𝙉𝙚𝙬 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙞𝙣𝙜𝙧𝙚𝙙𝙞𝙚𝙣𝙩𝙨, 𝙣𝙚𝙬 𝙛𝙧𝙖𝙜𝙧𝙖𝙣𝙘𝙚𝙨 𝙖𝙣𝙙 𝙣𝙚𝙬 𝙥𝙖𝙘𝙠𝙖𝙜𝙞𝙣𝙜 𝙩𝙖𝙠𝙚𝙨 𝙘𝙤𝙪𝙣𝙩𝙧𝙮’𝙨 𝙉𝙤 01 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙗𝙖𝙗𝙮 𝙘𝙖𝙧𝙚 𝙗𝙧𝙖𝙣𝙙 𝙩𝙤 𝙣𝙚𝙬 𝙝𝙚𝙞𝙜𝙝𝙩𝙨 Swadeshi “Khomba Baby Soap” Sri Lanka’s No. 01