𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

| | 0 Comments |

කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත.

එම වාර්තාවට අනුව,  ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් (ලංකා) ‍සමාගම ශ්‍රේණිගත කර ඇත්තේ, (රුපියල් බිලියන 20-100 අතර වත්කම් පදනමක් සහිත) දෙවන පෙළ ලැයිස්තුගත සමාගම් 12 අතරෙහි ප්‍රමුඛයා ලෙසිනි. සිංගර් ෆයිනෑන්ස් සඳහා වන මෙම ශ්‍රේණිගත කිරීම හිමි වන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ සමාගමක් ලෙසින් 2019 / 20 මූල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුව අළලා,  ඔවුන්ගේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමිනි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගමේ සභාපති අරවින්ද පෙරේරා මහතා අදහස් දැක්වීය. “මෙම ඉහළම ශ්‍රේණිගත කිරීම, සිංගර් ෆයිනෑන්ස් සමාගමෙහි විශ්වාසනීයත්වය හා ආයෝජන මත ලබාගත් ප්‍රතිලාභ පිළිබඳ වර්ධනය වන පිළිගැනීම පැහැදිලිව පෙන්නුම් කරන්නක්. මෙය ක්ෂේත්‍රයෙන්  අපට ලැබුණු විශ්වාසනීය පිළිගැනීමක්. ඒ නිසා මෙම ශ්‍රේණිගත කිරීමෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ”

මෙම වාර්තාවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් ඔවුන්ගේ වත්කම් පදනම අනුව, ඒ හා සමාන අනෙකුත් සමාගම් සමග  කාණ්ඩගත කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ. ඒ අනුව, සිංගර් ෆයිනෑන්ස් “2 වන කාණ්ඩයේ” සමාගම් අතර ඉහළින්ම පවතින සමාගමක් බවට පත් වී තිබේ.

“මෙම වාර්තාවේ ප්‍රතිඵල මගින්, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අංශයේ, අනාගත අපේක්ෂාවන් සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතීන් ළඟා කර ගැනීම වෙනුවෙන් සිංගර් ෆයිනෑන්ස් දක්වා ඇති කැපවීම පිළිඹිබු කෙරෙනවා” යනුවෙන් සිංගර් ෆයිනෑන්ස් සභාපති අරවින්ද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් ශ්‍රේණිගත කිරීම’ නම් මෙම වාර්තාව මගින්, කොළඹ කොටස් හුවමාරු අතුරු වාර්තාවල සඳහන් කාර්ය සාධන ප්‍රතිඵල අනුව මූල්‍ය සමාගම් ශ්‍රේණිගත කෙරිණි. සමීක්ෂණය සඳහා පාදක කර ගත් නියැඳිය, කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති අහඹු ලෙස තෝරාගත් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වලින් සමන්විත විණි. සමාගම් විසින් ප්‍රකාශයට පත් කරන ලද, නවතම කාර්තුමය මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව එමගින් සමාගම් කාණ්ඩගත කෙරේ. ඒ අනුව, වත්කම් පදනමේ ප්‍රමාණය මත පදනම්ව මූල්‍ය සමාගම් කාණ්ඩ හතරකට වර්ග කෙරිණි. 1, 2, 3 සහ 4 යන කාණ්ඩවලින් දැක්වෙන්නේ සමාගම්වල වත්කම් පදනම පිළිවෙලින්, රුපියල් බිලියන 100 ට වඩා විශාල වත්කම් සහිත සමාගම්, වත්කම් පදනම රුපියල් බිලියන 20-100 අතර වන සමාගම්, වත්කම් පදනම රුපියල් බිලියන 10-20 අතර සමාගම් හා  සහ වත්කම් පදනම රුපියල් බිලියන 10 ට වඩා අඩු සමාගම් ලෙසිනි. එම වර්ගීකරණයට අනුව සිංගර් ෆයිනෑන්ස්, රුපියල් බිලියන 20-100 අතර වන වත්කම් පදනමක් සහිත ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ සමාගම් අතර, ප්‍රමුඛතම සමාගමකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

UNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in ShanghaiUNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in Shanghai

The United Nations Industrial Development Organization (UNIDO), Huawei, and other partners officially launched the “Global Alliance on Artificial Intelligence for Industry and Manufacturing” (AIM Global) on 6 July 2023, at