𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච්, Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි

හච්, Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි

| | 0 Comments |

පාරිභෝගිකයින් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumo හා සහයෝගීතාවයකට එළඹ ඇත.  

මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා   ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්ව මුදල් ඉතා පහසුවෙන් හා කඩිනමින් ගෙවීමට අවස්ථාව හිමිවේ.

Fortumo හි direct carrier billing සේවාවන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සඳහා වූ ඉතා ආරක්‍ෂිත හා කඩිනම් විසඳුමක් වේ.  තවද මෙම සේවාවේ සුවිශේෂීත්වය වන්නේ පරිශීලකයාට ස්වයං ගිණුමක් නිර්මාණය කිරීමට හෝ කිසිඳු පුද්ගලික දත්ත බෙදා ගැනීමකින් තොරව, සරල ද්වි-පියවර සත්‍යාපන ක්‍රියාවලියක් හරහා සිය බිල්පතේ අගය ප්‍රධාන ගිණුම් ශේෂයෙන් සෘජුවම අය වීමයි. 

මෙම නවතම සේවාව පිළිබඳ අදහස් දක්වමින් හච්හි, උපායමාර්ගික හවුල්කාරිත්වය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ෆිරාස් මාකර් මහතා මෙලෙස පවසා සිටියි. ” Direct carrier billing සේවාවන් ලබා දීම සඳහා Fortumo හා එක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.  මෙම නවතම ඩිජිටල් ගෙවීම් සේවාවන් හරහා සියලුම හච් පාරිභෝගිකයින්ට දැන් කිසිඳු ගැටලුවකින් තොරව ඔවුන්ගේ ප්‍රියතම apps, games, music, videos ඇතුළු ඕනෑම ඩිජිටල් සේවාවක් සඳහා credit හෝ debit කාර්ඩ් ගෙවීම් වලින් තොරව, හච් ගිණුම හරහා ඉතා පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකියි. මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ගෙවීම් ක්‍රම වේදයන් ඉතා කෙටි කාලයක් තුළ නව මානයකට රැගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා.”  

“ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා වගේම, බොහෝ සේවාවන් සඳහා සම්ප්‍රදායික ගෙවීම් ක්‍රම හා අලෙවි උපක්‍රම තුළින් ළඟා වීමට නොහැකියි.   Carrier billing යනු ප්‍රමුඛ දේශීය ගෙවීම් ක්‍රමවේදයක් වන අතර, හච් හා එක්ව මෙම සේවාවන් අපගේ පාරිභෝගික පදනම වෙනුවෙන් තිලිණ කිරීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.” Fortumo හි ටෙල්කෝ හවුල්කාරීත්වයන් සඳහා උප සභාපති ටාවී ක්‍රසෙල් පැවසීය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ஆரம்பகால Etisalat 072 சந்தாதாரர்கள் தங்கள் சிம் அட்டைகளை காலாவதியாகும் முன் மேம்படுத்த வேண்டும்ஆரம்பகால Etisalat 072 சந்தாதாரர்கள் தங்கள் சிம் அட்டைகளை காலாவதியாகும் முன் மேம்படுத்த வேண்டும்

தற்போது HUTCH வலையமைப்பில் உள்ள ஆரம்பகால Etisalat 072 வாடிக்கையாளர்கள், தங்களது தற்போதைய சிம் அட்டைகளை கூடிய விரைவில் Hutch 072 சிம் அட்டைகளுக்கு மேம்படுத்துமாறு Hutch வேண்டுகோள் விடுக்கின்றது. ஏனெனில், இவை விரைவில் காலாவதியாகிவிடும் என்பதுடன், செப்டம்பர் 2021 க்குப்

ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් දියත් කල “Fems ඇය” සිය ගමන් මගේ පළමු සංවත්සරය සමරයිඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් දියත් කල “Fems ඇය” සිය ගමන් මගේ පළමු සංවත්සරය සමරයි

“Fems ඇය” යනු Hemas Consumer Brands හි කාන්තා සනීපාරක්ෂක වෙළෙඳ සන්නාමය වන Fems විසින් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක