𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි

පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි

| | 0 Comments |

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ ප්‍රීතිය ලබා දෙමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය හරහා සුවිශේෂී සුබපැතුම් ව්‍යාපාරයක් දියත් කළේය. 2020 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය පවුලේ පිරිස් සමග නත්තල් උත්සවය පැවැත්වූ අකාරය නිරුපණය කරමින් සුබ පැතුම් පත් පැල්වත්ත ෆේස්බුක් පිටුව සමග බෙදා ගැනීමට අවස්තාව උදා කර දුන්නේය.

එම සුබ පැතුම් පැල්වත්ත නිල ෆේස්බුක් ගිණුමේ පල කරන ලද අතර එහිදී තෝරා ගන්නා ලද ජයග්‍රාහී නිර්මාණාත්මක සුබ පැතුම්පත් 10ක් සඳහා විශේෂ තෑගි වවුචර ප්‍රදානය කෙරිණි. මෙම ‘Spread Seasonal Joy with Pelwatte’ ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන හරහා නිවෙස්වලට වී කාලය ගත කරන ගනුදෙනුකරුවන්ට සිය පවුලේ සහ සමීපතමයන් සමග උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය බෙදා ගැනීමට වේදිකාවක් නිර්මාණය කර දුන්නේය. එහිදී මෙම වැඩසටහන සමග උනන්දුවෙන් එක් වෙමින් ආදරය සහ ආශීර්වාදය සියලු දෙනා සමග බෙදා හදා ගත්තේය.

වර්ණවත් සැරසිලි, ඉටිපන්දම් සහ කැරොල් වලින් පිරුණු වසරේ වර්ණවත්ම කාලය නත්තල් කාලයයි. මේ කාලය සිත් සනසවන සීනුව නාද , කෑම බීම හා කෑම බීම වලින් පිරී ගිය කෑම මේස සහ ආදරයෙන් සහ සෙනෙහසින් හදවත් පිරි ඉතිරි යන සියලු දෙනාගේ සිත් තුටු කරවන කාලයකි. වසංගතය හේතුවෙන් පෙර වසරවලට වඩා ශාරීරික වශයෙන් සියලු දෙනා ඈත්ව කටයුතු කලද  නත්තල් සමයේ හෘදයාංගම බව එලෙසම පැවතුණි.

උත්සමයේ දියත් කරන ලද මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව සිය අදහස් පල කරමින් පැල්වත්ත සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ පැවසීය. “මෙවැනි අභියෝගාත්මක කාලයන්වලදී පවා පැල්වත්ත සන්නාමය නත්තලේ සැබෑ අරුත අපගේ ගනුදෙනුකරුවන්ගේ පවුල් වෙත ළගා කරවීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වන අතර මෙම සමාජ මාධ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියෙහි දී අප වෙත ලැබුණු ප්‍රතිචාර පිළිබඳව අප පුදුමයට පත්වනවා. එලෙසම මෙම සුබ පැතුම්  ශ්‍රී ලාංකිකයන් සමඟ බෙදා ගැනීමට ලැබීම අපට විශාල සතුටක්. ඒ වගේම අපගේ විශ්වාසය, ගුණාත්මකභාවය සහ සබඳතාවය යන මුලික ප්‍රතිපත්තීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට, පාර්ශවකරුවන්ට සහ මුළු රටටම සහයෝගය දැක්වීමට පැල්වත්ත කටයුතු කරමින් සිටිනවා.

තරඟය සඳහා ඇතුළත් කර ගැනීමට මුලික කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එහිදී ප්‍රථමයෙන්ම පැල්වත්ත නිල ෆේස්බුක් පිටුවට Like කිරීම අවශ්‍ය වූ අතර මෙම තරඟයට එකතු වන ලෙස අනෙකුත් පිරිස් වලට ආරාධනා කරමින් පැල්වත්ත ෆේස්ප්‍බුක් සටහන් Share කිරීම, සිය සුබ පැතුම් පණිවිඩය පල කිරීමට පෙර කමෙන්ටුවක් මගින්  මිතුරන් 5 දෙනෙකු ටැග් කිරීම තරගයට ඇතුළත් වීමේ සුදුසුකම් විය. ආහාර පිළියෙළ කිරීම සඳහා කිසියම් පැල්වත්ත නිෂ්පාදනයක් භාවිතා කර ඇත්නම්, එය ද සඳහන් කිරීමට සහභාගිවන්නන් දිරිමත් කරන ලදී.

මෙවැනි අභියෝගාත්මක කාලයන් නොතකා පරිත්‍යාගයේ සහ බෙදා හදා ගැනීමේ වටිනාකම් ආරක්ෂා කිරීමටත්, සතුටින් හා ශක්තිමත්ව සිටීමටත් මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් විශාල රුකුලක් සපයයි. එම නිසා මේ සඳහා සහභාගී වූ සියලුම දෙනා හෘදයාංගම බවේ සැබෑම නියෝජියින් ලෙස සැලකිය හැකි බව පැල්වත්ත සමාගමේ හැගීමයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

இளம் மாணவர்களுக்காக கற்பித்தல் மையங்களை மீண்டும் திறக்க British Council திட்டமிட்டுள்ளதுஇளம் மாணவர்களுக்காக கற்பித்தல் மையங்களை மீண்டும் திறக்க British Council திட்டமிட்டுள்ளது

இலங்கை பிரிட்டிஷ் கவுன்சிலாகிய (British Council) நாம், எதிர்வரும் 2022 ஜனவரி 07ஆம் திகதி முதல், கொழும்பு, கண்டி, யாழ்ப்பாணம், மாத்தறை ஆகிய இடங்களில், நேருக்கு நேர் கற்பிக்கும் வகுப்புகளை நடாத்துவதற்காக, எமது கற்பித்தல் மையங்களை மீண்டும் திறக்கத் தயாராகி வருவதில்

Island Climate Initiative, USAID launch Island Plastic Challenge to help consumer goods companies address plastic wasteIsland Climate Initiative, USAID launch Island Plastic Challenge to help consumer goods companies address plastic waste

In support of the Ministry of Environment’s policy on plastic waste reduction, the United States Agency for International Development’s (USAID) partner, Island Climate Initiative (ICI) under USAID’s global Clean Cities