𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

| | 0 Comments |

කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන්  කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමග නිරන්තරයෙන් ගැටෙන ඇයට තම හිසකෙස් රැකවරණය වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරි නොවන නිසා බොහෝමයක් කාන්තාවන් ක්‍රමවත්ව සත්කාර වලින් බැහැර වේ.  පාරිභෝගිකයන්ගේ මෙම වෙනස් වන අවශ්‍යතාවන් මැනවින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය වන කුමාරිකා, කාර්යබහුල කාන්තාවන්ගේ හිසකෙස්වල යහපැවැත්ම සලසන කදිම විසදුමක් ලෙසින් නවතම කුමාරිකා තෙරපි රේන්ජ් හෙයා ඔයිල් සත්කාරය හඳුන්වාදී ඇත.

ස්නානයට පෙර භාවිතා කරන ඔයිල් සත්කාරයක් ලෙසින් හඳුන්වා දෙන නව කුමාරිකා තෙරපි ඔයිල් සත්කාරය, අනෙකුත් සාම්ප්‍රදායික හෙයා ඔයිල් හා සැසඳීමේදී ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම සත්කාරය සඳහා කාන්තාවකගේ වටිනා කාලයෙන් වැයවන්නේ  අවම කාලයකි. නව ඇප්ලිකේටර පනාව මගින් ඉතා පහසුවෙන් හිසෙහි තෙල් ආලේප කිරීමට හැකි වන අතර, ඉන්පසු ඇඟිලි තුඩු මගින් මෘදුව හිස සම්බාහනය කර එය හොඳින් හිස්කබලට අවශෝෂණය කරගැනීමට විනාඩි 20ක් කාලයක් තබා ස්නානය කළ හැකිය. වෘත්තිය මෙන් ම නිවසේ වැඩ කටයුතු සමඟ අතිශය කාර්යබහුල කාන්තාවන් හට කෙටි  කාලයක් තුලදී කරගත හැකි මෙම සත්කාරය, සතියකට දින 2-3ක් කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සඳහා වැය වන්නේ අවම විනාඩි 20ක කාලයක් පමණයි.

100%ක් ස්වභාවික ශාකසාර පදනම් කර ගත් අමුද්‍රව්‍ය පහකින් ලබා ගත් ස්වභාවික තෙල් වර්ග පහක සංයෝජනයෙන් කුමාරිකා තෙරපි හෙයා ඔයිල් නිපදවා ඇත. සුපිරීසිදු පොල්තෙල්, ආමන්ඩ් ඔයිල්, ආගන් ඔයිල්, එඬරු තෙල් සහ පොකුරු වද මල් ඔයිල් යන මෙම අද්විතීය සංයෝගය හිසකෙස්වලට  මනා පෝෂණයක් ලබා දීමට කටයුතු කරයි. සුපිරිසිදු පොල්තෙල් හිස කෙස්වල ප්‍රෝටීන් හිඟකම නිසා හිසකෙස් කැඩී යාම අවම කිරීම, හිසකෙස්වල තෙතමනය පවත්වා ගැනීම, හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම සහ දූවිල්ල, දුම සහ හිරු එළිය වැනි බාහිර සාධක මගින් හිසකෙස්වලට සිදුවන බලපෑම්වලින් ආරක්ෂා කිරීමට කටයුතු කරයි. ආමන්ඩ් ඔයිල්, හිසකෙස් මෘදු හා ශක්තිමත් කරයි. එමෙන්ම ආමන්ඩ් ඔයිල්, සතු විටමින් E සාරය, හානි වූ හිසකෙස්වලට පිළියම් කිරීමත්, හිස් කබලේ පටක ප්‍රතිවර්ධනයටත් දායක වෙයි. අනර්ඝ මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියාකරන ආගන් තෙල්, හිසකෙස් සහ හිස් කබලේ වියළි බව අඩු කරමින් කෙස් කැඩී යාමත් හිසකෙස් අග පැලීමත් අවම කරන්නේ හිස මත සම නිරෝගීව පවත්වා ගනිමින් සහ කොණ්ඩය හැලී යාම වළක්වාලමිනි. ඔමෙගා 6 මේද අම්ලවලින් සමන්විත එඬරු තෙල්, හිසකෙස් වර්ධනය, හිසකෙස්වල තෙතමනය පවත්වා ගැනීම හා නම්‍යශීලී බව වැඩි කිරීමටත්, මෘදු සහ දීප්තිමත් බවක් ලබා දීමටත් කටයුතු කරයි. හිබිස්කස් හෙවත් පොකුරු වදමල් ඔයිල්, කෙරටින් නිෂ්පාදනය කරමින් හානි වූ හිසකෙස්වලට පිළියම් කිරීම, හිසකෙස්වල වර්ණය පවත්වා ගැනීම, හිසකෙස් ඝනකම් කිරීම සඳහා උපකාරී වේ සියවස් ගණනාවක සිට ආයුර්වේදයේ පවා භාවිතා කරන මෙම පෝෂණීය සංඝටක, හිසකෙස්වල මනා පැවැත්ම තහවුරු කිරීමෙහි ලා බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි. 

සැබවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස කුමාරිකා, ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හිසකෙස් රැකවරණ අවශ්‍යතා සපුරාලීම සඳහා දැරිය හැකි මිලකට උසස් ගුණාත්මක හිසකෙස් සත්කාරක විසඳුම් ලබාදීමට දශක ගණනාවක් මුළුල්ලේ කටයුතු කරයි. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍යවලින් සමන්විත වන හිසකෙස් සත්කාරය වෙනුවෙන්ම හඳුන්වා දුන් නව කුමාරිකා තෙරපි රේන්ජ් 70ml බෝතලයක් රු.300ක් වැනි අවම මිලකට ඕනෑම වෙළඳසැලකින් මිලදී ගත හැක.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Hilton Yala Resort Commemorates First Anniversary with a Series of Community Improvement Initiatives and Anniversary-Exclusive ExperiencesHilton Yala Resort Commemorates First Anniversary with a Series of Community Improvement Initiatives and Anniversary-Exclusive Experiences

In honor of the resort’s first milestone, Hilton Yala is launching two impactful community outreach initiatives aimed at enhancing the local environment and supporting the Hilton Yala Resort, nestled in