𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Events ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ

ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ

| | 0 Comments |

2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ හිල්ටන්  හෝටලයේ  මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. 

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය  යන  මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

මෙහිදී  සම්මාන ප්‍රදානයට පාත්‍ර වු මෘදුකාංග සහ යෙදවුම් 7    ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය සදහා ඉදිරිපත්කරන ලදී.එහිදී රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය යන තරග කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහනයක් හිමිවීම විශේෂත්වයක් විය.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ට  උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගි විය.තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.සෞඛ්‍ය මාර් ගෝපදේශයන්ට අනුකූලව මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සහ මුලික තරග කටයුතු සිදු කිරීම විශේෂත්වයක් විය.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු  ජනාධිපති ජේෂ්ට උපදේශක ලලිත් වීරතුංග මහතා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් මෙසේ පැවසීය.“ලෝකය බොහෝ අභියෝග හමුවේ  නවෝත්පාදකයින්ගේ සහ නව චින්තකයින්ගේ අවශ්‍යතාවය  අපට දැනේ. මෙම පසුබිම තුළ, තරුණ නවෝත්පාදකයින් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ නවෝත්පාදනයන් තුළින් බලපෑමක් ඇති කිරීමට සහාය වීමට ICTA හට විශාල කාර්යභාරයක් පැවරේ. ඉ-ස්වභිමානි යනු මෙම නවෝත්පාදකයින් බිහිවීමට වේදිකාව සකසන කාලෝචිත පියවරකි. සියලු ජයග්‍රාහකයන්ට මම සුබ පතන අතර, මෙම නවෝත්පාදකයින්ට ශාක්‍ය  තාක්ෂණික විසඳුම් මගින් ජනතාවගේ ජීවිත යහපත් කළ හැකි බව මාගේ විශ්වාසයයි.”

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් මෙසේ පැවසීය.“අද අපි සමරන්නේ නවෝත්පාදකයින් සොයා ගැනීමෙහි සහ  ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබා දීමේ තවත් සාර්ථක පියවරක කූටප්ප්‍රාප්තියයි. ඉ -ස්වභිමානි 2020 හි සියලුම ජයග්‍රාහකයන්ට සහ  ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට  සුභ ප්‍රර්ථනා කරමි. ”

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා Huawei ටෙක්නොලිජිස්(පුද්)සමාගම අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා ඇතුළු  රජයේ ජේෂ්ඨ නිලධාරීන් ව්‍යාපාරික  ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Historic 15th edition of PropertyGuru Asia Property Awards Grand Final laurels the best of Asia-Pacific real estateHistoric 15th edition of PropertyGuru Asia Property Awards Grand Final laurels the best of Asia-Pacific real estate

OUTSTANDING COMPANIES JUBILATE ONLINE AS THEY BEST PEERS ACROSS THE REGION FOR HIGHLY COVETED TITLES FROM LONG-RUNNING AWARDS PROGRAMME Eighty-seven companies compete for 35 sought-after regional titles, including new regional