𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න

හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න

| | 0 Comments |

ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම දීමනාව 2021 ජූලි මස 15 දින දක්වා සියලු 072 සහ 078 පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමෙන අතර හච් Self Care app හෝ හච් වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකරන ඔන්ලයින් රීලෝඩ් මේ සඳහා සුදුසුකම් ලබයි.

පවත්නා සංචරණ සීමා හමුවේ හච් පාරිභෝගිකයින්ට තම රීලෝඩ් අවශ්‍යතා ඔන්ලයින් ක්‍රමයට සිදුකර ගැනීමට මෙමඟින් දිරිගන්වන අතරම ඔවුන්ට වැඩි සහනයක් ලබාදීම මෙහි අරමුණයි. ඔන්ලයින් රීලෝඩ් පහසුකම සඳහා කාර්යක්ෂම ප්‍රවේශයක් ලබා දීම තුළින් හච් පාරිභෝගිකයින්ට තම නිවස තුළ සුරක්ෂිතව සිටිමින් තම ගිණුම් ශේෂයන් අමතර බෝනස් දීමනාවක්ද සමඟින් ඉහල නංවා ගතහැක. මේ සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ද්විත්වයම භාවිතා කළහැක.

මෙම නවතම ක්‍රියාදාමය පිළිබඳව අදහස් දක්වමින් හච්  අලෙවි සහ බෙදාහැරීමේ සහකාර සාමාන්‍යධිකාරී මිල්රෝයි තෝමස් සඳහන් කළේ, “අපි සැවොම සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක.  හච් ගනුදෙනුකරුවන්ට වැඩි සහනයක් ලබා දීම අපිට අවශ්‍ය වුණා. ඒ අතරම, අපි කොවිඩ් 19 හි තර්ජනය සමඟ පොරබදමින් සිටින බැවින් අපගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ගැන සලකා බැලීම අතිශයින්ම වැදගත්. හච් විසින් වේගවත් හා ආරක්‍ෂිත ඔන්ලයින් රීචාජ් පහසුකම් ලබා දෙමින් ඔබගේ කාඩ්පත් විස්තර සුරක්ෂිතව තබා ගන්නේ අනාගත ගනුදෙනු ඉතා කාර්යක්ෂම සහ වේගවත් කිරීමටයි.” යනුවෙනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.

Global Solutions යනු අක්ක‌රේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා

Sri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery IndustrySri Lanka Gem and Jewellery Association Welcomes President Ranil Wickremesinghe’s Commitment to Boosting Gem and Jewellery Industry

The Sri Lanka Gem and Jewellery Association (SLGJA), the apex body for the gem and jewellery industry, officially recognized by the Sri Lankan Government, commends His Excellency President Ranil Wickremesinghe