𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz Singer Care යෙදවුම (App) මගින්, පාරිභෝගිකයින් හට පැය 24 පුරාම අලෙවියෙන් පසු සේවා පහසුකම

Singer Care යෙදවුම (App) මගින්, පාරිභෝගිකයින් හට පැය 24 පුරාම අලෙවියෙන් පසු සේවා පහසුකම

| | 0 Comments |

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ස්වකීය පාරිභෝගිකයින්ට තවදුරටත් තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැලසීමේ අරමුණින්, නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ.

සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයින් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම සලසා දී තිබීම විශේෂත්වයකි.

Google play store හා Apple store මගින් බාගත කරගත හැකි මෙම Singer Care යෙදවුම (App) ඔස්සේ, පාරිභෝගිකයින්ට නිවසේ සුවපහසුව රැඳී සිටින අතරතුර, සිංගර් වෙතින් මිලදී ගත් නිෂ්පාදන සඳහා අලුත්වැඩියාවන් සිදු කර ගැනීමට හැකියාව පවතී. මෙම යෙදවුම ක්ලික් කිරීමෙන්, සිංගර් සේවාවන් ලබා ගැනීම සඳහා තාක්ෂණික නිලධාරියකු වෙන් කරවා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතින අතර, කිසිදු කරදරයකින් තොර අලෙවියෙන් පසු සේවාවක් එමගින් ඔවුන් වෙත සැලසේ.

අලුතින් දියත් කරන ලද මෙම යෙදවුම  පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස සඳහන් කළේය.

“පාරිභෝගික සේවාවන් සැලසීම අතින් විශිෂ්ටතම සන්නාමයක් ලෙසින් සිංගර් නිරතුරුවම පාරිභෝගිකයින් හට නවතම විසඳුම් මගින් සහය සැලසීමට කටයුතු කරනවා. මෙම යෙදවුම(App) ,‍අපගේ අලෙවියෙන් පසු සේවාවන් කිසිදු ප්‍රමාදයකින් තොරව සලසා ගැනීමට පාරිභෝගිකයින් හට පිරි නැමෙන නවතම විසඳුමක්. සිංගර් පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස මෙම නවතම යෙදවුම මගින් දිවයින පුරා අලෙවියෙන් පසු සේවාවක් ලබා ගැනීමට හැකිවන බවට අපට සහතික විය හැකියි.”

මෙම යෙදවුම භාවිත කිරීමෙන් පාරිභෝගිකයින් හට, සිංගර් වෙතින් මිලදී ගත් ශීතකරණ, රූපවාහිනී, පරිගණක, ගෘහ භාණ්ඩ, වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, කාර්මික යන්ත්‍ර, විදුලි උපකරණ හා ජල පොම්ප ඇතුළු මාදිලීන් ගණනාවක භාණ්ඩ සඳහා අලුත්වැඩියා සේවාවන් රැසක් ලබා ගත හැකිය. මෙය  සේවාවන් පිළිබඳ සොයා බැලීමට හැකිවන, සේවා අවශ්‍යතා නියමිත වේලාවට සපුරාලන බව පාරිභෝගිකයින් හට සහතික කරන, සියලු විශේෂාංගයන්ගෙන් සමන්විත අංගසම්පූර්ණ යෙදවුමකි. යෙදවුමෙහි ඇතුළත් සෑම සේවාවක්ම සිදු කරනු ලබන්නේ, මනා පුහුණුවලත් සිංගර් තාක්ෂණික නිලධාරීන් මගින් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

මේ වන විට සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් නිකුත් කර ඇති යෙදවුම(App), පරිශීලකයින්ට භාවිත කිරීමට ඉතාමත් පහසු විශේෂාංග ඇතුළත් කර දෙමළ භාෂාවෙන්ද නිකුත් කිරීමට නියමිතය. යෙදවුම බාගත කිරීමෙන් අනතුරුව, සිය ජංගම දුරකතනයට ලැබෙන වරක් භාවිත කළ හැකි රහස් අංකයක් භාවිත කර සරල ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් මගින් ස්වකීය ගිණුමක් ආරම්භ කිරිමේ හැකියාව පවතී. ඒ අනුව, සරල පියවර කිහිපයක් අනුගමනය කර සිංගර් සේවාවන් ලබා ගැනීමට ඔවුනට හැකිය. එමෙන්ම, සිංගර් තාක්ෂණික නිලධාරීන් විසින් සලසන සේවාව අගය කිරීමට හැකි ක්‍රමවේදයක්ද යෙදවුමෙහි අන්තර්ගත වේ.

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම, දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 430 කට අධික සංඛ්‍යාවක් හා ශක්තිමත් අලෙවි ජාලයක් මෙන්ම www.Singer.lk වෙබ් අඩවියද ඇති සිංගර්, ජාත්‍යන්තර පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවක ගෘහ උපකරණ 1200 ක් හා විදුලි උපකරණ 600 ක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.

ඡායාරූප විස්තරය-

1. නවතම Singer Care යෙදවුම (App)

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.