𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz හච් නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය වන් ගෝල් ෆේස් හිදී විවෘත වේ

හච් නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය වන් ගෝල් ෆේස් හිදී විවෘත වේ

| | 0 Comments |

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස් හිදී විවෘත කරන ලදී.  සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් හි සිව්වන මහලේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටා ඇත. 

මෙම නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය, හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් කළමණාකාරීත්වය සහභාගී වූහ.

හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස විවෘත කරන ලද මෙම සේවා මධ්‍යස්ථානය හරහා පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් එකම වහලක් යටින් ඉතාමත් කඩිනමින්, දක්ෂ සහ පළපුරුදු සේවක මණ්ඩලයක් හරහා ලබා ගැනීමේ අවස්ථාව දැන් සියලුම පාරිභෝගිකයින්ට හිමි වේ.

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, මෙරට සන්නිවේදන සේවා සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමකි. 2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, 078 හා 072 අංක දරන හච් පාරිභෝගිකයින්  හට සේවාවන් පිරිනමිමින්, හච් ජාලය දීප ව්‍යාප්ත දැවැන්ත 4G ජාලයක් ලෙසින් ව්‍යාප්ත කෙරිණි. ඒ සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම හච් පාරිභෝගිකයින්ගේ ජාල අවශ්‍යතා සපුරාලීම පිණිස ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් වෙත හැකියාව සැලසී තිබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයිස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ  ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම