𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

| | 0 Comments |

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක.

හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288 # අමතා හෝ හච් Self Care app හරහා දෛනිකව මෙම  රීලෝඩ් දීමනාව සක්‍රිය කළ හැකි අතර මෙහි අරමුණ වන්නේ ජංගම ශේෂය අවම  මට්ටමක පැවතියද සිය පාරිභෝගිකයින්ගේ හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා පහසුකම් සලසා දීමයි.

“මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන කොවිඩ් වසංගතයේ තෙවන රැල්ල සහ සංචරණ සීමා නිසා පාරිභෝගිකයින්ට තම ජංගම දුරකතන රීචාර්ජ් කර ගැනීමේ අසීරුතාවයක් පවතින බව අපට පෙනීගියා. අපගේ පාරිභෝගිකයින් මෙම අභියෝගයට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය නොවේ, එමනිසයි ඔවුන් උදෙසා ගියවර මෙන්ම මෙවරත් මෙම දීමනාව ලබාදීමට අපි කටයුතු කරේ. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජංගම ශේෂය අවම මට්ටමක පැවතියද හදිසි ඇමතුම් ලබා ගැනීමට මෙම රීලෝඩ් දීමනාව සහයක් වනු ඇත.” හච් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර ඉරංග අමන්දකොන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.

සමාජ වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු ලෙස, 2020 මාර්තු මාසයේදී කොවිඩ් 19 පළමු රැල්ල ආරම්භයේ සිට නොමිලේ රීලෝඩ් කිරීම වැනි  කොවිඩ් සහන ක්‍රියාමාර්ග රැසක හච් පෙරමුණ ගෙන සිටින අතර නිවසේ සිට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාගත හැකි සුවසරණ ටෙලිමෙඩිසින් සේවාවද  හච් සහ o-Doc එක්ව තම පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි. විශේෂයෙන්ම පැල්වත්ත

HUTCH inaugurates the Gamata Sannivedanaya- WeniwelAra Tower providing internet connectivity to over 1,000 rural studentsHUTCH inaugurates the Gamata Sannivedanaya- WeniwelAra Tower providing internet connectivity to over 1,000 rural students

HUTCH, Sri Lanka’s fast growing choice for Mobile Broadband Services joined forces with the Gamata Sannivedanaya project initiated by the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) with the intention