𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ස්වදේශී කොහොඹ 13වන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරයි.

ස්වදේශී කොහොඹ 13වන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරයි.

| | 0 Comments |

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලද්දේ දෙවන වරටය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතු කමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි.

පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහ දේවාලය  ක්‍රි.ව 661 දී ධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදු දහම ආරක්ෂා කර දෙන ලෙස බුදු රදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයාගේන් ඉල්ලීමක් කර ඇත.  ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරා දී ඇත. උත්පලවර්ණ යන්නෙහි අර්ථය නිල් පැහැය වන අතර එය විෂ්ණු දෙවියන්ගේ පැහැයට සමාන වේ. මේ නිසා දෙවුන්දර දේවාලය, උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාල මන්දිරය ලෙස හඳුන්වයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අලුත්නුවර දැඩිමුණ්ඩ මහ දේවාලය දඹදෙණි සමයේ ගොඩ නගන ලද්දකි.  දෙවන පරාක්‍රමබාහු රජු ශ්‍රී පාදය බලා යන ගමනේ දී අලුත්නුවර හරහා යන විට එම ස්ථානය දැක, එය පන්සලට පරිත්‍යාග කිරීමට සිත පැහැදී ඇති බව විශ්වාස කෙරේ. හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දේවාලයට ගොඩනැගිලි එක් කරන ලදි. නවතිලකපුර ලෙස හැඳින්වූ මෙම ස්ථානය පසුව අලුත්නුවර බවට පත් විය. දැඩිමුණ්ඩ දෙවියන්, ලංකාවේ බුදු සසුන සුරකින මුර දේවතාවන් ලෙස සැළකේ.

2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලද ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු මහා කතරගම දේවාලය, සෙල්ල කතරගම දේවාලය,  මහනුවර ශ්‍රී විශ්නු මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

දශක 8ක විශ්වාසය දිනූ දේශීය කර්මාන්තායතනයක්  ලෙස, ස්වදේශී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩනැංවීමේ වැඩසටහන් වෙත සිය  අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් සහ සනීපාරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය සහ ස්වදේශී කොහොඹ බේබි ‘හොද පුරුදු’ පොත හරහා ඉක්මනින් වියැකී යන යහපත් වටිනාකම්   ඉස්මතු කරමින් පාසල් දරුවන් දැනුවත් කිරීම අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කළ නිෂ්පාදන වේ.   ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම,‍ ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

එසේම සමාගම විසින් ඉහළ මට්ටමේ ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් සන්නාමය නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි

ඡායාරූප විස්තරය

ස්වදේශී සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන,  අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය/ මහනුවර, ශ්‍රී මහ විෂ්ණු දේවාලය බස්නායක නිළමේ මහින්ද්‍ර රත්වත්තේ,  දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය වැඩ බලන බස්නායක නිළමේ චමින්ද වනිගසේකර ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World RecordOrange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record

Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade.

පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියිපරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව