𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්

නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්

| | 0 Comments |

ජංගම දුරකථන  බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී.  නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට ප්‍රවේශ වීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් දැරියහැකි මුදලකට මෙලෙස හඳුන්වා දී ඇත.

මෙමගින් නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට රු.29 ක් හා රු.69ක් වැනි සුළු මුදලකට Data සැලසුම් දෙකක් හඳුන්වා දී ඇත අතර රු. 29 පැකේජය Data 2GB කින් සහ දින දෙකක වලංගු කාලයකින්ද රු. 69 පැකේජය Data 7GB කින් සහ දින හතක වලංගු කාලයකින්ද සමන්විත වේ. මෙම සැලසුම් ද්විත්වය මගින්ම ZOOM, Microsoft Teams, Google Meet, Google Classroom වැනි අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහාද web browsing සඳහාද ප්‍රවේශය ලබා දෙයි.

හච් විසින් රු 551 කට Zoom App සඳහා විශේෂිත වූ  පැකේජයක්, අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති අතර එය Anytime data 20GB කින් හා දින තිහක වලංගු කාලයකින් සමන්විත වේ. මෙය පෙරගෙවුම් හා පසුගෙවුම් යන පාරිභෝගිකයන් ද්විත්වයටම සක්‍රීය කරගත හැකි අතර අතර අනෙකුත් අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහා ප්‍රවේශයද, YouTube සඳහා අසීමිත ප්‍රවේශයක්ද හිමිවීම අමතර ප්‍රතිලාභයකි.

මෙම නව සැලසුම් පිලිබඳ අදහස් දක්වමින් හච්හි අලෙවි සාමාන්‍යධිකාරී හම්ඩි හසන් මහතා සඳහන් කළේ ” මෙම සැලසුම් මගින්  සිසු දරු දැරියන්ට නිවසේ සිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු SMART ලෙස කරගන්න පුළුවන් වගේම දැරිය හැකි මුදලකට ලබා ගත හැකි නිසා දෙමව්පියන්ටද මෙය ඉතාමත් පහසුවක්.” යනුවෙනි. මෙම සියලු සැලසුම් අදාළ මුදල රීලෝඩ් කිරීම, *131# අංකනය කිරීම සහ HUTCH Self Care app හරහා සිදුකරගත හැක.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Hemas Consumer Brands Records Compelling Win at SLIM Brand Excellence Awards 2024 for its Powerhouse Brands – Fems, Baby Cheramy & DivaHemas Consumer Brands Records Compelling Win at SLIM Brand Excellence Awards 2024 for its Powerhouse Brands – Fems, Baby Cheramy & Diva

Hemas Consumer Brands (HCB) has yet again reinforced its leadership in Sri Lanka’s Fast Moving Consumer Goods (FMCG) sector, emerging victorious at the prestigious SLIM Brand Excellence Awards 2024. Crowned

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන්