𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට COVID-19 එන්නත ලබා දෙයි.

එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට COVID-19 එන්නත ලබා දෙයි.

| | 0 Comments |

බ්‍රිතාන්‍ය පුරා මේ වන විට ලබා දෙමින් පවතින COVID-19 වැළක්වීමේ  Pfizer/BioNTech එන්නත් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට ද ලබා ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ.

 COVID-19 වසංගත තත්ත්වය තුළ අන්තර්ජාතික සිසුන්ට සහයෝගය දැක්වීමට සිය කැපවීම ප්‍රකාශ කර ඇති එක්සත් රාජධානි රජය ඒ සඳහා වූ කැප වීම මෙලෙස ප්‍රකාෂයට පත් කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල අමාත්‍ය මිෂෙල් ඩොනෙලන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති ප්‍රතිපාදන පිළිබඳව ඉවසීමෙන් කටයුතු කිරීම සම්බන්ධව ලිපියක් මගින් සිසුන්ට ස්තූතිය පල කර තිබේ. එම ලිපියට අනුව COVID-19 සඳහා වන පරීක්ෂණ හෝ ප්‍රතිකාර සඳහා අයදුම් කිරීමට සිසුන්ගෙන් අය කිරීමක් නොකරන බව ඇය තහවුරු කර ඇත.

බ්‍රිතාන්‍ය රජය විසින් මෙම සමස්ත එන්නත් මාත්‍රාව මිලියන 40 ක් ඇණවුම් කර ඇති අතර එය එරට ජනගහනයෙන් තුනෙන් එකක පිරිසකගේ  ප්‍රතිශක්තිකරණය සඳහා ප්‍රමාණවත් වේ. එසේම බ්‍රිතාන්‍ය රජය එන්නත් නිෂ්පාදකයින් කිහිප දෙනෙකු හරහා එන්නත් මාත්‍රා මිලියන 357 කට වැඩි ප්‍රමාණයක් කඩිනමින් ලබා ගැනීමට නියමිතය. මේ අනුව වැඩිහිටි සිසුන් සහ  සෞඛ්‍ය අවශ්‍යතා ඇතිව ප්‍රමුඛතා කාණ්ඩවල රැඳී සිටින අයට මෙන්ම එරට රැඳී සිටින අන්තර්ජාතික සිසුන්ට ද සාමාන්‍ය සෞඛ්‍ය සේවාවෙන් මෙම එන්නත ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

එක්සත් රාජධානියේ සහ අධ්‍යයන සමූහයේ යුරෝපා සංගම් කළමණාකාර අධ්‍යක්ෂ ජේම්ස් පිට්මන් මහතා එන්නත පිළිබඳව නිවේදනය කරමින් මෙසේ අදහස් දැක්වීය. “එළඹෙන අධ්‍යනය වර්ෂය පිළිබඳව අප ධනාත්මක අපේක්ෂාවක් තබන අතර මෙම ගෝලීය වසංගත තත්ත්වය මනාව අවබෝධ කරගෙන ඉවසීමෙන් කටයුතු කල අපගේ සිසුන්ට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. COVID-19 පාලනය කළ හැකි රෝගයක් බවට පත්කිරීමේ දී ඵලදායි ප්‍රතිකාරයන් සමඟ ඒකාබද්ධව මෙම එන්නත වැදගත් කාර්යය භාරයක් ඉටු කරන අතර එමගින් අපට යථාතත්වයට පත්වීම සඳහා අවකාශය සලසනු ඇත. එලෙස ඉදිරියට ගමන් කිරීමේදී ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට බ්‍රිතාන්‍ය තුළ අවකාශය සලසා දීමට අපට හැකි වනු ඇත.

බ්‍රිතාන්‍ය සිය අන්තර්ජාතික සිසුන්ට බ්‍රිතාන්‍ය කෙරෙහි පවත්නා ජනප්‍රියත්වය වර්ධනය කරමින් ඇති අතර සිය සුදුසුකම් සපුරා ගැනීමේ අභිලාෂයෙන් යුතුව  සිසුන් දහස් ගණනක්  ජාත්‍යන්තර මට්ටමේ බ්‍රිතාන්‍යය විශ්වවිද්‍යාල බොහෝ ප්‍රමාණයක් තෝරා ගෙන සිටි. උසස් අධ්‍යාපන සංඛ්‍යාලේඛන ඒජන්සියේ (HESA) 2018/2019 සංඛ්‍යාලේඛනවලට අනුව දැනට එක්සත් රාජධානියේ උපාධි හදාරන විදේශීය සිසුන් ප්‍රමාණය 485,645 කි. ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දේශසීමා අගුලු දැමිණි. නමුත්  එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල සහ ඔවුන්ගේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන මේ වසරේදී සිසුන්ට මුහුණට මුහුණ ඉගැන්වීම සහ virtual teacher ඉගැන්වීම් වල සම්මිශ්‍රණයක් මගින් ඉගෙනීම් අවස්ථා ලබා දෙන ලදී. ඉදිරියේදී Pfizer/BioNTech එන්නත් ලබා ගැනීමත් සමග ශ්‍රී ලාංකික සිසුන්ට ලබන වසර මුලදී නැවත විශ්වවිද්‍යාල වෙත පැමිණීමට ඇති හැකියාව සහතික කිරීම ද අපේක්ෂා කෙරේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

Diva Celebrates Winners of ‘DIVA Daathata Diriyak’ Entrepreneurial Skills Development Programme in Uva ProvinceDiva Celebrates Winners of ‘DIVA Daathata Diriyak’ Entrepreneurial Skills Development Programme in Uva Province

The ‘DIVA Daathata Diriyak’ Entrepreneurial Skills Development Programme organised by Diva, the flagship laundry care brand by Hemas Consumer Brands in partnership with Women in Management (WIM), has continuously empowered

ஆரோக்கியமான புத்துணர்ச்சியூட்டும் பழச்சாறு வகைகைளை அறிமுகப்படுத்தும் Global Solutionsஆரோக்கியமான புத்துணர்ச்சியூட்டும் பழச்சாறு வகைகைளை அறிமுகப்படுத்தும் Global Solutions

இன்றைய நவீன உலகத்தில் வேலைப்பளுக்களுக்கு மத்தியில் வாழும் மனிதர்கள், தங்களது அன்றாட வாழ்வின் நிகழ்வுகளை வெற்றிகரமாக செய்து முடிப்பதற்கான ஒரு நிறுவனமே குளோபல் சொல்யூஷன்ஸ் (Global Solutions) ஆகும். தனது சிறு வயது கனவை நனவாக்கியுள்ள அக்கரைப்பற்றைச் சேர்ந்த முஹமட் தில்ஷானின்