𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.

HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.

| | 0 Comments |

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගැනීමකින් තොරව මොබයිල් බ්‍රව්සර් ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා වෙත පිවිසිය හැක.

ජංගම ගෙවීම් සහ ඩිජිටල් අන්තර්ගත මුදල් ඉපැයීමේ පිළිබඳ විශේෂඥ Digital Virgo සමඟ එක්ව තම පාරිභෝගිකයින්ටම විශේෂිත වූ විශිෂ්ට ක්‍රීඩා අත්දැකීමක් ලබාදීම සඳහා  හච් විසින් HutchGoPlay හඳුන්වාදෙන ලදී. HutchGoPlay ජනප්‍රිය ක්‍රීඩා රැසකට ප්‍රවේශය සපයන අතර ටොම් ඇන්ඩ් ජෙරී, සොනික්, Smurfs, ගාෆීල්ඩ් වැනි ජනප්‍රිය ක්‍රීඩා ද Subway Surfers, ලුඩෝ, ෆ්රුට් ස්ලයිසර්, චෙස්, ස්නේක් ඇන්ඩ් ලැඩ්ඩර්ස් වැනි විශේෂිත ක්‍රීඩාද ඒ අතර වේ. ඕනෑම ජංගම වෙබ් බ්‍රව්සරයක් හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි HUTCHGoPlay, පාරිභෝගිකයින්ට තම සිතැඟි පරිදි තෝරාගැනීමට පුළුල් පරාසයක ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට ප්‍රවේශය මේ හරහා ලබා දී ඇත.

HUTCHGoPlay ක්‍රීඩකයන්ට දැන්වීම් වලින් තොරව ක්‍රීඩා කිරීමේ පහසුකම සහ ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අසීමිතව ක්‍රීඩා කිරීමේ පහසුකමද සපයයි. 

හච් පාරිභෝගිකයින්ට අවම data භාවිතයකින් යුතු ක්‍රීඩා විසදුම් රාශියක් සහ දිනකට රු.5+බදු වැනි සුළු මුදලකට අසීමිත ප්‍රවේශයක් මෙම ක්‍රීඩා hub හරහා දැන් ලබාගත හැක. ඕනෑම හච් පරිභෝගිකයෙක්ට HUTCHGoPlay http://www.hutchgoplay.lk/ වෙබ් අඩවියට පිවිස තම දුරකතන අංකය ඇතුළත් කිරීමෙන් ලැබෙන මුරපදය ඇතුළත් කිරීමෙන් මෙම සේවාව සක්‍රීය කරගත හැක.

මෙම නව HUTCHGoPlay පිලිබඳ අදහස් දක්වමින් හච්හි අලෙවි සාමාන්‍යාධිකාරී හම්ඩි හසන් මහතා සඳහන් කළේ ” මොබයිල් ක්‍රීඩා දැන් විනෝදාස්වාදයේ ප්‍රධාන අංගයක් නමුත් බොහෝ ක්‍රීඩා ඩවුන්ලෝඩ් කරගැනීමට විශාල data ප්‍රමාණයක් සහ storage ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසා පරිභෝගිකයින් ක්‍රීඩා වෙත ප්‍රවේශ වීම සීමා වෙලා තියෙනවා.  HUTCHGoPlay පාරිභෝගික ඉල්ලුමට අනුව විශාල ක්‍රීඩා ප්‍රමාණයකට ප්‍රවේශය ලබා දීම නිසා විශිෂ්ට ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙනවා. මෙම නව අත්දැකීම විඳගැනීමට අපි සැමට ආරාධනා කර සිටිනවා.” යනුවෙනි.

” දීර්ඝ කාලයක් තිස්සේ බලාසිටි මෙම හවුල්කාරිත්වය මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෙළඳපොලේ අවශ්‍යතාවයන්ට සරිලන වටිනා නිෂ්පාදනයක් හඳුන්වාදීමට අපට හැකිවුණා. ආසියාව තුළ  අපගේ ව්‍යාපාර පුළුල් කිරීමේ කටයුතු අඛණ්ඩව කිරීමට ලැබීම අපට සතුටට කරුණක් වගේම අපගේ අනෙකුත් සේවාවන් හච් ඔස්සේ කලාපය තුළට ගෙනඒමට අපේක්ෂා කරනවා.” Digital Virgoහි අලෙවිකරණ අධ්‍යක්ෂ වින්සන්ට් ටැරඩෙල් මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම  දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්‍ෂව 24% ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබේන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ

இலங்கையர்களுக்கு உள்நாட்டு மொழியிலான ஸ்மார்ட்போன் கீபோர்ட்களை அறிமுகப்படுத்த Bobble AI உடன் கைகோர்த்த HUTCHஇலங்கையர்களுக்கு உள்நாட்டு மொழியிலான ஸ்மார்ட்போன் கீபோர்ட்களை அறிமுகப்படுத்த Bobble AI உடன் கைகோர்த்த HUTCH

இலங்கையில் முதற்தடவையாக உலகளவில் மில்லியன் கணக்கான பாவனையாளர்களினால் நம்பப்படும் நவீன ஸ்மார்ட்போன் கீபோர்ட் தீர்வுகளை வழங்கும் உலகின் முதல் உரையாடல் ஊடக தளமான Bobble AI உடன் கைகோர்ப்பதாக HUTCH இன்று அறிவித்தது. இந்த அறிமுகத்தின் மூலம், இலங்கை முழுவதும் உள்ள