𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් “ඩිජිටල් වෙසක් දන්සැල” නැවත දියත් කරයි

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් “ඩිජිටල් වෙසක් දන්සැල” නැවත දියත් කරයි

| | 0 Comments |

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, දානයෙහි සැබෑ අරුත විදහාමාන කරමින්  මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,අඛණ්ඩව 7වැනි වරටත් ඩිජිටල් “වෙසක් දන්සැල”  දියත් කරයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ත්‍යාගශීලිත්වය සහ කරුණාව පෝෂණය කරමින්, හච් සිය පාරිභෝගිකයින්ට නිවසේ සිට ආරක්ෂිතව වෙසක් උත්සවය සැමරීමට ආරාධනා කරන අතර ඔවුන්ගේ Data, SMS හා ඇමතුම් අවශ්‍යතා ගාස්තු අයකිරීමකින් තොරව සපයා දීමට කටයුතු කර ඇත.

මෙමඟින් පුරා පැයක කාලසීමාවක් සඳහා අසීමිත Data, H-H ඇමතුම් හෝ H-H SMS මැයි මස 26, 27 සහ 28 යන දිනයන්හි නොමිලේ ලබාදෙන අතර මෙම දීමනාව ලබා ගැනීම සඳහා සියලුම 072/078 හච් පාරිභෝගිකයින්ට දෛනිකව *311# අංකනය කිරීමෙන් හෝ HUTCH Self Care App මගින් හැකියාව පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර ඉරංග අමන්දකොන් පවසා සිටියේ,”“ දන්සැල්” යනු අපගේ වෙසක් සැමරුම්වල සංකේතාත්මක අංගයක්. දන්දීම අරුත්ගන්වන්නට අඛණ්ඩව මේ වසරේදීත් අපි අසීමිත ඩිජිටල් වෙසක් දන්සැල ඔබ වෙනුවෙන්ම දියත් කර තිබෙනවා. COVID වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හට අඛණ්ඩව දෙවැනි වරටත් නිවසේ සිට වෙසක් උත්සවය සැමරීමට සිදුවී ඇති අතර මෙම සත්ක්‍රියාව අපගේ පාරිභෝගිකයින් හට නිවසේ ආරක්ෂිතව සිටීමට සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ වෙසක් සැමරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Baby Cheramy empowers new parents in Matara District with knowledge on nutrition and parenting amidst current challenges facing the nationBaby Cheramy empowers new parents in Matara District with knowledge on nutrition and parenting amidst current challenges facing the nation

Baby Cheramy, the leading and most loved baby care brand in Sri Lanka, successfully completed its parental clinic program in Matara District from 15th– 19th August 2022, co vering Kotapola,

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික