𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක් එක් කරයි

දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක් එක් කරයි

| | 0 Comments |

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා,  ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස  දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන්මඟ මෙසේ ආරම්භ කරන ලදී. දීවා සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව පුළුල් කරමින් පහසු මිලකට රෙදි සේදීමේ නිෂ්පාදන හඳුන්වාදුන් අතර ඉතාමත් කෙටි කාලයකින් දීවා සන්නාමය ගෘහණියන්ගේ බුද්ධිමත් තේරීම බවට පත්විය. දීවා සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව පුළුල් කිරීමේ අරමුණෙන් පර්ෆියුම් මැජික්, ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් සිය නිෂ්පාදන  සඳහා භාවිත කිරීම කැපීපෙනෙන කරුණක් විය.

රෙදි සෝදන සබන් භාවිතා කරන්නන් සඳහා පහසු විකල්පයක් ලබා දීමේ අරමුණින් 2003 වසරේදී දීවා සිය රෙදි සෝදන කුඩු හඳුන්වාදෙන ලදී. රෙදි සෝදන සබන් වෙළඳපොළ ප්‍රමුඛත්වය ගෙන සිටි මේ කාලවකවානුවේදී, රෙදි සෝදන කුඩු වල ඇති වාසි පිළිබඳව දැනුවත් කරමින් මේ පිළිබඳ වූ  පාරිභෝගික මතය වෙනස් කිරීමට දීවා ගත් උත්සාහය මල්ඵල ගන්වමින් ඵලදායී රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් ලෙස දීවා සුවහසක් දේශීය පාරිභෝගිකයින්ගේ සිත් දිනා ගැනීමට සමත් විය.

දීවා රෙදි සෝදන කුඩු  නව සංයෝගයකින් සහ ලෙමන් සුවඳින් නැවත වෙළදපොලට දියත් කිරීම  සහ එක පවුලකට මාසයකට ප්‍රමාණවත් කිලෝග්‍රෑම් 1ක පැකට්ටුව හඳුන්වාදීමත් නිසා 2010 වසර දීවා සඳහා තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් විය. දීවා සැශේ පැකට්ටුව ඉතා සාධාරණ මිලකට හඳුන්වා දීමත් සමඟ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම කෙරෙහි දීවා හි අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින් සඳහා වැඩි තේරීම් මාලාවක් ලබාදීමේ අරමුණින් 2011 වසරේදී නව සබන් පෙළක් දීවා හඳුන්වාදෙන ලදී.

සිය පාරිභෝගිකයින් තුළ උද්යෝගයක් ඇතිකිරීමේ අරමුණින් 2011 වසරේදී  “දීවා ඉඩමේ වාසනාව” තරඟය ආරම්භ කළ අතර මෙමඟින් පාරිභෝගිකයින්ට ඉඩම් කට්ටල දිනාගැනීමට අවස්ථාව හිමිවිය. වාසනාවන්ත ජයග්‍රාහකයින් සඳහා ඉඩම් කට්ටල  25 කට වැඩි ප්‍රමාණයක් පිරිනමමින් දහස් ගණනින්  පාරිභෝගික හදවත් වැලදගැනීමට  දීවා සමත් විය.

2013 වසරේදී දීවා රෙදි සෝදන කුඩු ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගයකින්, ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් සහ වැඩිදියුණු කළ ලෙමන් සහ දෙහි සුවඳින් නැවතත් වෙළඳපොළ වෙත හඳුන්වාදුන් අතර ත්‍රිත්ව ක්‍රියාකාරිත්වය සැබවින්ම ඵලදායී සහ කාර්යක්ෂම බව එහිදී සනාථ විය. නිෂ්පාදිතයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීමට දීවා සෑමවිටම උත්සහ කළ අතර එමඟින් මවුවරුන්ට තම පවුල සමඟ ගත කිරීම සඳහා අතිරේක කාලයක්ද හිමිවිය. එම වසරේදීම දීවා සිය සබන් පෙළ සමන් පිච්ච සහ දෙහි ඇතුළු නව සුවඳ වර්ග තුනකින් නැවතත් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. 2018 වසරේදී දීවා සිය රෙදි සේදුම් කුඩු නිෂ්පාදන පෙළ ෆයිබර් ක්ලීන් තාක්ෂණය ඔස්සේ සවිබල ගන්වමින් විශිෂ්ට පිරිසිදු කිරීමක් සහ නැවුම් බවක් ලබාදුන් අතර 2019 වසරේදී පර්ෆියුම් මැජික් සහිතව දීවා නැවත හඳුන්වාදෙන ලදී.

දීවා පැමිණි සාර්ථක ගමන්මඟේ  තවත් එක් සන්ධිස්ථානයක් ලෙස  සිය නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් රෙදි සේදීම සඳහා උසස් තත්වයේ දියර නිෂ්පාදන සොයන පාරිභෝගිකයින් වෙනුවෙන්ම දීවා රෙදි සේදුම් දියර හඳුන්වාදීම 2020 වසරේදී සිදුවිය. එම වසරේ ඔක්තෝම්බර් මස දීවා සන්නාමයේ උප සන්නාමය ලෙස දීවා පවර් හඳුන්වාදීම මඟින් ජර්ම් ගාඩ් සහ කලර් ගාඩ් නිෂ්පාදන ඉතා පහසු මිලකට පාරිභෝගිකයා වෙත සමීප කිරීමට දීවා සමත්වූ අතර රෙදි සේදීම සඳහා, සේදුම් දියර refill සංකල්පය හඳුන්වාදුන් ප්‍රථමයා බවටද දීවා පත්විය. 2021 වසරේදී සිය නවතම හඳුන්වාදීම වූ අරලිය සහ දෙහි, රෙදි සේදුම් කුඩු නිශ්පාදන පෙළට නැවුම් මුහුණුවරක් එක්කළ අතර මෙම නව මල් සුවඳ පළමුවරට හඳුන්වාදුන් අවස්ථාව මෙයයි.

වසර 18 ක් පුරා දිවෙන ගමනේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනාගත් දේශීය ගෘහස්ථ සන්නාමයක් ලෙස උසස් රෙදි සේදීමේ විසඳුම් මඟින් ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය දැක්වීමට දීවා සමත් විය. හේමාස් කන්සියුමර් හි අනිකුත් සන්නාමයන් අනුගමනය කරමින්, දීවා විසින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවමින් ඔවුන්ගේ අවශ්‍යතා විශිෂ්ට ලෙස ඉටු කිරීම සඳහා සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයිහච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම්

Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World RecordOrange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record

Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade.

හච් “SMART” වෙයි.හච් “SMART” වෙයි.

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කරඇත. මේ හරහා